මනම්පිටිය නිමල් ජයරත්න –
මාදුරුඔය ජලාශයට කඩා වැටුන බෙල් 212 ගුවන් අනතුරට අදාල ගලවා ගැනීමේ මෙහෙයුම දියත්වන ආකාරය පිළිබඳ වීඩියෝ පටයක් නිකුත් වී තිබේ.
මේ වනවිට ගලවා ගත් තුවාලකරුවන් අරලගංවිල සහ පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්රියාවලිය සඳහා පිටත් වූ ගුවන් යානයක් අද (09) උදෑසන 7.30 ට පමණ මාදුරුඔය ජලාශයට කඩාවැටී තිබිණි.
හිඟුරක්ගොඩ මූලික කඳවුරේ 07 වන බලඝණයට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි.







