ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කට ඇරියේ නැති අය කට අරන්න පටන් අරන්… වෙන දේ බලන් ඉන්න… පාස්කු විමර්ශන ගැන ජනපති කියයි!

by editor
අප්‍රේල් 20, 2025
in පුවත්
anura-d
Share on FacebookShare on Twitter

මේ රටම බලාගෙන ඉන්නා ඉතාම සංවේදී විමර්ශන කටයුත්තකට අදාලව විමර්ශන ඉතාම හොඳින් පවත්වාගෙන යන බවත් කට ඇරපු නැති පිරිස් කටවල් අරිමින් සිටින බවත්, සම්බන්ධයක් නැති බව කී පිරිස්වල සම්බන්ධතා හෙළිවෙමින් පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (20) බදුල්ල ජනතා රැළිය අමතමින් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම විමර්ශනයේ ගතවන අදියර ඉතාම සිහි නුවනින් සූක්ෂමව කළ යුතු බැවින් බොහෝ කරුණු ජනතාවට හෙළිදරවු නොවනු ඇති බවය. විමර්ශන යහපත් අතට සිදුවෙමින් තිබෙන බවට ජනතාවට සහතියක් දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන දිගුව සම්බන්ධව ඉඟිකරමින් එම හෙළිදරවුව්ව කළ ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

සිදුවුන අපරාධ සම්බන්ධව අපේ මැදිහත්වීම මොකක්ද. විමර්ශනය කරලා නඩු දාන එක. තවත් ලොකු නඩු කීපයක් ඉදිරි සති දෙක තුන තුළ වැටේවි. නඩු දානවා. අපි ඒ කටයුතු ඉතාම හොඳින් කරගෙන යනවා. අපි මේ රටේ සංස්කෘතියක් හදන්න ඕන කවදා අපරාධය කළත් කවදා හොරකම කළත් කවදා හරි දඬුවම ලැබෙනවා කියන සහතිකය අප මේ රටේ පුරවැසියන්ට ලබා දෙන්න ඕන.

අපේ රට ගොඩනගනවා නම් පුරවැසියන් නීතියට යටත් වෙන්න ඕන. පුරවැසියන් නීතියට බයක් තියෙන්න ඕන. එහෙම තමයි රටක් දියුණු වෙන්නේ. අපේ රටේ ජනතාව නීතටය යටත්. අපේ රටේ ජනතාව නීතියට බයයි. හැබැයි පාලකයා බය නෑ. ඒ ගොල්ල කවදාවත් නිතියට බයක් තිබුනෙ නෑ. ”

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

පාලකයින්ට සහ බලවතුන්ට එක් නීතියක් සහ සාමාන්‍ය ජනතාවට එක් නීතියක් ලෙස තවදුරටත් රට තුළ නීති දෙකක් නැති බව කී ජනාධිපතිවරයා පැවසුවේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මකවන රටක් මේ වනවිට නිර්මාණය වී ඇති බවය. පොලිසියට බයේ පොලිස්පතිවරයාට සැඟවී සිටින්නට සිදුවී ඇත්තේ ඒ නිසා බව ද ඔහු පැවසුවේය.

” මේ වනවිටත් මහ ඇමතිවරු දෙන්නයි ඇමතිවරයයි ඇතුළෙ. තවත් කෙනෙක් හැංගිලා ඉන්නවා. ඉතා ක්‍රමවත්ව ඉතාම හොඳින් විමර්ශන කරලා අධිකරණයේ දඬුවම් දිය හැකි ආකාරයේ නඩු ගොනු කිරීම තමයි නීතිපති දෙපාර්තමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැවරිලා තියෙන්නේ. අද ඒ පළිබඳව විශාල විශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගිලා තියනවා.

පසුගිය දා අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයට ගියාට පස්සේ ඌව මහ ඇමතිතුමා ගැන ගොනු කරපු නඩුවට විනිසුරු තුමා ඇහුවා ඇයි මේ නඩුව අධිකරණයට ඉදිරිපත් කරන්න අවුරුදු 10ක් ගියෙ ඇයි කියලා. ඇය එතකොට කිව්වා අවුරුදු 10ම හිටියේ මේ ගොල්ල කියලා. ඒ ගොල්ල ඉන්නකොට ඒ ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.

උතුරු මැද මහ ඇමති ගැන නඩුව අධිකරණයට ගිය වෙලාවෙදි එතුමගේ නීතිඥ මහත්වරු අධිකරණයෙන් ඉල්ලා සිටියා මේ පිළිබඳව ලිහිල් දඬුවමක් ලබාදෙන්න කියලා. නඩුකාර තුමා කිව්වා අනුරාධපුරය දුප්පත් පලාතක්. විශාල ජනතාවක් පීඩාවට පත් වෙලා තියනවා. ජනතාව ආර්ථිකයෙන් විශාල වශයෙන් බැට කෑවා. මේ වගේ ඒවට අඩු දඬුවම් නෙමෙයි. දෙන්න ඕන වැඩිම දඬුවම් කියලා ලක්ෂ 26ට අවුරදු 16ක් ඇරියා. නීතිය. විශ්වාස නැද්ද.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතාම දක්ෂ නිලධාරීන් අධිකරණ හමුවට ගිහින් මේ කාර්යයන් ඉටු කරමින් ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස තබන්න ඕන ආයතන කෙරෙහි. විමර්ශන කරන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒක යහපත් ආකාරයෙන් අපි ගොඩනගලා තියනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඉතාම හොඳන් අපි ගොඩ නගලා තියනවා. මේ ආයතන හොඳින් ගොඩනැගුනොත් අපරාධකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කළ හැකියි.

ඒ නිසා මම ඔබට කියන්නම්. වංචා දූෂණ පිළිබඳ විතරක් නෙමෙයි. මේ රටේ කරලා තියන මිනිස් ඝාතන පැහැර ගැනීම්, අතපය කඩා දැමීම් ආදී බරපතල ගණයේ ක්‍රියා තියනවා. මේ හැම එකකටම නීතිය ක්‍රියාත්මක කරන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව බැඳිලා ඉන්නවා.
ඉතාම වැදගත් රටම බලන් ඉන්න පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා. හැබැයි විමර්ශනයේ ඉදිරි පියවර ඉතාම සූක්ෂමව සහ ප්‍රවේශම් සහගතව සිදුකළ යුතුව තිබෙනවා. ඒ නිසා සමහර ඒවා ඔයගොල්ලන්ට දැම්ම දැනගන්න ලැබෙන්නෙ නැතිවේවි. ඒත් විමර්ශනය ඉතාම හොඳින් කරගෙන යනවා. මම ඒ සහතිකය දෙන්නම්.

කට ඇරපු නැති අය කට අරින්න පටන් අරන් තියනවා. සාක්ෂි දෙන්න බයේ හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියනවා. සම්බන්ධ නෑ කියපු අයගේ සම්බන්ධතා හෙළිදරවු වෙමින් තිබෙනවා. ඒ නිසා විමර්ශන යහපත් අතට සිදුවෙමින් තිබෙනවා.

අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලි තලා යට වැළලෙන්න දෙන්නෙ නොදී පුරවැසියන්ට සාධාරණය ඉටු කර දෙන බවට මම සහතික කරනවා.

ජනාධිපතිවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිරි දළදා වන්දනාව නිමිත්තෙන් දන්සල් 511ක් ලියාපදිංචි වෙලා… තවත් 120ක් ලියාපදිංචිය ලබා ගන්න පෝලිමේ… ලියාපදිංචි ජංගම වෙළෙදුන් ගණන 437ක්…

Next Post

වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා -රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.