ශ්‍රියානි විජේසිංහ –
ග්‍රාම නිලධාරින්ගේ සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරි සංගම්වල අවසරයකින් තොරව ආණ්ඩුව ගැසට් කළහොත් ඒ මෙහොතේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීරණ වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පවසා සිටියි.
ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු විසදීම සදහා ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරයා සහ නිලධාරින් සමග ඊයේ පැවැත් වූ සාකච්ඡාවේදී ග්‍රාම නිලධාරීන් විසින් සංශෝධනය කර තිබෙන සිය සේවා ව්‍යවස්ථාවට අනුමැතිය නොලැබී ඇති බවද ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ.
සේවා ව්‍යවස්ථාව ගැසට් කර පසුව සංශෝධනයක් ගැන සලකා බැලි හැකි බවට අමාත්‍යංශය ලේකම්වරයා කරන ප්‍රකාශයන් පිලිබඳව කිසිදු විශ්වාසහක් ග්‍රාම නිලධාරීන්ට නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.
ග්‍රාම නිලධාරින්ගේ දීමනා ලබා දීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ ඒ දීමනා ලබා දිය හැක්කේ ලබන අයවැයෙන් පසුව බවය.
විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දුන් රුපියල් 25000ක දීමනාව ලබා දිය හැකි නම් ග්‍රාම නිලධාරීනගේ දීමනාවන ලබා දිය නොහැක්කේ ඇයිද යන්න පිලිබදව ඔවුහු රජයෙන් ප්‍රශ්න කර සිටිති.
පසුගිය මාර්තු මාසයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ දිසත්රික්ලෙකම්වරුන්ගේ දීමනාවන් රුපියල් 1000න් 15000න් වැඩ කිරිමට අත්සන් තැබුවේත් මේ ලේකම්වරයාවම බවද ග්‍රාමනිලධාරීන් පෙන්වාදේ.
ග්‍රාම නිලධාරීන් තම දීමනාවන් ලෙස ඉල්ලා සිටින්නේ දැනට ලැබෙන මාසික ගමන් වියදම් දිමනාව රුපියල් 600 සහ නිලඇදුම් දීමනාව ලෙස වසරක ලැබෙන රුපියල් 5000ක දීමනාව වැඩිකර දෙන ලෙසය යැයිද ග්‍රාම නිලධාරින්ගේ සංගම් පවසා සිටිති.









