බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරන්න බැරි වැඩක් ගැන කෘෂිකර්මෙන් දුන් පොරොන්දුවක් මහවැලි මිරිස් ගොවීන් හාන්සි කරයි!  

by editor
නොවැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න –

කෘෂිකර්ම  අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියට අනුව මහවැලි බී කලාපයේ  මිරිස් වගා කළ තමන්ට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පොරොන්දු වූ පරිදි  මිරිස් වේලා ගත හැකි   තාක්ෂණික යන්ත්‍රය ලබා නොදීම නිසා තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව මහවැලි බී කලාපයේ මිරිස් ගොවීහු  පවසති.

මේ දිනවල  මිරිස් අස්වනු නෙළුව ද ඒවා  වෙලා ගැනීමට වර්ෂාවෙන්  බාධා  එල්ල වන බවත්  ඝනකමින් යුත් මෙම  මිරිස් ප්‍රභේදය  වියලා ගැනීමට ගම්මාන මට්ටමින් ගොවීන්ට  මිරිස් වෙලා ගත හැකි යන්ත්‍ර ලබාදෙන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අදාල නිලධාරීන් පොරොන්දු වුවත් ඒවා නියමිත කලට ලබා නොදීම නිසා වියලා ගැනීමට නොහැකි වූ මිරිස්   කිලෝ දහස් ගණනින්  කුණුවීමට පටන් ගෙන ඇති බවත්  වියලි මිරිස් වෙනුවට ගොවීන්ට අමුමිරිස්  කිලෝව රුපියල්  150 ක් වැනි අඩු   මුදලකට ලබාදීමට සිදුවීමෙන් විශාල  වශයෙන් පාඩු  විඳීම්ට සිදුව ඇති බවත්  මිරිස් ගොවීහු  සඳහන් කරති.

ගිනිදමන, ගල්තලාව, කටුවන්විල, දිඹුලාගල, සෙවනපිටිය, වැලිකන්ද ඇතුළු මහවැලි බී කලාපයේ ගොවීන් හැටකට ආසන්න සංඛ්‍යාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියට අනුව අක්කර  150කට ආසන්න සංඛ්‍යාවක මිරිස් වගා කර ඇත.

එක් ගොවියෙකුට මිරිස් වගා කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක්  වැය වී ඇති බවත්, එම  මුදල් සොයාගත්තේ තම කන කර     බැංකුවට උසස් කිරීමෙන් බවත්, කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් අදාළ මිරිස් වේලන යන්ත්‍රය සහ වෙළඳපලක්  හඳුන්වා  නොදීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින  බව වැලිකන්ද  ගිනිදමන  ගම්මානයේ එම   ව්‍යාපෘතියට අනුව මිරිස් වගා කළ ගොවියෙක්වන  එල්. එම්. ඩබ්ලිව්. වීරසේකර  සඳහන් කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මිරිස් වගා කළ ගොවීන්ට  අදාල බීජ, පුහුණු උපදෙස්, අධීක්ෂණ කටයුතු  කෘෂිකර්ම   අමාත්‍යාංශයේ නිලධාරීන් නොමිලේ  සිදුකළ ද ගොවීන්ට පොරොන්දු වූ  මිරිස් වේලා ගැනීමට අත්‍යවශ්‍ය යන්ත්‍රය එම නිලධාරීන්  ලබා නොදීම නිසා ගොවීන් අධෛර්යමත් වී පාඩූ විඳීමක් සමග දැඩි කළකිරීමට පත්ව සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම මිරිස්   ප්‍රභේදයේ අස්වැන්න ඉතා සාර්ථක බවත්, එම  තත්ත්වය මත  එළඹෙන කන්නේ දී  මහවැලි බී කලාපයේ පමණක්  ගොවීන් 300ට වැඩි ප්‍රමාණයක් අයදුම්පත්‍ර ලබා දී මිරිස් වගා කිරීම්ට සූදානම්ව සිටින බවත්, මෙම   ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට පොරොන්දු වු මිරිස් වේලන යන්ත්‍රයක්, අදාළ වෙළෙඳ පොළත් සකසා දෙන ලෙස මිරිස් ගොවීන් වෙනුවෙන් තමන් ඉල්ලා සිටින බවත් හෙතෙම   මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ අදාළ  වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අප ගොවීන් නගන චෝදනා පිලිබදව කෘෂිකර්ම  අමාත්‍යංශයේ කෘෂිකර්ම   නවීකරණ  ව්‍යාපෘතියේ උතුරු මැද ප ලාතේ මෙහෙයුම් හා ඇගයීම් නිලධාරි   ආර්.එම්.එන්.රත්නායකගෙන්  දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.

අපිත් අසරණයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

“ගොවීන් ඔය  කියන්නෙ ඩ්‍රයර් එකේ ප්‍රශ්නය ගැන. අපි ඒක දෙනවා කියල පොරොන්දු උනා තමයි. නමුත් සල්ලි තිබ්බට ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා.අපි අනුරාධපුරයට  ඒ   ඩ්‍රයර් එකක් අරන් දුන්නා. අපි  මොණරාගලට, මුලතිව්, යාපනය, නුවර, සහ පොලොන්නරුවට  ඕඩර් කරපුවා තාම ලැබිලා නැහැ . ඕවට යකඩ ගන්ඩ ඕනේ. ඔය යකඩ පිට රටින් ගෙන්වන්න ඕන දේවල්. සල්ලි තිබ්බා කියලා ඒවා අපිට එක පාරට ගෙන්නන්න ක්‍රමයක් නැහැ. “

“මාස කීපයක් ගත වේවි. මේ ප්‍රශ්නෙදි අපි හරි  අසරණයි. නොහිතපු වැස්සකුත් ආවා. ගොවීන්ගේ  මිරිස් අස්වනු වැස්සට තෙමුනා. අපි ඒවා  පිළිගන්නවා. අපි උපරිම උත්සාහ කරනවා මේ දෙසැම්බර් මාසෙ වෙද්දි ඒ ඩ්‍රයර් එක පොලොන්නරුවේ ගොවීන්ට ලබා දෙන්න.“

“ඔය මැෂින් එක හදන්නේ මාතලේ, ඉතින් ලොකු ඕඩරයක් ආපුවහම මාස හතරක් විතර යයි මැෂින් එකක් හදන්න. ඕකයි ඇත්ත කතාව.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති පුතුන් තිදෙනාම විස්සයි 20 ලෝක කුසලාන අවසන් තරග බලන්නට ඩුබායිවලට…

Next Post

අයවැය කාලය අතරතුර ඇමතිලාට විදේශ සංචාර තහනම්

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.