අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 කතරගම  චූටි කපුවා ඇප පිට නිදහස්

by editor
දෙසැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

රුහුණු මහා කතරගම දේවාලට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් චෝදනා එල්ල වි සිටින සැකකාර කපුවන්  දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) භාරවීමෙන් පසු සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිරිපත් කෙරුණු අතර එහිදි ඉදිරිපත් වු කරුණු සළකා බැලූ තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිදුද සිල්වා මහතා  සැකකාර කපුවා රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසත්,සෑම ඉරුදිනකම කොළඹ අපරාධ කොට්ඨාශයේ පෙනි සිටින ලෙසටත් නියෝග කළේය.

මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණේ රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩා භාරකාර කපුවා   ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපුරාල නැමති අයයි.

පාතාල කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ බිරිය  වන අබේසිංහගේ නිසංසලා නැමති අය විසින් සිය දරුවාගේ අපල දුරු විම සදහා දරුවාගේ නම කොටන ලද රත්‍රං පවුම් 38ක බරින් යුතු රන් තැටියක් 2019.07.03 වන දින  කතරගම දේවාලයට දරුවාගේ අතින් පූජා කර ඇති අතර එදින එම පූජාව සිදු කර ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී.රත්නායක විසිනි. 

පසුව එය දේවාලයේ ගබඩාවෙ තැන්පත් කර තිබියදී අතුරුදහන් වි තිබේ. මේ සම්බන්ධයෙන් දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකරට   කිසියම් අයෙකු විසින්  නිර්නාමිකව සිදුකල දැනුම් දිමකට අනුව බස්නායක නිළමේ වරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බලා තිබේ.

අංගොඩ ලොක්කා සහ ඔහු පූජා කළ රන් තැටිය…

එහිදි අනාවරණය වි ඇත්තේ සිද්ධිය වු කාල වකවානුව තුළදී දේවාලයේ කටයුතු කර ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපුවා   වන සොමිපාල ටී රත්නායක බවත් හා ගබඩා භාරකරු ලෙස කටයුතු කර ඇත්තේ ඔහුගේ මුණුබුරා වන  සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපුරාල නැමති අය බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව මේ සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයා විසින් 2021 ඔක්තෝම්බර් මාසයේදි එවකට සිටි පොලිස්පති සි.ඩී.වික්‍රමරත්නට සිදුකල පැමිණිල්ලකට අනුව  විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වත්මනේ වැඩබලන පොලිස්පති) දේශබන්දු තෙන්නකෝන්   විසින් මෙහි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට බාර දි තිබේ.

ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරික්ෂක ඩී.ජේ.නිශාන්ත   ඇතුළු කණ්ඩායමක් විසින් විමර්ශන පවත්වා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

එහිදී ඉදිරිපත් වු සාක්ෂි සළකා බැලීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු පිළිබදව නීතිපති වරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත.

ඒ අනුව ඒ පිළිබදව සළකා බැලූ නිතිපති වරයා විසින් සිය උපදෙස් පසුගිය 07 වන දින කොළඹ අපරාධ කොට්ඨාදය යවමින් දැනුම් දී ඇත්තේ මෙම සිද්ධියට අදාලව දේවාලයේ ප්‍රධාන කපුවාවන සොමිපාල ටී රත්නායක හා ඔහුගේ බෑණා වු සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපුරාල නැමති අයවලුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව පසුගිය 11 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමක් සැකකාර කපුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට කතරගමට ගිය නමුත් නිළධාරීන්ට හිස් අතින්ම යළි කොළඹ බලා ඒමට සිදු වුයේ නිවෙස් තුළ කපුවන් දෙදෙනා නොසිටිම නිසාවෙනි.

විමර්ශන නිලධාරින්ට නිවැසියන් දන්වා තිබුනේ ප්‍රථිකාර ලබා ගැනිමට කපුවන්   දෙදෙනා කොළඹ ප්‍රදේශයට ගොස් ඇත බවය. එලෙස කපුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන කරමින් සිටියදි ගබඩාව බාර කපුවා   කොළඹ අපරාධ කොට්ඨාසයට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

සිද්දියට සම්බන්ධ දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී.රත්නායක යන අය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වි නොමැති අතර ඔහුවද අත්අඩංගුවට ගැනිමට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වයි.

Somipala
අතුරුදහන්ව ඉන්නා ප්‍රධාන කපුවා සොමිපාල ටි රත්නායක…

සැකකාර කපුවා   වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ එන්.එස්.එම්.සම්සුදින්,නීතීඥ ශිරාස් යූසුප්   සමග නීතීඥ ගීතාල් විජේසිංහ හා නීතීඥ හර්ෂි නිලූකා යන නීතිඥ මණ්ඩලය  අධිකරණයේ පෙනි සිටියේය.

නඩුව යළි 2023.05.13 වන දින කැදවිමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මනම්පිටිය මහවැලි ගඟේ නව වැලි මංකඩ 26ක්  දේශපාලන හිතවතුන්ට… භූමි පරීක්ෂාවට පැමිණි පිරිස් ප්‍රදේශවාසීන්ගේ  විරෝධතා මැද පලා යති!

Next Post

ශ්‍රී ලාංකික සූපවේදියෙකුට කැන්බරා ජාතික සත්වෝද්‍යානය තුළ තරුණියක් ඝාතනය කළ බවට මිනී මරුම් චෝදනා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.