තමන් පාර්ලිමේන්තුවට රැගෙන ආවේ තමාගේ බෑගය සහ කුඩා විදුලි පන්දමක් පමණක් බවත් පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන ලදැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී ඊයේ නැගූ චෝදනාවට පිළිතුරු දෙමින් මන්ත්රීවරයා මේ බව පැවසීය.
ඔහු මුලසුනේ අවසරය ඇතිව මෙම ප්රකාශය කළේය.
“මගේ බෑගය භාණ්ඩ පරීක්ෂා කිරීමේ යන්ත්රය මගින් පරීක්ෂාවට ලක් කෙරුනා. භයානක කිසිවක් මා පාර්ලිමේන්තුවට රැගෙන ආවෙ නෑ. ඒ වගේම මා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළෙත් නෑ.“ මන්ත්රීවරයා කීවේය.
රන්ජන් රාමනායක හිටපු මන්ත්රීවරයා සම්බන්ධයෙන් යම් දෙයක් ලබන සතියේ කිරීමට සූදානම් වන බව පැවසූ හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා එම කටයුත්තට බාධා නොකරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.







