බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කට වරද්දාගත් ඇමති මනූෂට එරෙහිව  කෝප් කමිටුවෙන් තීන්දු කිහිපයක් !

by Lanka Sara Editor
ජනවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් 22 වන දින පැවති  “ජාතික ඵලදායිතා සම්මාන උළෙල” වෙනුවෙන් පැවති පැවති නිල උත්සවයේදී කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය  මනූෂ නානායක්කාර මහතා  විගණකාධිපතිවරයාගේ කාර්‍යභාරය සහ කෝප් කමිටුවේ බලතල අභියෝගාත්මකව දැඩි විවේචනයට ලක් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් එමගින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමෙන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව සභාව හෑල්ලුවට ලක්  ව ඇති බවටත් කෝප් කමිටුව තීන්දු කර ඇත.ඒ පසුගිය ජනවාරි 05 වැනිදා එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතිත්වයෙන් රැස්වූ කොප් කමිටුව එහිදී  නානායක්කාර අමාතයවරයාගේ ප්‍රකාශය පිළිබඳව දැඩි අප්‍රසාදය කාරක සභාව විසින් පළ කරන ලදී. ඒ සම්බන්ධයෙන් කාරක සභාව විගණකාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත වෙත සිය කනගාටුව පළ කිරීමට තීන්දු කෙරිණ.

.

එම නිල උත්සවයේදී අමාත්‍ය මනූෂ නානායක්කාර සිය කතාව පවත්වමින්  විගණකාධිපතිවරයාගේ සහ කෝප් කමිටුවේ බලතල අභියෝගාත්මකව දැඩි විවේචනයට ලක් කිරීම පිළිබදව කෝප් කමිටුවට විගණකාධිපතිවරයා විසින්  ලිපියක් මගින් කරුණු දන්වා තිබිණි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ඔහු විසින් කරන ලද ප්‍රකාශය  පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම උදෙසා පාර්ලිමේන්තු ක්‍රමය ඔස්සේ ස්ථාපිත කර ඇති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මත තමන්ට ලැබී ඇති බලතල ඉක්මවා කටයුතු කර ඇති බව හෝ එලෙස කටයුතු කිරීම සදහා කිසිදු සහය දැක්වීමක් සිදු කර නොමැති බව විගණකාධිපතිවරයා විසින් ‍කාරක සභාව වෙත පෙන්වාදෙන ලදී.

තවද විගණකාධීපති වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් ලිඛිත නීති මගින් පැවරී ඇති කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී සිය වගකීම ඉටුකිරීමට කටයුතු කරන ආකාරය පිළිබදව රාජ්‍ය අංශයේ, මහජන නියෝජිතයන්ගේ සහ පොදු මහජනතාවගේ විශ්වාසය කඩවන ආකාරයට සිදු කරන ප්‍රකාශයන් පාර්ලිමේන්තු මූල්‍ය පාලන අපේක්ෂාවන්ට දැඩි ලෙස හානිකර බවට නිරීක්ෂණය වන බවත් විගණකාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

 

මේ අනුව කාරක සභාව විසින් මේ පිළිබඳව දීර්ඝ ලෙස  සාකච්ඡා කිරීමෙන් අනතුරුව පහත සදහන් යෝජනා සහ තීරණ ඉදිරිපත් කෙරිණි.

 

  1. කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි පූර්වාදර්ශයක් බවත් එමගින් කෝප් කාරක සභාව හෑල්ලුවට ලක් කිරීම සිදුව ඇති බවත් නිරීක්ෂණය වන බැවින් ඒ පිළිබදව දැඩි අප්‍රසාදය කාරක සභාව විසින් පළ කරන ලදී. ඒ සම්බන්ධයෙන් කාරක සභාව විගණකාධිපතිවරයා ඇතුළු එතුමාගේ කාර්ය මණ්ඩලය වෙත වෙත සිය කනගාටුව පළ කිරීමට තීන්දු කෙරිණ.

=

  1. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ගරු කථානායකවරයාට පැමිණිල්ලක් සිදු කිරීම.

 

  1. මෙම ප්‍රකාශය මගින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට විධායකය මැදිහත් වීම තුළ ඒ පිළිබදව විරෝධය පළ කරමින් ගරු ජනාධිපතිවරයාව ලිඛිතව දැනුවත් කිරීම.

 

  1. එහි පිටපතක් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ද යොමු කිරීම.

 

  1. පසුගිය කෝප් කමිටු රැස්වීමේදී ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය දින දෙකක් තුළ දැනුවත් කරන ලෙසත් ලබන 17 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙසත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දීම සහ එම නිර්දේශ එලෙසම බලපැවැත්වෙන බව නැවතත් ලේකම්වරයාට අවධාරණය කිරීම.

 

  1. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අදාළ පසුගිය කෝප් කාරක සභා සාකච්ඡා සටහන් පදනම් කර ගනිමින් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම.

 

  1. එසේම පවත්නා ආර්ථික තත්ත්වය තුළ සංවේදී ආයතන කැඳවීම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර විශේෂයෙන් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් අවස්ථානුකූලව ක්‍රියාත්මකව වීමට තීරණය කෙරිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති වෙන්න යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට කාදිනල් හිමිගේ බලවත් විරෝධය!

Next Post

සඳගල සොරකම – නම ගෑවුන ඇමති පුතෙක් විදේශගතවීමේ සූදානමක !

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.