නවසීලන්තතයේ ඕක්ලන්ඩ් සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම කළ ත්‍රස්ත ප්‍රහාරකයා ප්‍රචණ්ඩ අන්තවාදියෙකු ලෙස හඳුනා ගත් ශ්‍රී ලාංකිකයෙක් බවට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් විසින් පවසා තිබේ.
අද නිව් වර්ල්ඩ් සාප්පු සංකීර්ණයේදී සිදු වූ බිහිසුණු පිහි ප්‍රහාරයෙන් පසු ඔහුට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමෙන් මියගොස් ඇත.
2016 සිට එරට ජාතික ආරක්‍ෂාව ගැන උනන්දුවක් දැක්වූ අන්තවාදී මත දැරූ lone wolf හෙවත් තනි වෘකයකු ලෙස අයිඑස් මත දැරූ ශ්‍රී ලාංකිකයෙක් බව ඇය පවසා තිබේ.
සිකුරාදා පස්වරුවේ පිහියකින් සන්නද්ධව ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැලකට කඩා වැදුණු ඔහු පුද්ගලයින් 6 දෙනෙකු තුවාල කර තිබූ අතර තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඔහු සුපිරි වෙළඳසැලේ රාක්කයකින් පිහියක් ගෙන ඇත. ප්‍රහාරය සිදුකර තත්පර 60 ක් තුළදී ඔහු පොලිස් වෙඩි පහරින් මිය ගියේය.
ඔහු මෙම ප්‍රහාරය සඳහා නිවසින් පිටවූ මොහොතේ සිටම පොලීසිය ඔහු පසුහඹමින් ගොස් ඇති නමුත් ඔහුගේ පිහිපහර 6 දෙනකුට එල්ල කිරීම සිදුවී ඇත. පොලීසිය ඔහුට වෙඩි තබා ඇත්තේ ඉන් පසුව ය.
මොහු එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට එරට රජය දැනසිටි අතර නවසීලන්ත ආරක්ෂක අංශ විසින් නිරන්තර අධීක්ෂණයට ලක්වෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
අයිසිස් කෙරෙහි ඔහුගේ ඇති දැඩි අන්තවාදී අදහස් සහ එම ත්‍රස්ත සංවිධානය කෙරේ ඇති අනුකම්පාව හේතුවෙන් 32 හැවිරිදි ඔහු දිගටම නිරීක්ෂණයට ලක් විය. මොහු 2011 දී එරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව අගමැතිනිය පැවසීය.