බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපුටෙක් මරලා තටුවක් එල්ලුවාම උද්ඝෝෂණ නැතිලු.. මේ හදන්නෙ කපුටා මරලා තටුව එල්ලන්නද?.

රට සාගතයක දමා ගොවීන් විනාස කරන්නෙ නැතිව මේ අමන තීන්දුව ආපසු හරවන්න... සමන්ත විද්‍යාරත්න කියයි...

by editor
ජූලි 4, 2021
in පුවත්
Samantha-Vidyarathna
Share on FacebookShare on Twitter

පාරිසරික කෘෂිකර්මාන්තය සම්බන්ධව ඉතා වටිනා තීන්දුවක් ඉතාම නොවටිනා ලෙස ක්‍රියාත්මක කර ගොවි ජනතාව විනාශ කරමින් රට හාමතේ නොතබන ලෙසත් තමන් සහ නාමල් කරුණාරත්න අත්අඩංගුවට ගෙන විසඳිය හැකි යැයි ආණ්ඩුව විශ්වාස කරන්නෙ නම් අත්අඩංගුවට ගෙන විසඳන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරකසභික සමන්ත විද්‍යාරත්න අද මාධ්‍යය හමුවේ පැවසුවේය.

මේ පොළොවේ පැන නැගී ඇති සැබෑ ප්‍රශ්නයකට පිළිතුරු සොයන්නේ විරෝධය පාන මිනිසුන් සිරගෙවල්වල දමා නම් ආණ්ඩුවට සිරගෙවල් මදිවන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මෙම ප්‍රකාශ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන ආකාරය ගැන මාධ්‍ය වලින් ප්‍රකාශ වීමත් සමග ඒ පිළිබඳව අදහස් දක්වමිනි. .
ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ මා ඇතුළු පිරිසක් අත්අඩංජගුවට ගැනීමට සූදානම්වන පුවත පලවීමත් සමග බොහෝ දෙනා ඒ පිළිබඳ විමසා සිටියා. ඒ හේතුවෙන් මේ පැහැදිලි කිරීම කරන්න සිද්ධ වෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පාරිසරික කෘෂිකර්මයට රට හැරවීමේ තීන්දුව ඉතාම වටිනා තීන්දුවක්. ඒත් රජය කෘෂිකර්මාන්තය සම්බන්ධ ඒ ඉතා වටිනා තීන්දුවක් ගත්තෙ ඉතාම නොවටිනා විදිහට. ඉතාම විනාශකාරී විදිහට.

මේ වනවිට ගොවි ජනතාව අර්බුදයකට මුහුණ දීලා. මේ රටේ ග්‍රාමීය පෙදෙස්වලට ගියාට පස්සේ අති මහත් බහුතරය ජීවත්වෙන්නෙ ගොවිතැනින්. ඔවුන්ගෙ රැකියාව කෘෂිකර්මය. මේ මිනිස්සු අවුරුද්දට ගන්නෙ පඩි දෙකයි. ඒ යල කන්නයේ අස්වැන්නෙ පඩිය සහ මහ කන්නයෙ අස්වැන්නෙ පඩිය. දැන් මේ කන්නයෙ වගාවට පිළියමක් නෑ. ඔවුන්ට වගා කරගන්න බෑ. පොහොර බෙහෙත් නෑ. වගාව කරගන්න බැරි තැන ඔවුන්ට ආදායමක් නෑ. එහෙමනම් මේ මිනිස්සුන්ගෙ අහිමිවන ආදායමට වන්දි දීමේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මේ ආකාරයට ගියොත් තව මාස තුනක් යන්න කලින් මේ රට සාගතයක.

මේ තීන්දු ගන්න විදිහට පෙන්නෙනෙ මේ මිනිස්සු කැත්තක් උදැල්ලක් ඇල්ලුවෙ නැති, වෙළක නියරකවත් ඇවිදලා නැති, මේ මහ පොළාව ගැන අත්දැකීම් නැති මිනිස්සු කියලයි. භෝගයක් කියන්නෙ දරුවෙක් වගේ. ලෙඩට බෙහෙත් ටික පෝෂණය දිය යුතුයි. මේ පොළව කාලාන්තරයක් තිස්සෙ හුරු වෙලා තියන විදිහට භෝගයක් වවන්න පොහොර සහ ලෙඩරෝගවලට බෙහෙත් වර්ග දෙන්න වෙනවා. එක් වරම පොහොර බෙහෙත් නැවැත්වූ විට ගොවීන්ට ඔවුන්ගෙ වෘත්තිය කරන්න බෑ.

වී වගාව සඳහා යම් සහනයක් ලැබුණත් අතිරේක භෝග, එළවළු වගාකරන අයට කිසිම සහනයක් නෑ. වැඩපිළිවෙළක් නෑ. බෙහෙත් නෑ. පොහොර නෑ. කන්නයේ වගාව කරගන්න බෑ. මෙහෙම ගියොත් එළවළු සහල් ටික අහස උසට මිල ඉහළ යන්න පුලුවන්. යළිත් කියන්නෙ.. රට සාගතයකට එන්න පුලුවන්.

