බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කප්පම් ඉල්ලූ වරදට ඇඟ බැඳපු අපරාධකාරයෙක් අපි ෂම්මිගෙන් කප්පම් ගත්තලු… අනුර පාර්ලිමේන්තුවේ දී ප්‍රසන්නට කී කතාව…

by editor
නොවැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීම කළ යුතු බව මුල සිටම ප්‍රකාශ කරනු ලැබුවේ තම  කණ්ඩායම බවත් එසේ වූ පමණින් ක්‍රීඩා ඇමතිවරයා පත්කරන ඕනෑම කමිටුවක් සඳහා අනුමැතිය ලබා දීම තම ස්ථාවරය නොවන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

එමෙන්ම නොපවතින ඡන්දයක් සඳහා පාර්ලිමේන්තුව තුළ  රැඳී සිටින්නේ කුමක් නිසාදැයි විමසූ මන්ත්‍රීවරයා ක්‍රීඩා ඇමතිවරයා සහ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ෂම්මි සිල්වාගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධ කළ ප්‍රකාශය වහාම ඉවත් කරගන්නා ලෙස දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරයා කී කතාව මෙසේය.

ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජනතාවගේ හදවතත් සමග බැඳී තිබෙන ක්‍රීඩාවක්. එහි ජය හෝ පරාජයන් අවස්ථාවන්වලදී අපි සියලු දෙනාගේම කම්පනයන් ඇතිකරවනවා. මෙහි දිගින් දිගට සිදුවෙන පරාජයන් වියවුලක් ඇති කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ, ක්‍රිකට් බෝඩ් එක, සාගල රත්නායක එකට සිටින පිලක්. හැමදාමත් පරාජිත පිල.  එයට එරෙහිව සිටිනවා ජයග්‍රහණයන් අපේක්ෂා කරන ජනතාවගේ පිල. මේ අතර ක්‍රිකට් පාලක මණ්ඩලය පවුල් තුනක් අත හැමදාමත් ගැවසෙනවා. මෙම පවුල් තුන විටෙක එකඟතාවයටත්, විටෙක විරසකභාවයටත් පත්වෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි ආනා පුංචිහේවා වැනි ඉතාම හොඳ මහත්වරු ක්‍රිකට් බෝඩ් එකෙන් පන්නා දැමීමට රණතුංගලා, සුමතිපාලලා මේ අය එකට කටයුතු කළා. පාර්ලිමේන්තුවේදි විජිත හේරත් මේ වැරදි ක්‍රියාවන් ප්‍රකාශයට පත් කළාට පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ෂම්මි සිල්වා අපට සල්ලි දුන් බවක් ප්‍රසන්න රණතුංග කියනවා. ප්‍රසන්න රණතුංග කියන්නේ කවුද? කප්පම් ඉල්ලීමේ වරදට මහාධිකරණයෙන් දඬුවම් ලබපු, කෝටි දෙකහමාරක දඩයක්, ලක්ෂ විස්සක වන්දියක් හා වසර හතරකට ඇඟ බැඳපු, ලියාපදිංචි කප්පම්කාරයෙක්. සුද්දවන්තයන් විදිහට කතා කරන රණතුංග තමන් කවුද යන්න මතක තබාගන්න. ප්‍රසන්න රණතුංග ඔහුගේ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේදි පැහැදිලි කිරීමක් කළ යුතුයි. අපට ෂම්මිගේ සල්ලි ඇවිත් තිබෙනවා නම්, එය කප්පමක් වෙන්න ඕනෑ. ප්‍රසන්න රණතුංග, කරන්න ඕනෙ, පාර්ලිමේන්තුවේ කටමැත නොදොඩා, ඒකට පරීක්ෂණයක් කර, නීතිය හමුවට ගෙනියන එකයි. මේක එළියට ගිහින් කියන්න කියා ප්‍රසන්නට මම කියනවා. හැබැයි මම, ප්‍රසන්නගේ කතා එළියෙත් කියනවා; මෙතනත් කියනවා.

විශේෂ ජයග්‍රහණ රැසක් ලැබුණාට පසුව ක්‍රිකට් පාලක මණ්ඩලයට විශාල මුදල් කන්දරාවක් ගලාගෙන ආවා. ඒ මුදල් කන්දරාව බෙදා ගන්න පාලක මණ්ඩලයේ රණතුංගලා තුන්දෙනෙක් එක කාලෙක හිටියා. ඒවා අපට මේ සභාවේ කියන්න බැරිද? අපි රණතුංගට කියනවා, අපට එල්ල කළ චෝදනා සනාථ කරන්න. නැතිනම් එළියට ගොස් කියන්න කියා.

