කරන්දෙණිය හමුදා කඳවුරේ තිබී අස්ථානගත වූ ටී-56 වර්ගයේ ගිනිඅවිය එම හමුදා කඳවුරටම අනුයුක්තව සේවය කරන හමුදා සෙබලෙකු ජීවත්වන බටපොල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබේ.
එම ගිනිඅවිය සමග සැකකාර හමුදා සෙබලා ද පොලිිස් අත්අඩංගුවට ගෙන ඇත.
මැගසින් කීපයක් සමග අත් අතුරුදහන් වී තිබුණු මෙම ගිනි අවිය දකුණේ පාතාල මිනීමැරුම් කීපයකට යොදා ගත් බවට තොරතුරු ලැබී තිබිණි.
රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානකගේ මාමණ්ඩිය ඝාතනය කරනු ලැබුවේත් මෙම ගිනි අවියෙන් විය හැකි බවට විමර්ශන අංශ සැක පහළ කළේය.
මේ හේතුව නිසාම අතුරුදහන් ගිනි අවිය සොයා පොලිසිය පුළුල් පරීක්ෂණයක් දියත් කළේය.