පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක ගනුදෙනු කීපයන් සිදුවූ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වන ජාතික ඖෂධ නියාමන අධිකාරි ප්‍රධාන විධායක නිලධාරීයා ආයතනය තුළ රැඳෙමින් තව තවත් අක්‍රමිකතාවන්ගේ යෙදෙන බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
විධායක නිලධාරීවරයාට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙසට දැනුම් දී තිබියදීත් ඔහු තව දුරටත් සිය තනතුරේ රැඳී සිටිමට උත්සහ දරන බව සංගමයේ සභාපති තුෂාර රණදේව පවසා සිටියි.
විධායක නිලධාරිවරයා සිය බලය පාවිච්චි කරමින් පෙරේදා සවස 6.30ට පමණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණ එහි තිබු ලිපිගොනු කීපයක් තීරු ආකාරයට කපා විනාශ කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි හෙතෙම පැවසුවේය.
මෙසේ විනාශ කළ ලිපිගොනු කසළ වාහනයට භාර දී ඇති බවත් තවත් තොගයක් කසළ වාහනයට භාරදීම සඳහා ආයතනය තුළ සුරක්ෂිතව තබා ඇති බවත් සභාපතිවරයා අවදාරණය කරයි.
මේ වන විට ඉම්නොග්ලොබින් ඖෂධය සම්බන්ධයෙන් විධායක නිලධාරීවරයාට උසාවි නියෝගයක්ද නිකුත් වී ඇති
කෙසේ නමුත් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා ඔහුට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස පැවසුවද ඔහු එම ඉල්ලීම පිලිබඳව කිසිදු තැකීමක් නොකර තව දුරටත් එම තනතුරේම රැඳි සිටින බව හෙතෙම පැවසීය.