ශ්‍රියානි විජේසිංහ –
දේශීය ඖෂධ මිලදී ගැනීම් දිනෙන් දින වැඩිවීම හා එසේ මිලදී ගන්නා ඖෂධ පවතින මිලට වඩා වැඩි මිල ගණන යටතේ ගැනීමට සිදුවීම හේතුවෙන් වාර්ෂිවකව අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් මෙය ජාතික ධනය විනාශ වීමට හේතුවක් බවත් සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
සෞඛ්‍ය සේවාව හා ඖෂධ මිනිස් ජිවිත හා බද්ධව පවතින බවත් ඒ සඳහා විකලප් නොමැති බවත් ඇමතිරයා කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ඖෂධ නියාමනය, සැපයිම හා බෙදාහැරීමේ අංශයන්හී නිලධාරීන් සමග ඇමතිවරයා අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාව සදහා ඖෂධ නියාමන අධිකාරිය, රජයේ ඖෂධ සැපයීම් අංශය, අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී , අමාත්‍යංශ ලේකම් ඇතුලු පිරිසක් සහභාගි වූහ.