fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩිමුඩියේ කාබනික පොහොර ප්‍රමිතිය වෙනස් කරන්නෙ කා වෙනුවෙන් ද?

මාස 8ක් ago
in පුවත්
453 4
0
Share on FacebookShare on Twitter

මහාචාර්ය සමන් ධර්මකීර්ති –

  • ජාතියක් මහා ව්‍යසනයකින් බේරුණේ ලංකාවේ අනුමත ප්‍රමිතියේ පනවා තිබූ  “ජීවානු හරණය“ යන වචනය නිසයි…

  • ප්‍රමිතියකින් තොර පොහොර භාවිතයෙන් සිදුවන විනාශය කාබනික අකාබනික ලෙස බෙදිය නොහැකියි…

  • මේ ප්‍රමිතිය රට තුළ කාබනික පොහොර නිපදවන නිශ්පාදකයන්ට බලපාන්නෙ නෑ… පෙනෙනතෙක් මානය නැති අනාගත  ආයෝජන  සම්බන්ධව උපකල්පන කර ප්‍රමිතිය වෙනස් කිරීම කිසිසේත්ම අවශ්‍ය නෑ…

නිසි ප්‍රමිතියකින් තොර පොහොර කෘෂි කර්මයේදී භාවිතා කිරීමේදී ඇතිවිය හැකි අනිටු විපාක එම පොහොර රසායනිකද කාබනිකද යන්න මත තීරණය නොවේ. එබැවින් සියලුම කෘෂි යෙදවුම් නිසි ප්‍රමිතියෙන් යුතු විය යුතු බව අප සියල්ලෝම හොදින් අවබෝධ කොට ගත යුතුය.

ජාතියක් බේරා ගත් “ජීවානුහරණය“ වචනය

කාබනික ඝන පොහොර ආනයනයට දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද ජීවානු හරණය කරන ලද කාබනික ඝන පොහොර සඳහා වූ ප්‍රමිතිය ඉමහත් බාධාවක් ලෙස කෙනෙකුට තර්ක කළ හැකිය.  එහෙත් එම “ජීවානු හරණය” යන වචනය නිසා සිදුවීමට ගිය ඇති මහත් විනාශයක් වලක්වා ගැනීමට රටට හැකිවිය. ඒ ප්‍රමිතිය සකස් කළ විද්වතුන්ට අපගේ ප්‍රණාමය දැක්වන අතරම එම ප්‍රමිතියම දේශීය කාබනික පොහොර නිෂ්පාදකයින්ට කේසේ බලපායිද යන්න විමසා බැලීම ඉතාමත් කාලෝචිත යැයි මට සිතේ. ඒ අන්කිසිවක් නිසා නොව මෙය ශ්‍රී ලංකාව වන බැවිනි.

මා දන්නා තරමින් දැනට ඝන කාබනික පොහොර ලෙස නිපද වන්නේ සාමාන්‍ය කොම්පෝස්ට්, නාගරික කසල ආශ්‍රිතව නිපදවන  කොම්පෝස්ට් සහ ඒවායේ ව්‍යුත්පන්න පමණි. ඒ සඳහා ප්‍රමිතීන්  දෙකක් (SLS 1246:2003 සහ SLS 1704) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හඳුන්වා දී ඇත. දියර කාබනික පොහොර සඳහා ද එවැනි ප්‍රමිතියක් ඇත. එය SLS  1702 වේ.

රට තුළ දේශීය පොහොර නිශ්පාදකයන් පොහොර ජීවානුහරණය කළ යුතු නැත…

නමුත් මෙම පොහොර හැරුන කොට වෙනත් කාබනික පොහොර අපගේ දේශීය කර්මාන්ත කරුවන්ට නිපදවිය නොහැකිද? උදාහරණයක් ලෙස කුකුල් පොහොර, ගොම පොහොර, හෝ ජීව අඟුරු යොදාගෙන ඒවායේ පෝෂක අනුපාතය පිළිගත් දේශී අමුද්‍රව්‍ය යොදා ගෙන වැඩි දියුණු කර පෙලට් ලෙසට කාබනික පොහොරක් නිපදවූව හොත් ඒ සඳහා භාවිතා කල හැකි ප්‍රමිතිය කුමක්ද? ඒ සඳහා, නම කෙසේ වුවත්, කොම්පෝස්ට් සඳහා වූ ප්‍රමිතිය (SLS 1246:2003) භාවිතා කළහැකිය යන්න මගේ මතයයි.

ඉතා සුළු වෙනස් කම් කිහිපයක් සමහර විට කිරීමට සිදුවිය හැක.  නමුත් ඒ සඳහා ජීවානුහරණය කළ ඝන පොහොර සඳහාවූ ප්‍රමිතිය යොදා ගත නොහැකිය. ඒ මෙවැනි පොහොර අඩු වියදමකින් ජීවානුහරණය කළ හැකි තාක්ෂණයක් දේශීය ව්‍යසායකයින්ට නොමැති නිසාවෙනි.  අනෙක් අතට  ජීවානුහරණය කිරීම ඒවායේ ගුණාත්මය පහල දැමීමටත් දේශීයව සිටින ක්ෂුද්‍ර  ජීවීන් මගින් ඉටු කරන හිතකර ක්‍රියාවලි අඩපන කරන ඉමහත් අනුවණ කමකුත් වන බැවින් එවැනි අවශ්‍යතාවයක් ද කිසිසේත්ම පැන නොනගී.

