සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම බස්නැවතුම්පළේ ඉඩම් වෙන්දේසියට ගිය කතරගම බස්නායක නිලමේට  කළු කොඩි දමයි!…

කතරගම පුද්ගලික ලංගම බස් රියදුරන් ඒකාබද්ධව බස්රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් අරඹති!

by editor
මැයි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

කතරගම බස්නායක නිළමේවරයා විසින් කතරගම බස් නැවතුම් පොළට අයත් භූමියෙන් කොටසක් වෙන්දේසි කර කඩබිම් ඉදිකිරීමට ගෙන ඇති යෝජනාවකට විරෝධය පළකරමින් කතරගම පුද්ගලික හා ලංගම බස් රථ රියදුරන්, ව්‍යාපාරිකයින් පිරිසක් හා ප්‍රදේශවාසින් පිරිසක් එක්ව කතරගම බස් නැවතුම් පොලේ කළු කොඩි ඔසවා බස් රථ ධාවනයෙන් ඉවත්ව අද (28) විරෝධතාවයක නිරත විය.

“නිළමේගේ අත්තනෝමතික තීරණය වෙනස් කරගන්නා තුරු අපි සටනේ, පුදබිමට නොගැලපෙන බස්නායක නිළමේ  අපට එපා, ප්‍රවාහන ඇමති තුමනි කතරගම බස් නැවතුම දේවාලයේ නිළමේගෙන් බේරා දෙන්න“ ආදි වැකි සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් කතරගම බස් නැවතුම් පොළ ඉදිරිපිටදී මෙම විරෝධතාවය හා   වර්ජනය පැවැත්විණි.

වර්ජනය හේතුවෙන් කතරගම සිට ධාවනය වු සියළුම බස් ගමන් වාර සම්පූර්ණයෙන්ම නවතා දමා තිබූ අතර පිට පළාත්වල සිට කතරගමට පැමිණි බස් රථද යළි යාමට නොදි නවතා ගැනිමට විරෝධතා කරුවෝ  කටයුතු කළහ.  විරෝධතාවය හේතුවෙන් විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත් විණි.

කහදගමගේ සුදේෂ් තරංග , ජී.ආර්.ජේ.කරුණාරත්න සහ සුදර්ශන වන්නිආරච්චි

කතරගම ලංගම ඩිපෝවේ නිදහස් සේවක සංගමයේ ලේකම් ජී.ආර්.ජේ.කරුණාරත්න  මෙසේ පැවසිය.

අද අපි මේ පුද්ගලික බස් රථ හා ලංගම බස් රථ එක්ව වැඩ වර්ජනයක් හා විරෝධතාවයක් පැවැත්වුවේ කතරගම බස්නායක නිළමේ   විසින් මෙම කතරගම බස් නැවතුම්පල  ඔහු යටතට ගෙන මෙම බස් නැවතුම්පලට අයත් භූමියෙන් පර්චස් 100ක පමණ ප්‍රමාණයක් වෙන්දේසි කර කඩ ඉදිකිරිමට හා තවත් කොටසක් කාර් පාක් එකක් සදහා යොදා ගැනිමට තීරණය කර තිබිම නිසා. අපි කියන්නේ මේ බස් නැවතුම්පලට අත තියන්න එපා කියලයි. දැනට තියෙන මේ භූමියත් ඇත්තටම ප්‍රමාණවත් මදි බස් රථ ගාල් කිරීමට. 1987 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ගම්උදාවට සමගාමීව තමයි මෙම කතරගම බස් නැවතුම්පල ඉදිකළේ. එම අවස්ථාවේ පාරෙන් එක පැත්තක පුද්ගලික බස් රථ හා පාරෙන් අනිත් පැත්තේ ලංගම බස් රථ ලෙසත් තමයි ඉදිකෙරුණේ. පසුකලෙක ලංගම බස් රථ සදහා කියලා වෙන් කර තිබුණු භූමිය කඩ සඳහා පවරා ගත්තා.  දැන් සියලුම බස් රථ සඳහා එකම බස් නැවතුමක් විතරයි කතරගමට තියෙන්නේ.  ඒකෙනුත් කොටසක් පවරා ගන්න යනවා කියන්නේ ඒක අවාසනාවන්ත තත්වයක්. ඒ නිසා අපි අද උදෑසන ඉදන් බස් වර්ජනයක් ආරම්භ කළා. කතරගම බස් නැවතුම්පලින්  කිසිම බස් රථයක් ධාවනය වෙන්නේ නෑ. අපිට නිළමේ වරයා විසින් මෙම භූමිය පවරා ගන්නේ නෑ කියන පොරොන්දුව දෙන තෙක් අපේ   වර්ජනය අපි නවත්වන්නේ නෑ.”  යැයි පැවසිය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඌව පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ කතරගම බස් නැවතුම්පොල භාරකරු  කහදගමගේ සුදේෂ් තරංග  මෙසේ පැවසිය.

මේ වනවිට කතරගමින් පටන්ගන්නා සියළුම බස් රථ ධාවනයෙන් අපි ඉවත්ව සිටිනවා.  ඒකට හේතුවක් තියනවා. බස්නායක නිළමේ  විසින් මෙම ස්ථානයේ තිබුණු බස් නැවතුම පළමු අදියර ලෙස දේවායේ පඩුරු මුදලින් කියා ඉදිකර දුන්නා. හැබැයි පසුව අපට දැනගන්න ලැබුණා මේ සදහා මුදල් දිලා තියෙන්නේ ධම්මික පෙරේරා මහතා බව. ඒකට අපිට කමක් නෑ.නිළමේ වරයා බස් නැවතුම්පළ  ඉදිකිරීමෙන් පසු දෙවන අදියර කියලා බස් නැවතුම්පළට   අයත් භූමිය පවරාගෙන එහි කඩ සංකීර්ණයක් ගහන්න හදනවා. එහෙම කළොත් මේ බස් ධාවනය සදහා තිබෙන ඉඩ සිමිත වෙනවා. පාරවල් දිගේ තමයි බස් නවත්තවන්න වෙන්නේ. බස්නායක නිළමේ වරයාගේ මෙම තීරණයට විරෝධය පළකරමින් තමයි මේ අද අපි බස් රථ ධාවනයෙන් ඉවත්ව   වර්ජනයක හා විරෝධතාවයක නිරත වන්නේ. මේ කතරගම බස් නැවතුම්පළේ   ඉඩම් මිලියන ගනන් වලින් විකුණන්න යන්නේ. ඒ සදහා ගැනුම් කරුවන් පවා මේ වන විට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් අපි බස් කර්මාන්තයේ නිරත අය විදියට මේ යෝජනවාට අපි විරුද්ධයි. නිළමේවරයාගේ මෙම තීරණය වෙනස් කරගන්නාතෙක් අපි අඛණ්ඩව මෙම වර්ජනය සිදුකරගෙන යනවා.

විරෝධතාවයට එක්ව සිටි ව්‍යාපාරික සුදර්ශන වන්නිආරච්චි   මෙසේ පැවසිය.

බස් නැවතුම්පළ   සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් අපට කිසිම ගැටළුවක් නැහැ. අපි කියන්නේ රටේ නන් දෙසින් බස් රථ එන මෙම බස් නැවතුම්පළ  සදහා මේ වන විට ඉතිරි වෙලා තියෙන්නේ ඉතා කුඩා භූමි ප්‍රමාණයක් විතරයි. කතරගම පෙරහැර කාලෙට මෙම බස් නැවතුමේ බස් නවත්වන්න තියා එන ජනතාව හසුරුවා ගන්න තරම්වත් ඉඩක් නෑ. එහෙම තියෙද්දිත් එතුමා දැනට බස් නැවතුම්පළ   සඳහා ඉතිරිව තියෙන භූමියෙනුත් කොටසක් මේ විදියට වෙන්දේසි කරන්න යන එකට අපි විරුද්ධයි. බස්නායක නිළමේ වරයා මේ කරන්න යන්නේ විවිධ ව්‍යාපාරිකයන් ටිකකට මේ බස් නැවතුම්පළේ   ඉඩම් ටික විකුණලා දමන්න. ඒ නිසා ව්‍යාපාරිකයන් විදියට අපි කියන්නේ මේ කිප දෙනෙකුගේ අදහස් වලට විතරක් ඇහුකම් දීලා බස්නායක නිළමේ   මේ කරන්න යන දේ වහාම  නවත්වන්න ඕනි. අද මේ කතරගමට ආව ජනතාවට ගම්බිම් බලා යන්න විදියක් නෑ බස් වර්ජනය නිසා. අපිත් මේ බව් වර්ජනයට සහාය දුන්නේ බස්නායක නිළමේ  කරන්න යන මේ වැඩේ වැරදි නිසයි

මේ සම්බන්ධයෙන් අප කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකරගෙන්ද විමසීමක් කළෙමු. ඔහු මෙසේ පැවසුවේය.

ලැබිච්ච අවස්ථාවේ ගමටත් රටටත් සේවක් කරන්න හැදුවා මිසක් වෙන දෙයක් නෙමේ මේ කරන්න හැදුවේ. ලංගම ඇමති වරයෙක් ඉන්නවා, ලේකම් වරයෙක් ඉන්නවා. ඒ අය අකමැති නම් මම් මේක කරන්නේ නෑ. බස් නැවතුම්පළ  හදන් කලින් නාගරික සංවර්ධන අධිකාරියට කිව්වා ඒ සදහා ප්ලෑන් එකක් හදන්න කියලා. ඒ අනුව 2023.05.11 සියළුම දෙනා කැඳවලා සියළුම දෙනාගෙ අදහස් අරගෙන තමයි බස් නැවතුම්පළ   සංවර්ධනය කරන්න පටන් ගත්තේ.

එහිදී පැහැදිළිවම කිව්වා පළමු අදියර යටතේ බස් නැවතුම්පල ඉදිකිරිමත් දෙවන අදියර යටතේ පහසුකම් සහිත ආපන ශාලා ඇතුළු කඩ සංකීර්ණයක් හා මෝටර් රථ නැවතුම්පළක්   ඉදිකිරීමත් කරන බව. ඒ සැලසුම තමයි    යෝජනා වුනේ. මේ කඩ ආයෝජකයන්ට දීලා ලැබෙන මුදලින් මේ කතරගම දියුණු කරන්නයි ඕනි වුනේ. ඉතින් මේක කරන්න ඕනි නැත්නම් මේක කරනවාට විරුද්ධ නම් මම මේක නවත්වනවා. මට මේක කොහොම හරි කරන්න ඕනි කියලා එකක් නෑ” යැයි පැවසිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාවාරම්කාර ඔන්මැක්ස් ඩී.ටී. තැන්පත් කරුවන්ට මුදල් ගෙවන්න අධිකරණය ඉදිරියේ පොරොන්දු වෙයි…

Next Post

ශ්‍රී ලාංකික අයි.එස්. ත්‍රස්තයන් සම්බන්ධ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ ආචාර්ය පුන්සර අමරසිංහ අත් අඩංගුවට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.