කීර්ති ප්‍රනාන්දු –
ව්‍යාජ නිරෝධායන ලේඛන සකස්කර ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කළ කරුංකා කන්ටේනර් තොගයක් ප්‍රති අපනයනය කිරීමේ සිද්ධියට අදාළව කෘෂිකර්ම අමාත්‍යංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක සහ උපදේශකවරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
පසුගිය 2020 අගෝස්තු මස දී මෙම කරුංකා කන්ටේනර් තොගය මෙරටට ගෙන්වා ඇති අතර එය භෞතික පරීක්ෂාවකින් තොරව ව්‍යාජ නිරෝධායන ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශකවරයා කියයි.
රේගු දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව මෙම අපනයන වංචාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගු ප්‍රධානියකු ඇතුළු ඇතුළු පුද්ගලයන් රැසක් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.