නොපෙනෙන ව්‍යාපාර ගැන උපකල්පනය කරමින් ප්‍රමිතිය වෙනස් කරන්නෙ ඇය?

කාට හෝ ඉතා ඉහල ගුණාත්මයෙන් යුතු අමිනෝ අම්ල හෝ හියුමෙට් හෝ ෆල්වික් අම්ල සහිත කාබනික පොහොරක් නිෂ්පාදනය කර ශ්‍රී ලාංකික ගොවි ජනතාවට දීමට අවශ්‍ය වුව හොත් ඒ සඳහා යොදාගත හැකි ප්‍රමිතියක් දැනට නැත. අනෙක් අතට ඒවා හදන තාක්ෂණයක් ද මෙරටේ දැනට නැත. එවැනි තාක්ෂණයක් තිබුනත් ගොවීන්ට පහසු මිලකට ඒවා දිය හැකි බවක්ද මට නොපෙනේ. මොකද එවැනි පොහොර මහා පරිමාණයෙන් නිපදන රට වලද ඒවායේ මිල ගණන් ඉතා අධික වන බැවිනි.

එවැනි අනාගතයේ එන 21 වන සියවස් කාබනික පොහොර වලට මේ හදිසියේ ප්‍රමිතීන් සැදිය යුතුද යන්නම ප්‍රශ්නයකි.  එවැනි අනාගතයේ දේශීය කර්මාන්ත කරුවන් වෙළඳ පොලට හඳුන්වාදීමට ඉඩ කඩ ඇති පොහොර සඳහා දැනට ඇති ප්‍රමිතීන් කඩිමුඩියේ වෙනස් කළ යුතුද නැත.

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

ආණ්ඩුවේ කාබනික සිහිනය ගැන දඹුල්ලේ එළවළු ගොවීන් කියන කතාව…

Next Post

පහළ වායුගෝලයේ කැළඹිල්ලක්… තද වැසි… අකුණු අනතුරු ගැන සැලකිලිමත් වන්න!. කාලගුණය කියයි…

Related Posts

මේ මොන රටක් ද?. ආයෙ මේ පාර්ලිමේන්තුව පැත්ත පලාත බලන්නෙ නෑ…  හිටපු ඇමති අලි සබ්‍රි කියයි!

මැයි 20, 2022
Xi Jinping

චීන ජනතාව රජය ගැන නොසතුටින්

මැයි 20, 2022

පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!

මැයි 20, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මේ මොන රටක් ද?. ආයෙ මේ පාර්ලිමේන්තුව පැත්ත පලාත බලන්නෙ නෑ…  හිටපු ඇමති අලි සබ්‍රි කියයි!
  • චීන ජනතාව රජය ගැන නොසතුටින්
  • පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!
  • ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය සරණාගතභාවය යළි ලබා දෙන්න…  උතුරේ සංවිධාන තමිල්නාඩු මහ ඇමතිට ලියති!
  • තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

ජනප්‍රිය පුවත්

  • Rania

    අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

    223 shares
    Share 89 Tweet 56
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3671 shares
    Share 1468 Tweet 918
  • මහින්ද අවුරුදු 50ක දේශපාලන ජීවිතය විනාශ කරගත් හැටි චමල් පාර්ලිමේන්තුවේ දී කියයි!

    244 shares
    Share 98 Tweet 61
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    461 shares
    Share 184 Tweet 115
  • පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ මන්දිරේක හැංගිලා ඉඳලා රෑ ට එළියට බහින ලේ බොන කළු වවුලෙක් ද?

    187 shares
    Share 75 Tweet 47
  • තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

    172 shares
    Share 69 Tweet 43

Highlights

ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය සරණාගතභාවය යළි ලබා දෙන්න…  උතුරේ සංවිධාන තමිල්නාඩු මහ ඇමතිට ලියති!

තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

ලිට්‍රෝ පාලන අධිකාරිය කෝප් කමිටුව ඉදිරියට…

මින් පසු යතුරුපැදියකට 2000යි… ත්‍රීරෝද රථයකට 2000යි… තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල්වලට  ලිඛිතව දන්වයි!

සෞඛ්‍ය යේ බිහිසුණු කඩා වැටීම ගැන විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති !

මිරිහානේ දී හමුදා බස් රථයකට ගිනි තැබූ බව කී තැනැත්තා සී.අයි.ඩි. අත්අඩංගුවට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මේ මොන රටක් ද?. ආයෙ මේ පාර්ලිමේන්තුව පැත්ත පලාත බලන්නෙ නෑ…  හිටපු ඇමති අලි සබ්‍රි කියයි!

by editor
මැයි 20, 2022
0

තමන් යළිත් මේ පාර්ලිමේන්තුව පැත්ත බලන්නේ...

Xi Jinping

චීන ජනතාව රජය ගැන නොසතුටින්

by Lankasara News
මැයි 20, 2022
0

චීන ජනතාවට එරට රජය ගෙන යන...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist