තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ඔහුගේ නීතිඥවරු විසින් අද (11) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්හ.
මෙම අභියාචනය අද මායාදුන්නේ කොරයා, කුමාරන් රත්නම්, සශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජාගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ප්‍රසන්න රණතුංගට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල් හා වන්දි ගෙවීමට සිය සේවාදායකයා එකඟවන බව ප්‍රසන්න් රණතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැන්වූහ. අදාල දඩ මුදල වරකට මිලියනය බැගින් 2027 ජූලි 22 වැනිදාට පෙර ගෙවීමට පොරොන්දුවන බවත්, දඬුවම ප්‍රකාරව නියම වි ඇති රුපියල් මිලියනක වන්දි මුදල ද මසක් ඇතුළත ගෙවීමට පොරොන්දුවන බවත් ප්‍රසන්න රණතුංගගේ නීතිඥවරු අධිකරණය ඉදිරියේ පොරොන්දු වූහ.
නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ ඊට විරුද්ධත්වයක් නොමැති බවය. කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එම අභියාචනා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නේය. මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවන ලෙසත් වන්දි මුදල මසක් ඇතුළත ගෙවන ලෙසත් ප්‍රසන්න රණතුංගට නියෝග කළේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා ව්‍යාපාරිකයකුට තර්ජනය කර මුදල් ලබා ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග ටචෝදනා එල්ල වී තිබුණි.