මේ ප්‍රශ්නය දැකපු අපි මේ ගොවියන්ගෙ අයිතිය වෙනුවෙන් අරගලයකට එක් වෙනවා. ආණ්ඩුවෙන් සාධාරණය ඉල්ලමින් ගොවිබිම්වල උද්ඝෝෂණ කරනවා. එහෙම කරන්නෙ මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් හැමදාම අරගල කරපු සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විදිහට. අපට එහෙ කරන්න අයිතයක් තියනවා. ඒ මිනිස්සු වෙනුවෙන් අති විශාල ගොවි ජනතාවක් සමග නිරෝධායනය නීති රකිමින් වැලිමඩ බොරලන්දෙදි දැවැන්ත උද්ඝෝෂණයක් කළා. ඒ උද්ඝෝෂණය කළේ වගා කරගන්න අවශ්‍ය පොහොර බෙහෙත් ටික ඉල්ලලා. ඒත් ගොවි ජනතාව පොහොර ඉල්ලනකොට ආණ්ඩුව හිරගෙවල් පෙන්වනවා.

සිද්ධිය වුණු වෙලාවෙම බෝගහකුඹුර බොරලන්ද පොලිසිය විසින් ගොවි සංවිධානවල ක්‍රියාකාරිකයන් සහ අපේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත්තා . ඔවුන් උසාවියට ඉදිරිපත් කරලා පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ඉල්ලුවා නාමල් කරුණාරත්න, සමන්ත විද්‍යාරත්න, නන්ද හපුගොඩ සහ ගල්ඒදණ්ඩ පන්සලේ නායක හාමුදුරුවො අත්අඩංගුවට ගන්න. අධිකරණය එවැනි නියෝගයක් දුන්නේ නෑ.“
ආණ්ඩුවට කියන්න කැමතියි. විරෝධය පාන අය අත්අඩංගුවට ගැනීම ප්‍රතිපත්තිය නම් අත්අඩංගුවට ගත් අය දාන්න ලංකාවෙ හිරගෙවල් මදිවේවි. මිනිස්සුන්ව මෙහෙම නවත්වන්න බෑ .

එක රටක් එක නීතියක් කියලා ආවට දැන් අපිට තේරෙනවා නීතිය ක්‍රියාත්මක වෙන විදිහ. මිනීමරලා මරණීය දණ්ඩනය නියමවෙච්චි දුමින්ද සිල්වාට නිදහස දෙන්න පුලුවන් පාලකයෝ, හමුදා ඇඳුම් වගේ ඇඳුම් ඇඳගෙන චීන ජාතිකයන් තිස්ස වැව හාද්දි ක්‍රියාත්මක වෙන්නෙ නැති පාලකයො, මහබැංකු හොරු අල්ලන්න ඇවිත් උන්ට ස්කාගාර ඇරලා බිස්නස් කරන්න දෙන පාලකයෝ කරගැට ආපු අත්වලින් චන්දය දීලා තමන්ව බලයට ගෙනාව ගොවි ජනතාවට පාරට බහින්න එපා කියලා තර්ජනය කරනවා.“

“ ආණ්ඩුව සූදානම් වෙන්නෙ බියවද්දන්න. බිය වද්දලා මර්ධනය කරලා තමන්ට අවශ්‍ය විදිහට රට ඩෝසර් කරන්නන. පහුගිය දවස්වල ඇමති මහින්දානන්නද, ඇමති ජොන්ස්ටන් කියමින් එන කතාවලින් අපට තේරුණා මොනවටද මේ අය එන්නෙ කියලා. මේ අය කියනවා කාක්කෙක් මරලා තටුවක් එල්ලුවොත් උද්ඝෝෂණ නෑ කියලා. කපුටෙක් මරලා තටුවක් එල්ලන්ද ආණ්ඩුව හදන්නෙ. ආණ්ඩුවට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කාක් පිහාටු එල්ලලා මේ ගමන නවත්වන්න හදන්න එපා.

මේ අමන මරිමෝඩ තකතීරු තින්දුව ආපස්සට ගන්න. ගොවි ජනතාවට සාධාරණයක් කරන්න. අපි මේ රටේ මිනිස්සුන්ට අසාධාරණයක් වෙද්දි පාරට බැහැලා සටන් කරපු මිනිස්සු. අපි නන්දසේන මහත්තයගෙන් අහන්නෙ මොනවද අපි කඩපු නිරෝධායන නීති කියලා. අත්අඩංගුවට අරන් හිරගෙවල් දාහක දාන්න. ගොවියට සාධාරණය ඉෂ්ඨ කරනකම් අපි මේ සටන අත්හරින්න සූදානම් නෑ….

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචරණ සීමා හෙට සිට ක්‍රියාත්මක වන හැටි

Next Post

ප්‍රදේශ රැසකට මහ වැසි…. ඇතැම් තැනක වර්ෂා පතනය මිලි මීටර 100 ඉක්මවයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.