අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කහවත්තෙ දී ජනක සුනෙත් ගේ මව ඝාතනය කළේ ඔහුගේ සොයුරිය නොවෙයි… දැන් පොලිසිය කියයි!

by editor
දෙසැම්බර් 29, 2023
in පුවත්
kahawatta
Share on FacebookShare on Twitter

කහවත්තේ දී  සිය මව ඝාතනය කිරීමේ වරද පටවා ලෝක ගර්හාවට ලක් කරමින් අත් අඩංගුවට ගත් ඒ මවගේ  දියණිය එම ඝාතනයට වරදකරු නොවන බව දැන් පොලිසිය කියයි.  පොලිසිය පවසන්නේ  සාක්ෂි සහිතව මේ  වනවිට  නියම ඝාතකයා පොලිස් අත් අඩංගුවට පත් වී ඇති බවය. ඒ කතාව කියන්නේත් පොලිසිය ය.

එසේනම්    පොලිසිය මෙවර හැසිරී ඇත්තේත් කහවත්ත කොටකෙතන දී හැසිරී තිබුණු ආකාරයටමය. කොටකෙතන ඝාතනයට  නිරපාරද මිනිස්සු  එල්ලුම්ගස් ගිය ඉතිහාසයක් තිබිණි.  සමහරු අතුරුදහන් වූහ. අදටත් උන් ගැන තොරතුරු නැත. සැබෑ දාම ඝාතකයා අහඹු ලෙස අසුවනවිට පොලිසිය නිවැරදි කළ නොහැකි වරද රාශියක් සිදුකර තිබිණි.

අපරාධ ඉක්මනින් විසඳා අත් පිසදාගැනීමටත් ලකුණු දමා ගැනීමටත්   පවතින පොලිසියේ කුපාඩි තදියම අපට හෙළිවූයේ වරක් දෙවරක් නොවේ. කහවත්ත කොටකෙතතනදී එය අත්දුටුවේය. කොටදෙණියාවේ අකරන්ගහ දී ඝාතනය කළ  සේයා සෙව්මිණි දැරියගේ ඝාතකයා සොයාන්නට ගොස් අවුරුදු 18ක කොලු ගැටයෙකුත් උස්සන් ගියේය. ඒ උගේ ලැප්ටොප් පරගණකයේ බ්ලූ ෆිල්ම්ස් තිබුණු බව කියමිනි.  අනතුරුව දුනේෂ් ප‍්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැත්තේක් අල්ලාගෙන මරා දමන තැනට වැඩ හැදුවේය. අන්තිමේ  දී සැබෑ ඝාතකයා අත් අඩංගුවට ගත් බව කීවේය.

මෙය අප දකින යථාර්ථය ය. පොලිසිය නඩු නැතිනම් නඩු හදන්නේය.  පාතාල අපරාධකරුවන්ගෙන් අඩක් පොලිසියේ නිර්මාණ බව නිසි සමාජ පර්යේෂණයක් සිදුකළහොත් වැටහී යනවා ඇත. නීතිය ක්‍රියාත්මක නොකිරීමට වඩා බරපතල අපරාධයක් හිතූ මනාපයට අතාර්කිකව නිතිය අවලමේ යැවීමෙන් සිදුවන බව යළිත් කහවත්තේ දී අපට කියා දී තිබේ.  ඒ ජනක සුනෙත් බණ්ඩාරගේ මවගේ ඝාතනය සම්බන්ධව ඔහුගේ අවිවාහක සොයුරිය මත ඝාතන වරද පැටවීමෙනි. ඒ පිළිබඳව නිසි තහවුරු කිරීමකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු මුදා හැරීමෙනි.

ඛේචවාකය වන්නේ  ජනක සුනෙත් බණ්ඩාරත් මාධ්‍ය වේදියෙක් වීමය. පොලිසිය මාධ්‍ය හා එක්ව ජනක සුනෙත් බණ්ඩාර දෙවරක් මරා දැම්මේය. ඔහුගේ සොයුරිය මාතෘ ඝාතක දුෂ්ඨ කාන්තාවක් කර මරා වළ දමා ඒ මත ගසුත් පැළ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය ඇයගේ මව ඝාතනය කිරීමේ වරද පැටවීමට ඇය ප්‍රමාද වී රැකියාවට යෑම, අත් පැළඳී ඔරලෝසුව බිම වැටී තිබීම, මරා දැමූ මවගේ රන් ආභරණ කොල්ල කා නොතිබීම,  අම්මා සහ දුව නිරන්තරව නොහොඳින් සිටි බවට අසල්වැසි ගැහැණුන් කී ඕපාදූප මුල් කරගත්තේය. ඇයව මවගේ ඝාතනයට සැක බව මාධ්‍යයටත් පවසා අත් අඩංගුවට ගත්තේය.

ඝාතනය හා ඝාතන සැකය –

ජනක සුනෙත් බණ්ඩාරගේ අම්මා ඝාතනය වන්නේ පසුගිය 13 වැනිදා ය. ඒ කහවත්ත වැල්ලඳුර වෙලේවත්ත පිහිටි නිවසේදීය. ඇයගේ  ගෙල කපා අභිරහස්  අන්දමින් ඝාතනය කර තිබිණි. පොලිසිය මුලින්ම කීවේ  ඇගේ සමීපතම ඥාතියකු විසින් මේ ඝාතනය  කළේද යන්න ගැන පොලිසිය සැක පහළ කරන බවය.

අනතුරුව  මියගිය මවගේ දියණියගෙන් ඇතුළු ඥාතීන් කීප දෙනකුගෙන් මෙන්ම අසල්වාසීන් කීප දෙනකුගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. ඒ අසල්වැසියන් කියා තිබුණේ අම්මා සහ දුව හබ කරන බවය.