ඊයේ ඡන්දය පිළිබඳව යෝජනාව බිස්නස් කමිටුවේදී සකස් කළා. විපක්ෂ නායකතුමා විසින් එම යෝජනාව ඉදිරිපත් කළා. ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙක් විසින් ස්ථිර කළා. මේ සිදුවීම් අනුව එතන ඡන්දයක් පවතින්නේ නැති බවට අප උපකල්පනය කරනවා. ඒ නිසා නොපවතින ඡන්දයක් වෙනුවෙන් අප සභාවේ සිටිය යුතු නැහැ කියන අදහස මත අපි සභාවේ සිටියේ නැහැ.

දැන් ඇතැම් මාධ්‍යත්, විවිධ අයත් කියන්න උත්සාහ කරනවා, ඡන්දය පවත්වන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සිටියේ නැති බව. නමුත් ඡන්දයක් තිබ්බේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් නොපවතින අවස්ථාවල පාර්ලිමේන්තුව අවසන් වෙන තෙක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ නැහැ. එතන සිදුවුණේ එවැනි දෙයක්.

ක්‍රිකට් බෝඩ් එකේ බහිරවයන් ගැන අපි කතා කරන්න පටන් ගත්තෙ අද නොවෙයි. හඳුන්නෙත්ති කෝප් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ මේ ක්‍රිකට් බෝඩ් එක කැඳෙව්වා. ලංකාවේ පළමුවෙනි වතාවට නියෝජ්‍ය කථානායකතුමාත් කැඳෙව්වා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිණුමක් ඇතිකොට තිබෙන බවත්, ඒ ගිණුම් පුද්ගලිකව ගනුදෙනු කිරීමට ඉඩදී තිබෙන බවත්, ක්‍රිකට් ආධාර සඳහා පාටියක් පවත්වා ඒ සල්ලි ඒකට බැර කරන්න හදපු බවත් ඒ අවස්ථාවේ හෙළිදරව් කර තිබෙනවා.

මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට විශාල මුදල් කන්දරාවක් ගලාගෙන ආවාට පසුව, එහි වංචා, දූෂණ, නාස්තිය පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුළත්, පිටතත් අපි කියා තිබෙනවා. ෂම්මි – ජයන්ත ධර්මදාස ප්‍රශ්නයේදිත් ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳවත්, මහජනයාගේ මුදල් නාස්ති කොට තිබෙන ආකාරය පිළිබඳවත්, ඒ ධනය තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි කිරිම පිළිබඳවත්, පාලක මණ්ඩලයට විනයක් නැතිවීම, පාලක මණ්ඩලයට ආයතනයක් මෙහෙයවීමට විධිමත් දැනුමක් නොමැති වීම විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇතිවී තිබෙන අර්බුදයත් පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කොට තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම් නියෝජනය කරනවා යැයි හැඟීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබුණා. නමුත් අපි බොහෝ විට දුටුවා ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික හැඟීමෙන් කටයුතු කරනවා වෙනුවට, තමන් තරග වදින ශ්‍රී ලංකා කොඩිය යටතේ එයට තිබෙන ගෞරවය, එහි අභිමානය තම දෙවුර මත තිබෙනවාය කියන හැඟීමක් නැතිව කටයුතු කළ අවස්ථා අපි දුටුවා. ඒ නිසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩකයන් අපකීර්තියට පත්වුණා. ඒ අපේ ලංකාව, අපේ ජාතික කොඩිය, අපකීර්තියට පත්වීමක්.

හැබැයි අපි තේරුම ගත යුතුයි ඒ අවුරුදු 30ට වඩා අඩු, තරුණ දරුවන්. ඔවුන්ට ජනප්‍රියතාවයක්, මුදල්, සමාජයේ විශාල ගෞරවයක් ලැබෙනවා. එසේ වන විට ඔවුන්ට හොඳ හික්මීමක් ලැබිය යුතුයි. ඒ හික්මීම ලබාදිය යුත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලයයි. එසේ වුවත් විනයක් ලබාදිය යුතු පාලක මණ්ඩලයටත් විනයක් නැති බව පසුගිය දිනවල හෙළිදරව් වුණා. ෂම්මි – ධර්මදාසගේ පාලක මණ්ඩලය පිළිබඳව අපි ඒ විවේචන ඉදිරිපත් කළා.

