අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටියේ  ළමා අපචාර දොස්තරගේ කුපාඩිකම   රෝහලේ විමර්ශනයෙන් වැහෙන ලකුණු… 

by editor
සැප්තැම්බර් 11, 2022
in පුවත්
CHILD ABUSE
Share on FacebookShare on Twitter
  • දොස්තර අපචාරයක් නොකළ බව උපස්ථායිකාවක් කියයි!… දොස්තර නොගාවා විමර්ශන කළ හැකිදැයි කරාපිටිය දොස්තරලා පොලිසියෙන් විමසලා…   

  • චෝදනා ලද වෛද්‍යවරයා අතුරුදහන්… පොලිසිය විමර්ශන අරඹයි…

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි  අනතුරු ඒකකයේ විකිරණ අංශය තුළදි 15 හැවිරිදි දැරියක් බරපතල ලෙස  ලිංගික අපයෝජනය කළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල මගින්ද පරික්ෂණයක් ආරම්භකොට ඇති බැව්  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය වෛද්‍ය  එස් පි. යු.එම්  රංග   පවසයි.

මේ පිළිබද පොලිසිය මගින් ද  විමර්ශනයක් සිදුකරණ බව සඳහන් කළ රෝහල් අධ්‍යක්ෂකවරයා මෙම සිද්ධිය සම්බන්දව ආයතන මට්ටමින්ද පරික්ෂණයක් ආරම්භකොට ඇති බව කියයි. 

මෙම සිද්ධිය සම්බන්ද පැමිණිල්ල දැරිය නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා විසින්  තමන් වෙත යොමුකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

දැරිය ස්කෑන් පරික්ෂණයට ලක්කරන අවස්ථාවේ දි එහි රෝහල් උපස්ථායිකාවක් ද සිට ඇති බවත් එවැනි සිද්ධියක් සිදුවී නොමැති බවට එම උපස්ථායිකාව සඳහන්කොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. 

මෙම දැරියගේ මව විසින්  මෙම සිද්ධිය සම්බන්දව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තාකාර්යංශය වෙත කරණු ලැබු පැමිණිල්ලකට අනුව අදාල  වෛද්‍යවරයා සම්බන්දයෙන්  විමර්ශනය ආරම්භකොට ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම දැරිය  රෝගි තත්වයකට ප්‍රථිකාර ගැනීම සදහා  මවත් සමග ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රථිකාර ලබාගෙන සිට ඇත. ඉකුත් 08 වැනිදින දැරිය ස්කෑන් පරික්ෂණයක් සඳහා  විකිරණ අංශය වෙත ගොස් ඇත.  ස්කෑන් පරික්ෂණය සිදුකිරිමේ දී එහි සිටි සැකකාර  වෛද්‍යවරයා විසින් මෙම දැරිය බරපතල ලෙස ලිංගිකව අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි.

ස්කෑන් පරික්ෂණයෙන් පසු දැරිය නේවාසිකව සිටින වාට්ටුවට ගොස් ඇත. තමන්ගේ රහස් ප්‍රදේශය රිදෙන බව දැරිය තම මවට ප්‍රකාශකොට ඇත. ඒ පිළිබද මව දැරියගෙන් විමසා ඇත. දැරිය මවට  සියල්ල ප්‍රකාශකොට ඇත. 

පසුව  මේ පිළිබඳ රෝහලේ වාට්ටුවේ සිටි ප්‍රධාන වෛද්‍යවරයාටද  පැමිණිලි කර ඇත. පසුව මේ පිළිබද මව දැරියත් සමග පැමිණ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තාකාර්යංශය වෙත පැමිණිලිකොට ඇත. දැරියගෙන් මේ සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

සිද්ධියට සම්බන්දබව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනිම සඳහා පරික්ෂණ පවත්වන බව ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපතිද සිල්වා පවසයි. නමුත් සිද්ධිය සිදුවී දින තුනක් ගතවනතුරුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වි නැත.

චූදිත වෛද්‍යවරයා මේ වනවිට සැඟවී සිටින බවත් අපචාර සිද්ධිය සම්බන්ධව වෛද්‍යවරයාගේ සම්බන්ධය පිළිබඳව වසන් කිරීම  සඳහා බලපෑම් එල්ලවෙමින් ඇති බවත් වාර්තා වෙමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහල් ආසාදිත අපද්‍රව්‍ය බැහැර කරන සමාගම අපද්‍රව්‍ය බැහැර කිරීම  අත්හරී… රෝහල්වල කුණු ගොඩගැසේ…

Next Post

හැට නවලක්ෂය නිසා අනාථ වූ 57 ලක්ෂයට ඇමෙරිකාවේ පවර්ගෙන් “ඩොලර් පවර් එකක්” !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.