දේශපාලන සංස්කෘතිය වෙනස් වුව ද දේශපාලන ආදර්ශය වෙනස් වුව ද රාජ්‍ය සේවය ඒ බරින් වෙනස් වන්නේ නැතිනම් ජාතික වශයෙන් සිදුකරන්නට සැලසුම් කරනු ලබන වෙනස්කම් සිදු කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානාය අද ( 01) පැවසුවේය
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සමාරම්භක උළෙලේ දී ජාතිය අමතමිනි. රාජ්‍ය සේවයේ නව වෙනස්කම් සම්බන්ධව ආදර්ශයන් රැසක් දී ඇති බව කී ජනාධිපතිරයා ශ්‍රී ලංකන් සමාගමේ, ගෑස් සමාගමේ, තෙල් සංස්ථාවේ ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක සභාපතිවරුන් කටයුතු කරන්නේ ස්වේච්ඡාවෙන් බව පෙන්වා දුන්නේය.
එමෙන්ම ඩිජිටල් කරණය සම්බන්ධ ලංකාවේ සිටින විශිෂ්ටතමයාත්, විද්‍යා හා පරික්ෂණ පිළිබඳ ලෝක සම්භාවනාවට පත් විද්වත් වෘත්තිකයෙක් මෙන්ම ආර්ථිකය පිළිබඳ ප්‍රායෝගික අත්දැකිම් ඇති විශිෂ්ඨතම වෘත්තිකයෙකුත් ජනාධිපති උපදේශකවරුන් ලෙස වැඩ කරන්නේ රුපියලක වැටුපක් නොගෙන ස්වේච්ඡාවෙන් බව ජනාධිපතිවරයා පැවසුවේය.
” මේ වෙනස්කම කරන්න බැ රාජ්‍ය ආයතන තමන්ට පැවරි ඇති වගකීම නිසි පරිදි නිසි බරින් තේරුම් අරන් ඒ වෙනස්වීම සඳහා සහාය ලබා දෙනනේ නැතිනම්. මා ඒ අදාල ආයතනයන්ගේන් ඉල්ලා සිටින්න ලෑස්තියි… ඒ අවශ්‍ය සහාය අපට අවශ්‍යයයි.”
“මොකද ඕනෑම ශක්තිමත් ගොඩනැගිල්ලක් ගොඩ නගන්න ඕනෑම ශක්තිමත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඉතාම ශක්තිමත් පදනමක් අවශ්‍යයයි. අත්තිවාරමක් අවශ්‍යයයි. අපේ ජාතිය අපේ රට අත්තිවාරම අහිමි වූ රටක්. පදනම් අහිමි වූ රටක්. ඒ නිසා මූලික ප්‍රවේශය සැලකිය යුතු ප්‍රමාණයකින් නිමා කරමින් තිබෙනවා. මේ රට යළි ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය අත්තිවාරම පදනම අපි සකස් කරලා තිබෙනවා.”
“දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, නිතියේ විධාන ආධිපත්‍යය ව්‍යස්ථාවට ගරු කිරීම, අල්ලස දූෂණ වංචා පිට දැකීම…. මේ අත්තිවාරම අපට අවශ්‍යයයි මේ රට ඉදිරියට ගෙනියන්න නම්. අපි ඉතාම වේගයෙන් සැලසුම් සහගතව ඒ අත්තිවාරම ගොඩ නගමින් තිබෙනවා.”
සෑම පුරවැසියෙක්ම තමන්ට ඇති වගකීම සම්බන්ධව වග වීමට සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා පැවසුවේය. යහපත් ජාතික් ගොඩ නැගීම සඳහා අවශ්‍ය ප්‍රවේශය නීතියෙන්ම නොව පුරවැසියන්ගේ අවබෝධය සහිතව ඉතා නම්‍ය ශීලී ලෙස ලබා ගන්නට රජය සූදානම් බව කී ජනාධිපතිවරයා එම නම්‍යතාවයට යමෙක් බාධා කරනවා නම් අදාල හැරවුම දැඩි ලෙස ලබා ගැනීමට නොපැකිලෙන බවද අවධාරණය කලේය.







