ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය සහනාධාර ලබා දීමට අවශ්‍ය මූලික පදනම සැකසෙන්නේ වත්මන් ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වී ගිය පසු අවස්ථාවක විය හැකි බව කටාර් රාජ්‍ය ප්‍රධානින් ඉන්ධන සොයා ගිය ශ්‍රී ලාංකික දූත පිරිසට ඉඟි කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග හෙළි කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධි නියමන් ප්‍රකාරව කොවිඩ් වැළඳී මිය යන මුස්ලිම් පුද්ගලය දේහ භූමදානය සඳහා අවසර ලබා දෙන ලෙස ලෝකයේ ඉස්ලාමීය රටවල් 57ක සහභාගීත්වයෙන් යුතු ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය කළ ඉල්ලීම නොසලකා, ඒ පිළිබඳව නම්‍යශීලී සාකච්ඡාවක් සඳහාවත් යොමු නොවී ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව බරපතල පීඩනයට පත් කරමින් එම දේහ ආදාහනය කිරීමට කටයුතු කිරීම, මෙම රාජ්‍ය තාන්ත්‍රික විරෝධය මතුවීමට ප්‍රධාන හේතුව වී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම කටාර් චැරිටි පුණ්‍යායතනය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කළ එම සංවිධානයෙන් ආධාර ගෙන අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිය හිජාස් හිස්බුල්ලා සම්බන්ධව හැසිරුණු ආකාරය ද මේ විරෝධයට හේතුවක් වී ඇතැයි දැනගන්නට ඇත.
මේ තත්ත්වය තුළ රජයට කටාර් පුණ්‍යායතනය වෙත දමා තිබූ තහනම හදිසියේ ඉවත් කරගන්නටත් බලශක්ති ඇමතිවරයාට කටාරයේ දී ඒ බව ප්‍රකාශ කරන්නට සිදු වී ඇතැයි වාර්තා වේ.
Discussion about this post