දිනසේන රතුගමගේ –
කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මංගල්ලය සඳහා ඉන්දීය බැතිමතුන්ටද සහභාගී වීමට රජයෙන් අවසර ලබා දී ඇති බව යාපනය දිසාපති මහේසන් කනපතිපිල්ලේ අද ( 21 ) පැවසීය.
මීට පෙර පැවති සාකච්ඡාවකදී ඉන්දීය බැතිමතුන්ට වාර්ෂික මංගල්ලයට සහභාගී වීමට අවසර ලබා නොදෙන බවට ගත් තීරණය විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීම මත වෙනස් කිරීමට සිදුව ඇති බවද දිසාපතිවරයා පැවසීය.
කෙසේ වෙතත් මාර්තු මස 11 හා 12 යන දිනවලදී කච්චතිව් වාර්ෂික මංගල්ලයට සහභාගී වන ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බැතිමතුන් කොරෝනා රෝගය සඳහා වූ එන්නත් තුනම ලබා ගෙන ඇද්ද යන කාරණය කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමට තීරණය කොට තිබේ.
කච්චතීව් මංගල්ලය සදහා මෙවර අවසර හිමි වන්නේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බැතිමතින් 500 කට පමණි.
නාවික හමුදාව මෙම බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමේ කටයුතු ආරම්භ කොට තිබේ.







