පුද්ගලිකව කොතරම් පාඩු වුවද රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමාට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.
රටක් ඉදිරියට ගෙනයාමට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදීය.

ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට රට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත් වී ඇති අතර ඉදිරි සියලු අභියෝග ජය ගැනීමට ඔහුට ආශිර්වාද කරන බව ධම්මාලංකාර නායක හිමියෝ පැවසූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව කීහ.
අත්දැකීම් බහුල දේශපාලන නායකයෙකු වූ රනිල් වික්‍රමසිංහ ඉතා අභියෝගකාරී අවස්ථාවක, බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ පරිදි ජනාධිපති ධූරයේ භාරධූර වගකීම භාරගත් බව සඳහන් කළ මහා නායක හිමියෝ රට මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනයෙන් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමට ඔහුට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන බව පැවසූහ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ අනුශාසනාවක් කරමින් සඳහන් කළේ ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් සාමකාමී විරෝධතාවලට ඉඩදීම මෙන්ම නීති විරෝධි ක්‍රියා මැඩලීම රජයේ වගකීම බවයි.
මෙහි දී ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.







