බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දක් විලිලා කාංචන මී පැටියෙක් වදයි… යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම 3.34% යි  අවම කාණ්ඩයට සහනය රුපියලයි..

by editor
ජනවාරි 13, 2024
in පුවත්
current-bill
Share on FacebookShare on Twitter

පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත විදුලිය ගාස්තු 3.34%  අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරයි.

ලංකා විදුලි බල මණ්ඩලය ඒ බව දක්වා ඇත්තේ, මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දුන් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේය.

විදුලිය ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාවලියට ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමග එය මහජන උපයෝගීතා කොමිසම වෙත ලංකා විදුලි බල මණ්ඩලය විසින් යොමු කර ඇත.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ, ගෘහස්ථ විදුලි සබඳතා කාණ්ඩය යටතේ මසකට ඒකක 0 සිට 30 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 12ක ගාස්තුව රුපියල් 11ක් දක්වා රුපියලකින් අඩු කිරීමට සහ ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 165 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටය.

එම කාණ්ඩයේම මසකට ඒකක 31 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 27.50 දක්වා රුපියල් 02.50 කින් අඩු කිරීමටත්, ඊට අදාළව මෙතෙක් රුපියල් 360ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 330 දක්වා රුපියල් 30 කින් අඩු කිරීමටත් යෝජිතය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ගෘහස්ථ ඛාණ්ඩය යටතේම මසකට කිලෝවොට් පැය 60ට වඩා විදුලිය පරිභෝජනය කරන පිරිස් සඳහා ද විදුලිය ගාස්තු අඩු කිරීමක් යෝජනා කර තිබේ. ඒ අනුව, මසකට ඒකක 0 සිට 60 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 38ක ගාස්තුව රුපියල් 37 දක්වා රුපියලකින් අඩු කිරීමට යෝජිතය.

ඒකක 61 සිට 90 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 41 සිට රුපියල් 39 දක්වා රුපියල් 02 කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 455 දක්වා රුපියල් 25කින් අඩු කිරීමට යෝජනා කර තිබේ.

ඒකක 91 සිට 120 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 59 සිට රුපියල් 56 දක්වා රුපියල් 03කින් අඩු කිරීමටත්, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 1,180 සිට රුපියල් 1,120 දක්වා රුපියල් 60කින් අඩු කිරීමටත් යෝජිතය. ඒකක 121 සිට 180 දක්වා   දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 59ක ගාස්තුව රුපියල් 57 දක්වා රුපියල් 02කින් අඩු කිරීමටත්, ඊට අදාළව රුපියල් 1,770ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 1,700 දක්වා රුපියල් 70කින් අඩු කිරීමටත් යෝජනා කර ඇත.

මේ අතර, ආගමික සහ පුණ්‍යායතන කාණ්ඩය යටතේ මසකට ඒකක 0 සිට 30 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 12ක ගාස්තුව රුපියල් 11 දක්වා රුපියලකින් සහ ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට රුපියල් 165 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටත් යෝජිතය.

එමෙන්ම, ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ, අනෙකුත් පාරිභෝගික කාණ්ඩ යටතේ ගැනෙන කර්මාන්ත සහ හෝටල් සඳහා ද විදුලිය ගාස්තු අඩු කිරීමටය. ඒ අනුව, කර්මාන්ත කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට අඩුවෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 20ක ගාස්තුව රුපියල් 19.25 දක්වා ශත 75කින් අඩු කිරීමට යෝජිත අතර,  ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 340 සිට රුපියල් 325 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටත් යෝජනා කර තිබේ.

කර්මාන්ත කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට වැඩියෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 28ක ගාස්තුව රුපියල් 26.75 දක්වා රුපියලයි ශත 25කින් අඩු කිරීමට යෝජිත ය.

ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 1,120 සිට රුපියල් 1,070 දක්වා රුපියල් 50කින් අඩු කිරීමටත් යෝජිතව ඇත.

එමෙන්ම හෝටල් කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට අඩුවෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 20 ක ගාස්තුව රුපියල් 19.25 දක්වා ශත 75 කින් අඩු කිරීමට යෝජිතව ඇත.

ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 340 සිට රුපියල් 325 දක්වා රුපියල් 15 කින් අඩු කිරීමට යෝජනා කර තිබේ.  –  හිරු නිවුස්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එස්.අයි සිය දිවි හානිකර ගත්තා ද?… ආයුධ සිද්ධියක් හෙළිවීම වැලැක්වීමට ඝාතනය කළාද?… අධිකරණයේ දී දිගහැරෙන කතාව!

Next Post

සංචාරක ජනාධිපතිට සැපේ ඉන්න ජීවිතය සීමා කළ මිනිස්සු ඉන්න රටක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.