සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කම් බෑක් එක නියමයි… අපි ලකුණු 45කින් දිනුම්!

by editor
නොවැම්බර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විශිෂ්ට යළි පිබිදීමකි. ශ්‍රී ලංකා කණ්ඩායම දිනුම්ය. තරගය අතරතුර කඩා වැටුන මහා වැඩිකෝඩයෙන් පසු තරගය තීරණය කරන ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 45ක ජයග්‍රහණයක් ශ්‍රි ලංකා කණ්ඩායම ලැබුවේය.

දඹුල්ල ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවති නවසීලන්ත ශ්‍රී ලංකා – තරග තුනකින් යුත් එක් දින තරගාවලියේ මුල් තරගය අමත නොවන සටහනක් ඉතිරි කර තිබේ. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 49.2ක දී ලබා ගත් ලකුණු 324ට පිළිතුරු ලෙස ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව නවසීලන්ත කණ්ඩායමට පන්දු ඕවර 27ක් තුළ ලකුණු 220 ඉලක්කයක් ලැබී තිබිණි. පන්දු ඕවර 27 අවසානයේ නවසීලන්ත කණ්ඩායම ලබා ගන්නේ කඩුළු 07ක් දැවී ලකුණු 175කි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 45ක ගෞරවණීය ජයග්‍රහණය ලබන්නේය.

තරගය – ශ්‍රී ලංකා ඉනිම

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක් දින තරගයේ පළමු ඉනිම සැනකෙළියකි. තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහර දීම තේරූහ. එක්දින ජාත්‍යාන්තර තරගයක් දඹුල්ලේ මේ පැවැත්වෙන්නේ වසර හයකින් පසුවය. එබැවින් මේ තරගය සම්බන්ධව අප කවුරු තුළත් විචිකිච්ඡාවක් වූයේය. විස්සයි 20 තරගයක දී ලකුණු 108ක් ආරක්ෂා කරගෙන ජයග්‍රහණය ලබන්නට නවසීලන්තයට හැකි වූයේ මීට දින හතරකට පෙර මේ ක්‍රීඩාංගනයේ දීම ය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

එහෙත් අද මේ තණ තීරුව හැසිරෙමින් තිබුණේ පිතිකරණයේ පාරාදිසියක් ලෙසය. එය කදිම තරගයක් වුයේය. අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශතක ලබා ගත්හ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාවය වාර්තාගත එකකි. පළමු කඩුල්ල වෙනුවෙන් එක්දින ජාත්‍යාන්තර තරගයක දී නවසීලන්තයට එරෙහිව රැස් කළ වැඩිම ලකුනු සංඛ්‍යාව ලෙස මෙතෙක් පැවතියේ ජයසූරිය සහ තරංග අතර වර්ෂ 2001 දී ගොඩනැගුන ලකුණු 201 සම්බන්ධතාවය ය. එම වාර්තාව අද කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාදු බිඳ දැමූහ. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 206ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගන්නේ පන්දු 215ක් තුළය.

ඉනිමේ මුල් කඩුල්ල දැවී යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව 17ක්ව තිබිය දීය. ලකුණු 12කට පැතුම් නිශ්ශංක දැවී යන්නේ 3ඕවරයේ 4 වැනි පන්දුවේ දී ය. තුන් වැනි ඕවරය යවමින් සිටි ජාකොබ් ඩුෆී ගේ දෙවැනි සහ තුන් වැනි පන්දු දෙකට පිට පිට හතරේ පහර දෙකක් එල්ල කළ පැතුම් වම් ඉන්නට පිටින් ඉහළ නැගි ඩුෆී ගේ සිව් වන පන්දුවට අපර් කට් පහරක් එල්ල කළේය. පන්දුව ඉහළින්ම ඩීප් තර්ඩ් මෑන් කලාපයට යොමු විය. එය ලකුණු 6ය් යැයි සිතුන පහරකි. එහෙත් නේතන් ස්මිත් වේගයෙන සිය දකුණු පසට දිව විත් ගුවනට පැන ලබා ගත් විශිෂ්ට උඩ පන්දු රැකීමකින් පැතුම් පිටියෙන් ඉවත් වූයේය.

එතැන් සිට කුසල් සහ අවිශ්ක අතර ගොඩනැගෙන්නේ ප්‍රහර්ෂවත් ඉනිමකි. 3 වැනි ඕවරයේ යැවූ 4 වැනි පන්දුවේ දී පැතුම් දැවී ගිය පසු කුසල් සහ අවිශ්ක අතර ගොඩනැගෙන දිවිත්ව ශතක සම්බන්ධය නිමා වන්නේ 38 වැනි ඕවරයේ 2 වැනි පන්දුවෙනි. ඒ වනවිට අවිශ්ක පන්දු 115ක දි සිය ශතකය රැස් කරගෙන සිටියේය. ඉෂ් සෝධි එවූ පන්දුවකට විල් යන්ග් විසින් මිඩ් ඕෆ් හි සිට උඩ පන්දුව රැකගෙන ඔහුගේ ඉනිම නිමා කරන විට කුසල් සහ අවිශ්ක නවසීලන්තයට එරෙහිව වාර්තාවක් තබා අවසන්ය. අවිශ්ක දැවී ගිය පසු පිටියට පැමිණි සධීර සමරවික්‍රම සාර්ථක වූයේ නැත. ඔහු මුහුණ දෙන්නේ පන්දු 4කට පමණි. ලකුණු 05කට සධීර දැවී යන්නේය.

