සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ බැංකු නිලධාරීන්ට අවශ්‍ය මාවත් අමාරුවෙ දමා රජය වැනසීමට ද?

ජනාධිපතිවරයා යළිත්  මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන්ව ජනාධිපති මන්දිරයට ගෙන්වා අමතයි.

by editor
ජූනි 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

“ගිය ආණ්ඩුව කරපු වැරදි ගැන කතා කරන්න මට උවමනා නෑ. එදා සොරකම් කරන විටත් ඔයගොල්ලම තමයි මහ බැංකුවේ හිටියේ. ඒ ගැන ඔයගොල්ල හොඳින්ම දන්නවා. ඒ හොරකම්වලට සහයෝගය දුන්නා නම්  මම ඉල්ලන සාධාරණ යෝජනාව ඉටු කරන්න බැරි ඇයි. මේ වගේ නිලධාරීන් සමග වැඩ කරන්න පුලුවන් ද?“

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහබැංකු නිලධාරීන් අමතා මේ දැඩි ප්‍රකාශය කළේ අද (16) මහබැංකු අධිපති ප්‍රමුඛ ප්‍රධාන නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ    පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

උද්ගතව ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලොව වෙනත් රටවල මහ බැංකු නොයෙකුත්  ක්‍රමවේදයන් ක්‍රියාවට නන්වා තිබුණ ද ශ්‍රී ලංකා මහබැංකුව ඒ කිසිවක් සිදුකර නොමැති බව   ජනාධිපතිවරයා එහිදී පැවසුවේය. මේ මහබැංකු නිලධාරීන්   අඩුම තරමින් තමන් දෙන උපදෙස්වත් ක්‍රියාවට නන්වා නැති බව ඔහු කීවේ දැඩි ස්වරයෙනි.

ආර්ථික පුරනර්ජීවනය  සඳහා පසුගිය කාලය තුළ රජය විසින් යෝජනා ඉදිරිපත් කර තිබුණ ද ඊට මහ බැංකුව මෙතෙක් කිසිදු සහයෝගයක් ලබා දී නැති බව ජනාධිපතිවරයා කිවේය.  එසේ කිරීමට හේතු කුමක්දැයි ඔහු මහබැංකු අධිපතිවරයා ප්‍රමුඛ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී තවදුරටත් අදහස් දැක්වූ  ජනාධිපතිවරයා මෙසේ ද කීය.

“උද්ගතව තිබෙන සෞඛ්‍යය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩදිය නොහැකියි.  පවතින තත්වය හමුවේ ලොකු රටවල් පමණක් නොව, කුඩා රටවල මහබැංකු විවිධ පියවර රැසක් මේ වනවිට ගෙන තිබෙනවා. නමුත් අප මොනවද අරන් තිබෙන විශේෂ පියවර. මේ රට වෙනුවෙන් අපේ මහා බැංකුව කිසිම පියවරක් ගෙන නෑ.

පවතින අර්බුදකාරී තත්වයෙන් ගොඩ ඒමට විවිධ ක්‍රම අනුගමනය කළ හැකියි. බැංකු සම්බන්ධයෙන් අප ලබාදුන් උපදෙස් කිසිවක් ක්‍රියාත්මක නැහැ. ලීසිං සමාගම් සම්බන්ධව කළ යුතු කටයුතු කිසිවක් කර  නැහැ. ඊ.ටී.අයි. වැනි ආයතන සම්බන්ධයෙන් වැරිදි ආකාරයට ඔයගොල්ල කටයුතු කර තිබෙනවා. අන්තිමට ඒ අයට මුදල් ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත්ව තිබෙනවා.

මහබැංකුවේ ඉන්නෙ ආර්ථිකය ගැන අවබෝධයක් තිබෙන අය. ලක්ෂ ගනණින් මේ අය පඩි ගන්නවා. නමුත් ඔයාල මොවද කරන්නෙ. රටේ උද්ගතව ඇති තත්වය හමුවේ නිදාගන්නෙ නැතිව නිසි ක්‍රමවේදයන්ට අනුව කටයුතු කරන්න වගකීමක් ඔබට තිබෙනවා.

