සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබ මා විශ්වාස කරන්න… අනිවාර්යයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයේ අපරාධකරුවන් හොයනවා!… ජනපති කටුවාපිටියේ වින්දිතයින් හමුවී සහතික වෙයි.

by editor
ඔක්තෝබර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ අපරාධකරුවන් අනිවාර්යයෙන් සොයා නීතිය හමුවට පමුණුවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) කටුවාපිටිය පල්ලියට පැමිණ තවමත් එහි ඇති ලේ වැකි සුරුවම් අතර හිඳිමින් කටුවාපිටියේ වින්දිත  ජනතාවට   සහතික වුනේය.

වසර පහකට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ගේ රුධිරය තවමත් ඒ ප්‍රතිමාවල තැන්පත්ව ඇත…

ඉතිහාසයේ මුල්ම වතාවට ජනතාවගේ ප්‍රාර්ථනා හා පාලකයින්ගේ ප්‍රාර්ථනා සමපාත වූ රජයක් බිහිවී ඇති බව කී ජනාධිපතිවරයා, පාස්කු ප්‍රහාරය විමර්ශනය සිදුකර සාධාරණය ඉටුවනු දැකීමේ කටුවාපිටිය ජනතාවගේ ප්‍රාර්ථනාව තමන්ගේත් ප්‍රාර්ථනාව පැවසූවේය.

ඔහු පාස්කු වින්දිතයින් හමුවේ කටුවාපිටිය පල්ලියේ දී  මෙසේ පැවසුවේය.

මා හිතනවා ඔබ පසුගිය ජනාධිපතිවරණ‍යේදී එම දේශපාලන තිරණය ගන්නකොට තවත් සාධක ගොඩක් සැලකිල්ලට භාජනය කළා හා සමාන ලෙස මෙම පාස්කු ඉරිදා ප්‍රහාරයට සාධාරණය ඉටුවීම පිළිබඳ අපේක්ෂාවක් තිබුණා කියලා මා විශ්වාස කරනවා.

මේ ජන ප්‍රජාව ජිවත්වෙන බොහෝ ප්‍රදේශවල ජනතාව අප කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මා හිතනවා ඒ විශ්වාසය සාධක ගොඩක් අතර ප්‍රධානම සාධකය පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය පිළිබඳ සාධාරණයේ සහ යුක්තියේ අපේක්ෂාව. මම ඔබට සහතිකයක් දෙන්නම්. ඔබගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක්.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

පළමු කොටම අප පාලනයක් ගොඩ නගලා තියනවා මේ රටේ පුරවැසියන්ගේ අරමුණත්, මාගේ අරමුණත් එකක් වෙන. මේ රටේ පුරවැසියන්ගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක් වෙන. මේ රටේ පුරවැසියන්ගේ බලාපොරොත්තුවත් මාගේ බලාපොරොත්තුවත් එකක් වෙන. ඒ නිසා ඔබ අපේක්ෂා කරන යුක්තිය පිළිබඳ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම නිරාකරණය කරලා සාධාරණය ඉටු කිරීම මාගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුව.

එය දැනටමත් අපි ආරම්භ කර තිබෙනවා. ඉතා ඉක්මනින් අපේ පරීක්ෂණ දියත් කිරීම සදහා කටයුතු දියත් කරලා තිබෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට අප මේ ප්‍රශ්නයේ දී සාධාරණත්වය යුක්තිය මේ සමාජය තුළ තහවුරු කරනවා. නැවත මෙවැනි ඛේදවාචකයක් අපේ රට තුළ ඇති නොවීම සඳහාවූ පරික්ෂණයක් අත් දැකීමක් අපේ රටට අවශ්‍යයයි. ඒ පිළිබඳව මා ඔබට සහතික කරනවා.” ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාව පහත දැක්වේ.

අද පෙරවරුවේ කටුවාපිටිය පල්ලියට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුකළේය.

අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම තමන් වෙත ලබා ගත්තේය.

මිය ගිය අය සිහි කරන ස්මාරකය….

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඛේදවාචකයකට තල්ලු කර නන්නත්තාර කළ ප්‍රජාවක් ඔබ කෙරෙහි විශ්වාසය තැබුවේ යුක්තියේ නාමයෙන්… එය ඉටු කරන්න… කටුවාපිටිය වින්දිතයින් ඉදිරියේ කාදිනල් තුමෝ ජනපතිට කියති!

Next Post

පැනිල්ල පටන් අරන්… කොළඹ අපරාධ කොට්ඨාසයේ IP කෙනෙක් රටින් පනී…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.