උගන්ඩාවේ නොව මොන අබුඩාබියේ තිබුණත් රාජපක්ෂලා හොරකම් කළ සල්ලි සොයන පරීක්ෂණ කරන බවත් එතෙක් කලබල නොවී සිටින ලෙසත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ නාමල් රාජපක්ෂට පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අතර මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. උගන්ඩාවේ සඟවා ඇතැයි කී ඩොලර් හැකිනම් දැන් රැගෙන එන ලෙස නාමල් රාජපක්ෂ මාලිමා රජයට කළ අභියෝගය ගැන ඇසූ ප්‍රශ්නයට වසන්ත සමරසිංහ මෙසේ පිළිතුරු දුන්නේය.
නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා අපි ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ පරික්ෂණ යටගහයි කියලා .. නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා
අපි ඩුබායි ගිණුම් වල සල්ලි මාරු වුණ එවා හොයන් නැතුව ඉඳියි කියලා . නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා රවී වෛද්යලංකාරත් එක්ක ඩීල් දාලා යටගහපු ෆයිල් අවුස්සන් නැතුව ඉඳියි කියලා … නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා
රෝහිත රාජපක්ෂ ගත්ත කෝට්ටේ දූව පාර ඉඩම් වල පරීක්ෂණ යට ගහයි කියලා ..
නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා ගවස් ලේන් එකේ ගත්ත ඉඩම් වල පරීක්ෂණ යට ගහයි කියලා … නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා ක්‍රෂ් ගණුදෙනුවේ නාමල් ලබා ගත් මුදල් වල පරීක්ෂණ යට ගහයි කියලා …
රට වටේටම ගත්ත ඉඩම් , කොම්පැනිවල ගත්ත කොටස් , නොකැපු මැණික් ගල් ගත්ත මුදල් හොයා ගත්ත පරික්ෂණ පරික්ෂණ යට ගහයි කියලා …
ඒ නිසා උගන්ඩාවේ නෙමෙයි මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොයන පරීක්ෂණ කරනවා. ඒ විරක් නෙමෙයි , හොරාකාපුවා ගන්නවා .. හොරුන්ට නිසි දඬුවම් දෙන්න අධිකරණ ක්‍රියාවලියක් තුළ අපේ ආණුඩුව කටයුතු කරන්නත් මැදිහත් වෙනවා.