ඝාතනය වූ මෑණියන්   විනීතා ජයසුන්දරය.  ඇය  හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර ගේ වැඩිමහල් සොහොයුරියද වූවාය. එමෙන්ම විනීතා මාතාව  රන්තපුර දිස්ත්‍රික් සමුපකාර ව්‍යාපාරයේ හිටපු සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කළ  අතර   ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවිකාවක ලෙසද කටයුතු කරමින් සිටියා ය.

විනීතා මාතාව සිය බාල දියණිය සමඟ කහවත්ත නිවසේ පදිංචිව සිටියාය.   අවිවාහක තරුණියක වන බාල දියණිය සිටියේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමිනි.

13 දා සවස බාල දියණිය රැකියාව නිමකර සවස 3.50 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ ඇගේ මව මුළුතැන් ගේ තුළ රුධිරය ගලන තුවාල සහිතව මියගොස් සිටිනු දැක ඇත.

පසුව ඇය ඒ බව අසල්වාසීන්ට දැනුම්දීමෙන් පසු කහවත්ත පොලිසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව කහවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර අපරාධ පරීක්‍ෂණ සොකෝ නිලධාරීහුද පැමිණ විමර්ශන පැවැත්වූහ.

ඝාතන සැකය දියණියට –

එහිදී හෙළිවී ඇත්තේ විනීතා මාතාව ඝාතනය කළ නිවසේ සාලයේ තිබූ රුධිරය පැල්ලම් ඝාතකයා විසින් සෝදාහැර ඇති බවයි. සාලයේදී ගෙල කපා ඇය ඝාතනය කළ ඝාතකයා ඇගේ සිරුර බිම දිගේ මුළුතැන්ගෙය දෙසට ඇදගෙන ගොස් ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබිනි.

ඝාතනයට ලක්වන අවස්ථාවේ විනීතා මාතාව පැළඳ සිටි රන් මාලය කරාබු යුගලය ඇතුළු භාණ්ඩ කිසිවක් ඝාතකයා රැගෙන ගොස් නැති බවද පොලිසිය කීවේය.

ඝාතකයා මංකොල්ල කෑමට පැමිණි අයකු බවට මතුවන සැකය රන් භාණ්ඩ රැගෙන නොයෑම නිසා පහව යන බවද පොලිසිය  කීවේය.  කහවත්ත පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ  කළේය.   විමර්ශන මෙහෙයවූ පොලිසිය ඝාතන සැකය මුලුමනින්ම විනීතා මාතාව සමග ඇයගේ සුවදුක් බලාගෙන සිටි ඇයගේ දියණිය මත පැටවීමට කටයුතු කළේය. ඇයව අත් අඩංගුවට ගත්තේය. රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන දිගින් දිගටම ප්‍රශ්න කළේය.

සැබෑ ඝාතකයා අසුවන බව කියන්නේ  මේ අතරය. අද ඔහුව අත් අඩංගුවට පත් වී ඇත. දැන් පොලිසිය විසින් හඳුන්වා දෙන මේ ඝාතකයා පෙදරේරුවෙකි. කලින් යුද හමුදාවේ සේවය කර සේවයෙන් ඉවත් වූ පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා විනීතා මාතාවගේ නිවෙසේ යම් අලුත්වැඩියා කිරීම් වලට පැමිණ තිබිණි. ඒ පැමිණි අවස්ථාවේ දී නිවසේ තිබූ රන් භාණ්ඩ කීපයක් මේ තැනැත්තා සොරකම් කර තිබී ඇත. ඒ බව නිසැකවම දැනගත් විනීතා මාතාව මේ පුද්ගලයා අමතා පවසා ඇත්තේ සොරකම් කිරීම දන්නා බවත්,  ගැටලුව පොලිසියට නොගොස් බේරා ගැනීම සඳහා වහාම සොරකම් කළ රන්  භාණ්ඩ ගෙනත් දෙන ලෙසත්ය .

එම භාණ්ඩ ගෙනත් දෙන බවට පොරොන්දු වී කට්ටි පනිමින් සිටි පුද්ගලයා අමතා විනීතා මාතාව අවසන් දිනයක් දන්වා එදිනට පෙර රන් භාණ්ඩ ගෙනත් නොදුනහොත් පොලිසිය යන බව මෙම පුද්ගලයාට දන්වා ඇත.

ඝාතකයා  මේ මාතාව ඝාතනය කර ඇත්තේ පොලිසියට යන බව කියා දින වකවානු ප්‍රකාශ කිරීමෙන් පසුව බව දැන් පොලිසිය පවසයි.

මේ සැකකරු සම්බන්ධව පැන නැගෙන පොලිස් තොරතුර කෙතෙක් දුරට සත්‍යපාන කළ හැකිදැයි යන්න ඉදිරියේ දී තීරණය වනු ඇත. දැනට කිව හැක්කේ ජනක සුනෙත් බණ්ඩාරගේ මව ඝාතනය කිරීමේ චෝදනාවෙන් ඔහුගේ අවිවාහක සහෝදරිය නිදහස් බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තමන්ගේ වාහනය අනතුරට ලක් කළ ජිප් රියේ සනත් නිශාන්ත සිටිනු දුටු වින්දිතයෙකුගෙන් සනත් නිශාන්තගේ ජිප් රියට ප්‍රහාරයක්….

Next Post

කුසල් මෙන්ඩිස්… කවදාවත් හැදෙන්නේ නැති ත්‍රාඩයා ශ්‍රී ලංකා නායකත්වයට නුසුදුසු බව යළිත් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.