සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරලා තියෙන්නේ අනවශ්‍ය වැඩක්… කොවිඩ්වලින් බේරෙන්න මුව ආවරණ පළඳින ලෙස ලියුමක් ගැසූ බස්නාහිර පළාත් ලේකම්ට සෞඛ්‍ය ලේකම් දන්වයි!

by editor
ජූනි 4, 2025
in පුවත්
anil-jasinghe-1
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                     

දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වයිරස ප්‍රභේදයක් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය  මගින්  අනතුරු අඟවා තිබෙන එබැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලු ස්ථානයන්හි කටයුතු කිරීමේ දී මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස දන්වා,   බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව යවා ඇති ලිපිය ප්‍රමාණය ඉක්මවූ භීතියක් මවන අනවශ්‍ය එකක් බව දන්වමින්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ   බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යවා තිබේ. 

“මුඛ ආවරණ පළඳින ලෙස දැනුවත් කිරීම” යන ශීර්ෂය යටතේ 2025.06.02 දාතමින් යුතුව සියලුම කාර්ය මණ්ඩල දැනුම්වත් කරමින් බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) විසින් මෙම ලිපිය යවා තිබිණි.  

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තමන් යැවූ ලිපියෙන් බස්නාහිර පළාත් ලේකම්ගෙන් ඉල්ලා ඇත්තේ පලාත් සභාව විසින් යැවු  අදාළ ලිපියේ නිකුත් කරන ලද උපදෙස් නැවත සලකා බලා කටයුතු කරන ලෙසය.   ඔහු පෙන්වා දෙන්නේ  කාර්යාල තුළ මුඛ ආවරණ පැළදීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමේ  අවශ්‍යතාවයක් මේ අවස්ථාවේ දී පැන නොනගින බවය. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් COVID 19 ගෝලීය වසංගතය වර්ෂ 2023 මැද භාගයේ දී නිමා වීමෙන් පසුව ශ්වසන රෝග ආවේක්ෂණය සහ පාලන ක්‍රියාවලිය යටතේ COVID 19 රෝගය ද අනෙකුත් බෝ වන රෝග ගණයට ඇතුළත් කර ඇති බව  සඳහන් කර තිබේ.

ඒ බැවින් ඉන්ෆ්ලුවන්සා වැනි ශ්වසන රෝග තත්වයක් වැසි කාලයේ දී වැඩිවීමත් සමග COVID 19 රෝගය ද ඇතිවීමේ හැකියාවක් තිබෙන බවත් පොදුවේ ගත් කළ ශ්වසන රෝග කළමනාකරණය සහ වළක්වා ගැනීම පොදු ක්‍රමවේදයන් අනුව සිදු කරන බවත්   දක්වා ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

එබැවින් COVID 19 වළක්වා ගැනීම ද විශේෂ අවදානම් තත්වයක් ලෙස දැනට සැලකීමට අවශ්‍යතාවයක් නොමැති බව ද මෙම අවස්ථාවේ දී මෙවැනි විශේෂිත ක්‍රියාමාර්ග පොදුවේ නිර්දේශ කිරීමෙන් අනිසි ප්‍රථිපල ඇතිවිය හැකි බව ද අදාළ ලිපියේ සඳහන් කර ඇත.

මේහි දී වැඩිදුරටත් අදාළ ලිපිය මඟින් කරුණු දක්වන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ආයතන වෙත මෙවැනි නි ර් දේශ  ලබා දීම අනිසි බියක් ඇති වීම සහ එදිනෙදා කටයුතුවලට බාධාකාරී තත්වයක් උද්ගත වීමට බලපානු ඇතැයි ද එබැවින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසා බලා පමණක් මෙවැනි උපදෙස් ලබා දෙන්නේ නම් මැනැවැයි ද දන්වා තිබේ.

තව ද මෙම වකවානුවේ දී  මුව ආවරණ වැනි  මෙවලම් පොදුවේ නි ර් දේ ශ නොකළ යුතු අතර පෞද්ගලික ආරක්ෂාව පිණිස යම් අයෙක් ස්වේච්ඡාවෙන් හෝ වෛද්‍ය උපදෙස් මත මුව ආවරණ පළදින්නේ නම් ඒ පිළිබඳ ගැටලුවක් නොමැති බව ද ලේකම්වරයා අදාළ ලිපියේ සඳහන් කර ඇත.

තව ද, කැස්ස, සෙම්ප්‍රතිශයාව (ඉන්ෆ්ලුවන්සා වැනි) ඇති අය සේවයට පැමිණීම සීමා කිරීමේ අවශ්‍යතාවයක් නැතැබවත් ලෙක්ම්වරයා දන්වයි.  පෞද්ගලික ස්වස්ථාවය පවත්වාගැනීම සහ අන් අයට රෝග බෝ වීමේ හැකියාව අඩු කිරීම සඳහා එවැනි රෝග ලක්ෂණ ඇති අය පමණක් මුව ආවරණ පැළදීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය  කිරීමේ වැදගත්කම ලේකම්වරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රකාශයක් ලබා දීමට දයාසිරි CID එයි…

Next Post

කොළඹ නගර සභාවේ සජබ පුරපති අපේක්ෂකයා රීසා සරූක්….

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.