පන්දු 128ක දී ලකුණු 143ක් රැස් කරගෙන සිටිය දී කුසල් මෙන්ඩිස් දැවී යන්නේ 45 වැනි ඕවරයේ 2 වැනි පන්දුවේ දී ය. ලකුණු 150 පෙනි පෙනී කුසල් මෙන්ඩිස් දැවී යන්නේය. ජාකොබ් ඩුෆී පිට ඉන්නෙන් පිටත පතිත කළ පන්දුවට කුසල් එල්ලකළ පහර මදක් ඉපිලී එද්දී මිඩ් ඕෆ් හි පන්දු රකිමින් සිටි හෙන්රි නිකලොස් විසින් රැක පහසුවෙන් ගන්නේය. මෙන්ඩිස් පිටියෙන් ඉවත් වන්නේ නවසීලන්ත ක්‍රීඩකයින්ගේ ආදරය හිතෙන ක්‍රීඩා ශීලී ගුණය සහිත සුබ පැතුම් අතරය.

කුසල් දැවී ගිය පසු අසලංක සමග එක්වන ජනිත් ලියනගේ යළිත් වරක් වාර්තාවක් වෙත ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන යමින් සිටියේය. ඒ නවසීලන්තයට එරෙහි මෙතෙක් කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු ගණන වූ 326 ඉක්මවා යෑමය. එහෙත් නායක චරිත් අසලංක අසලංක ලකුණු 49.2 දැවී යන්නේ පන්දු 28 කදී ලකුනු 40ක් ලබාගෙන සිටියදී ය. ජනිත් ලියනගේ පන්දු 13ක් තුළ ලකුණු 12ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියේය. කෙසේ වෙතත් ධාරාණිපාත වැඩි කෝඩය ශ්‍රි ලංකා ඉනිම නිමා කළේය.

නවසීලන්ත ඉනිම කුඩුවුන හැටි…

ජයග්‍රහණය සඳහා ලැබුණු ලකුණු 220ක ඉලක්කය හඹා යෑමට පැමිණි නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇතිදෝ යි සැක සිතෙන ආකාරයේ ආරම්භයක් ලබා ගත්තේය. හතරේ පහර 08ක් සමග පන්දු 46ක් තුළ දී ආරම්භක පිතිකරු විල් යන්ග් ලකුණු 48ක් ලැබුවේය. ටිම් රෙබින්සන් පන්දු 36ක තුළ ලකුණු 35කි. මුල් කඩුල්ල බිඳී යන්නේ ලකුණු 88 දී ය. 14 වැනි පන්දු ඕවරයේ 2 පන්දුවේ දී මහීෂ් තීක්ෂණගේ පන්දුවට ටිම් රොබින්සන් ස්ටම් කිරීමකට හසු කරගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වන්නේය.

ඒ බිඳවැටීමෙන් අනතුරුව එක පිට එක කඩුළු වැටෙන්නේ යළි හරවා ගත නොහැකි අගාධයකට නවසීලන්ත පිළ තල්ලු වෙමිනි. හෙන්රි නිකොලොස් ලකුණු 6කි. මාර්ක් චැප්මන් ලකුනු 2කි. ග්ලෙන් පිලිප්ස් ලකුණු 9කි. මචෙල් හායි ලකුණු 10කි. නායක මිෂෙල් සැන්ට්නර් ලකුණු 9කි. නේතන් ස්මිත් 09කි. ඉෂ් සෝධි පළමු පන්දුවෙන්ම දැවී ගියේය. මිචෙල් බ්‍රැක්වෙල් පමණක් ලකුණු 34ක් සහිතව අවසන් මොහොත වනතුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 32ට කඩුළු 06කි. තරගය නවසීලන්ත කණ්ඩායමෙන් කඩා දැම්මේ මහීෂ් ය. චරිත් අසලංක ලකුණු 15ට කඩුළු 02කි. ඩිල්ෂාන් මධුසංඛ ලකුණු 39ට කඩුළු 03කි. කඩුළු නොලැබූ බව සැබෑය. නමුත් විශාල වේගකයින් ජයග්‍රහණය හඹා යෑමට පිතිකරුවන් පන්දු ඕවර 5ක් තුළ ලකුණු 26කට සීමා කළ අසිත ප්‍රනාන්දු මේ ජයග්‍රහණ පසුබිම නිර්මාණය කිරීමට දායක විය. වැන්ඩර්සේ ලකුණු 40කට කඩුල්ලක් ලැබුවේය.

ජයග්‍රහණ හිඟ රටකට මේ ජයග්‍රහණය අසිමිත එකක් බව ලියා තැබිය යුුතුය. ජයග්‍රහණයේ පුරුද්ද කොතැනින් හෝ ඇති කරගත යුතුය. ඒ පුරුද්ද ජාතියකට මහා බලපොරොත්තු සහිත ආදර්ශයක් ගේන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බඩෝවිට තවත් පුද්ගල ඝාතනයක්…. T-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

ඡන්ද දායකයෙක් වූ ඔබ වෙනුවෙන් දැරිය යුතු වියදම දැන් රජය දරා අවසානයි… කරුණා කර යපහපත් රටක් උදෙසා පුරවැසි වගකීම ඉටු කරන්න… උදෙන්ම ගිහින් ඡන්දය පාවිච්චි කරන්න… මැතිවරණ කොමසාරිස් ජනරාල් කියයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.