මම ඔයගොල්ලන්ට ක්‍රමවේදයක් දීලා තිබෙනවා. එය ඔයාලට කරන්න බැරිනම් හෙට උදේ වනවිට ඔයාලගෙ ක්‍රමවේදය ඉදිරිපත් කරන්න. අනෙක් රටවල මහබැංකු ඉතාම වේගයෙන් ඉදිරියට යනවා. ඔයාල ඒ මොනවත් කරන්නෙ නැහැ. මට පේනවිදිහයට ඔයාලගේ උවමනාව වී තිබෙන්නෙ මාව අමාරුවෙ දාලා රජය අපහසුතාවයට පත් කිරීමයි. ඔයාලගෙ රාජකාරිය නිසි  ලෙස ඉටු කරනවා නම් මට මේ ලෙස කතා කරන්න අවශ්‍ය නෑ…“

“ මේ රටේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත්  කිරීමට අදම පියවර ගනිමු යැයි මම මේ තනතුරට පත්වූ දිනයේ සිට මේ දක්වා කියනවා. නමුත් ඒ සඳහා පියරවර ගන්නෙ නැහැ. ගිය ආණ්ඩුව කරපු වැරදි ගැන කතා කරන්න මට උවමනා නෑ. එදා සොරකම් කරන විටත් ඔයගොල්ලම තමයි මහ බැංකුවේ හිටියේ. ඒ ගැන ඔයගොල්ල හොඳින්ම දන්නවා. ඒ හොරකම්වලට සහයෝගය දුන්නා නම්  මම ඉල්ලන සාධාරණ යෝජනාව ඉටු කරන්න බැරි ඇයි. මේ වගේ නිලධාරීන් සමග වැඩ කරන්න පුලුවන් ද?“

මේ රට හදන්න ජනතාව මට විශාල බලයක් දීලා තියනවා. මම ඉල්ලන්නෙ මට මේ රට හදන්න ඉඩ දෙන ලෙසයි.. කොරෝනා වසංගතයට අප මුහුණ දුන්නා. එය කවදාවකවත් නොතිබුණු ආර්බුදයකට අද ලෝකය පත් කර තිබෙනවා. මේ රටේ සෞඛ්‍යය දෙපාර්තමේන්තුව, යුද්ධ හමුදාව, බුද්ධි අංශය පොලිසිය, කැපවීමෙන් වැඩකළ නිසා රට යථා තත්වට පත් කරන්න අපට හැකි වුණා. දැන් අපට තිබෙන්නේ රට ආර්ථික අර්බුදයෙන් පහළටම වැටෙන්න පෙර මෙය ගොඩ ගැනීමයි. එහි වගකීම තිබෙන්නෙ ඔබ සතුවයි. එය කරන් මට ඉඩ දෙන්න.

මම කියන දේ හැරෙන්න මොනවද ඔය අය ඉදිරිපත් කර තිබෙන්නෙ. මේ තත්වයෙන් ගොඩ එන්න ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම ඔයාලගෙ යුතුකමක්. නමුත් මොනවද ඔබ පසුගිය කාලෙ සිදුකළේ. මොනවද මට දුන්න උපදෙස්. මොනවත් නෑ. මම කල්පනා කරලා කියන දේවල් ඉටුකරන්නවත් ඔයගොල්ල ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒකත් වලක්වනවා. මට කියන්න තියෙන්නෙ එපමණයි. කරුණාකර මම කියනදේ කරන්නෙ නැතිනම් ඔයාලගේ  සැලැස්ම හෙට උදේ වනවිට දෙන්න. මම කියන දේ වැරදි නම් මට කතා කර එය වැරදි බව කියන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘මෛත්‍රීගේ උත්සවය නැවැත්තුවේ සාහසික දේශපාලනයයි’

Next Post

තැපැල් ඡන්දය සලකුණු කෙරෙන දින මෙන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.