මම, ඇමතිවරයාට පෞද්ගලිකව කතාකොට “මේක නවතලා අතුරු පාලක මණ්ඩලයක් පත්කරන්න.” කියා යෝජනා කර තිබෙනවා. . එතුමා ඒ අවස්ථාවේ කියා සිටියේ ලෝක කුසලාන පැවැත්වෙන අවස්ථාවේ එය කළ නොහැකි බවයි. එය මම පිළිගත්තා. හැබැයි පසුවවත් පත්කරන්න කිවුවා. යම් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැවතීමට ඉඩකඩ තිබෙන බව පැවසුවා. මම කිව්වා “ඔබතුමා අයි.සී.සී. එකත් සමග කතා කර, මේ වැඩේ කරන්න” කියලා. එසේ අපේ ඉල්ලීමක් තිබුණා. අපි කටයුතු කළේ මේ පාලක මණ්ඩලයට රැකවරණය දෙන්න නොවෙයි; මේ අයව ඉවත් කරන්නයි. ඒ නිසා මෙවැනි අභූත චෝදනා නොකරන ලෙසට මම ඉල්ලීමක් කරනවා.

ඒ වගේම එතුමා පත් කළ අතුරු පාලක මණ්ඩලය පිළිබඳව අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. නඩු අහන්න වෙනත් කමිටුවක් දාන්න. වංචා, දූෂණ ප්‍රශ්න තිබෙනවා නම්, නීතිමය ප්‍රශ්න තිබෙනවා නම්, ඒවා විසඳීමට විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාගෙන් විමසා, ක්‍රිකට් බෝඩ් එකට වෙනත් කමිටුවක් දාන්න. එහෙම ක්‍රිකට් බෝඩ් එකක් පත්කරන්න එපා. නව ක්‍රිකට් බෝඩ් එකක් අවශ්‍ය මානසිකත්වයෙන් වැටී තිබෙන, තාක්ෂණික දුබලතාවයන් තිබෙන, ජයග්‍රහණයන් අහිමි වී තිබෙන, ක්‍රිකට් කණ්ඩායමකට ධෛර්යය දීලා, උත්තේජනය දීලා, දක්ෂතාවය, හැකියාව දියුණු කර, ගොඩඒම වෙනුවෙනුයි. ඒ ප්‍රයත්නයට වැදගත් මහත්වරු දැමිය යුතුව තිබුණා. මගේ පෞද්ගලික යෝජනාවක් මම එතුමාට කිව්වා. “සිදත් වෙත්තමුනි වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් මේකට දාන්න. ඒගොල්ලන්ව සෑම කෙනෙක්ම පිළිගන්නවා.” හැබැයි ඉන්න පාලක මණඩලය අයින් කොට,  එතුමා දමන ඕනෑම පාලක මණ්ඩලයකට ආවඩන්න අපි ලැහැස්ති නැහැ.

අපි හිතනවා ඉන්න කණ්ඩායම දූෂිතයි, විනාශකාරියි, රටට පරාජය ගෙනාවා, හොරකම් කර තිබෙනවා, අපේ ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් හෑල්ලුවට ලක්කොට තිබෙනවා. ඒ නිසා ඉන්න කණ්ඩායම වෙනස් කරන්න ඕනෑ. එසේ වෙනස් කරලා වැටී තිබෙන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හැකියාව, දක්ෂතාවය තිබෙන කණ්ඩායමක් යොදවන්න තිබුණා. එතුමා පත් කළ අතුරු කමිටුව පිළිබඳවත් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි පෙනී සිටින විට ක්‍රීඩා ඇමති, අපි ෂම්මි වෙනුවෙන් පෙනී සිටින බව පවසනවා.

ඒ ෂම්මි මහතා මම රූපවාහිනියේ හැරුණු විට කිසිදු අවස්ථාවක දැකවත් නැහැ. රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක සමග ෂම්මි වාඩිවී සිටිනවා රූපවාහිනියෙන් දැක තිබෙනවා. ක්‍රිකට් විවාදයේදී ප්‍රසන්න රණතුංගත්, රොෂාන් රණසිංහත් අප පිළිබඳව ඉදිරිපත් කර තිබෙන්නේ සාවද්‍ය කරුණුයි. ඒ වගේම ඒ අවස්ථාවේ ඡන්දයක් පැවතුණේ නැහැ. නොපැවැත්වූ ඡන්දයකට අපි හිටියේ නැති බවත් කිව යුතුයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය පද්ධතියේ අනාගතය තීරණය කරන අවසන් සාකච්ඡාව අද ජනපති සමග…  GMOA කියයි!

Next Post

පකිස්ථානයෙන් ආනයක කළ මිරිස්වල පිළිකාකාරක ඇෆ්ලාටොක්සීන්… කන්ටේනර් 25ක් හරවා යවයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.