කීර්ති ප්‍රනාන්දු –
කටුනායක ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් සංවිධානය කළ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ උද්ඝෝෂණය මේ වන විට ඇවරිවත්ත ඔරලෝසු කණුව ඉදිරිපිට දී පැවැත්වේ.
මෙම විරෝධතාවය සඳහා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් දහස් ගණනක් එක් වී සිටිති. නිදහස් ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් අද දින සේවා ඇ සඳහා වාර්තා නොකර මෙම විරෝධතාවයට එක් වී සිටිති. ජන පීඩක වැඩ බැරි ආණ්ඩුව පන්නා දැමීමේ තේමාවන මත මේ දැවැන්ත උද්ඝෝෂනය පැවැත්වේ…








