පානදුර සුමිත් පොතුපිටිය
මත් පැන් පානය කර වෙරිමතින් පානදුර ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් අසල අශෝබන අන්දමින් හැසිරුන බාලවස්කාර දැරියන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කටයුතු කළේය.
අත්අඩංගුවට පත්වූවන් අතර බාල වයස්කාර දැරියන් දෙදෙනා සමග පිරිමි ළමයෙකු, තරුණියක් සහ තරුණයින් දෙදෙනෙකු වන බව පොලිසිය කීය.
සංචාරක හෝටලයක් අසල මත්පැන් පානයකල තරුණ ළමුන් පිරිසක් අශෝභන ලෙස ගැවසෙන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද දුරක්කථන ඇමතුම් මත ක්ෂණිකව ක්‍රියාත්මකවූ පානදුර අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරීන් ස්ථානයට ළගාවීමේදී මෝටර් රථයක නැගී පිටව යාමට සූදානම්වූ බව පොලිසිය කීය.
ඔවුන් සියලු දෙනා මත්පැන් පානය කර සිටී බවට සැලවීම නිසා රියදුරු තරුණයා ඇතුළුව හයදෙනාම පොලිසියට රැගෙන ආ බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.
ගැහැනු ළමුන් තිදෙනා සංවරයකින් තොර ඇදුම් ඇද සිටී බවත්, ඔවුන් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට මැලි කමක් දක්වන බවත් සදහන් කළේය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධ්කාරී නිශාන්ත සේනාරත්නගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකරගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.







