ජනාධිපතිවරයා ලෙස පත්වී මේ ලැබූ ජයග්‍රහණය බාධක කම්කටොළු නැගීම් වැටීම් රැසකට මුහුණ දී ලබා ගත් ජයග්‍රහණයක් බවත්, දුෂ්කරතා බාධක කම්කටොළු සියල්ල ම අවබෝධයෙන් කටයුතු කරන ඔබට රටේ ජනතාව බලාපොරොත්තු වන රටක් උදාකර දීමට හැකිවනු ඇතිය යන්න අපගේ විශ්වාසය බවත් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමීන් වහන්සේ පැවසූහ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රථම කාර්ය ලෙස දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමටත් මහනායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමටත් පැමිණ ආශිර්වාද ලබා ගැනීම ආදර්ශයක් බව ද ගුණ ගරුක මනුෂ්‍යත්වය උතුම් කොට සලකන නායකයින් රටට අවශ්‍ය බව ද උන්වහන්සේ පැවසූහ.
අද (23) අස්ගිරි මහානායක හිමි ප්‍රමුඛ අස්ගිරි කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනයෙන් ආශිර්වාද ලබා ගත් හ.







