අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ කඹ ඇදිල්ලෙන් දෙපැත්තම දිනුම්!

by editor
සැප්තැම්බර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කඹ ඇදීම අපේ ලාංකීය ජාතික ක්‍රීඩාව වන තරමටම අපි කඹ ඇද ඇත්තෙමු.

ඒ කඹ ඇදිල්ලේ ප්‍රතිඵල කොච්චරද කියනව නම් අවුරුදු 74 ක්ම ඇදපු කඹ වල ප්‍රතිඵල හැටියට අද රටේ බහුතරයක් එල්ලෙන්න කඹයක්වත් නැත.

කඹ ඇදීමක දී එක් පාර්ශවයක් ජයගන්නේය.  ඉස්සරහට ගියොත් පරදින පස්සට යන තරමට දිනන ක්‍රීඩාවත් කඹ ඇදිල්ලමය. කොහොම උනත් මේ කියන්න යන කඹ ඇදිල්ල නම් දෙපැත්තම දිනපු වර්ගයේ කඹ ඇදීමකි.

පහුගිය දවසක ජිනීවාහි ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ ගිම්හාන සාදය පැවැත්විනි. මේ සාදය හැම අවුරුද්දකම සුපුරුදු ලෙසම කෙරුනත් කොරෝනා නිසාම අවුරුදු 2ක් එය පවත්වන්නට ඉඩක් ලැබුණේ නැත. මෙවර මේ හමුව පැවැත්වෙන්නෙ බොහෝ උණුසුම් හැඟීම් මධ්‍යයේය.

උත්සවයේ විචිත්‍රම අංගය වූයේ කඹ ඇදීමය. අම්මලා දූලා දෙපැත්තට බෙදී  කඹ ඇද්දහ. තාත්තලා පුතාලා දෙපැත්තට වී කඹ ඇද්දහ.

පරම්පරා දෙක්ක අතර ඇති විඝටනය කඹ ඇදීමකි. කොපමණ ආදරණීය වුවද අම්මලා දූලා තාත්තලා පුතාලා නොරොක් වන්නේ මේ පරම්පරා අන්තරය නිසාය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

තාත්තලාගේ පැත්තේ සද්දන්ත තාත්තලාය. පුතාලාගේ පැත්තේ කෙසඟ වුවත් ජවය සහිත තරුණයන්ය. බැලූ බැලුමට පෙනෙන්නේ තාත්තලා දිනන බවය. එහෙත් ආරම්භ සලකුණු වූ සැනින් සද්දන්ත තාත්තලා තමන්ගේ පැත්තට ඇදගන්නට කොල්ලෝ සමත් වූහ.  භූමියේ වාසිය බලන්නට පැති මාරු වුනේය. ඒත් අන්තිමට තාත්තලා තමන්ගේ පැත්තට ඇදගන්නට පුත්තු සමත් වූහ.

අනතුරුව අම්මලා – දූලා ගේ කඹ ඇදිල්ලය. බැලූ බැල්මටම අම්මලා කෙල්ලන් ටික ඇදගනු ඇතැයි සිතුනේය. එහෙත් අම්මලාට වුනේත් තාත්තලාට වූ සන්තෑසියමය. කෙල්ලෝ අම්මලා තමන්ගේ පැත්තට ඇදගත්තහ.

කොහොමත් ලෝකය එහෙමය. මොන පරම්පරා අන්තරය තිබුණත් අම්මලා තාත්තලා ඇදෙන්නේ දරුවන් ලඟටය.

පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා – සරච්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍යයේ දී කීවේ එසේය.

ජිනීවා ගිම්හාන සැනකෙළිය සීතල හිම කඳු පන්ති අතරින් ලංකාවේ සිහිනයට පිරිස රැගෙන ගියහ. දවස පුරා ලාංකික ආහාරය. අවුරුදු ක්‍රීඩාය. ගැයුම් වැයුම්  ඇතුළු බොහෝ සංස්කෘතිකාංගය. අවසානයේ අම්මලා තාත්තලාත් පරාජය කළ දරුවන්ට ත්‍යාග ප්‍රදානයන්ය.

දේශීය ආහාර රස විඳමින්…

අප දුටුවේ දෙපාර්ශවයම ජයග්‍රහණය කළ කඹ ඇදීමක්ය. තමන්ගෙ පරාජය ගැන ආඩම්බර වන අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් දෙස බලන්නෙ ගර්වයෙනි.

අම්මලා තාත්තලා දරුවන් හදන්නේ තමන්ව පසුකරගෙන යන්නටය.

මංජුල හේරත්

ස්විට්සර්ලන්තයේ ජිනීවා සිට

Share69Tweet43
Previous Post

පුහුණුකරුවෙක් ක්‍රීඩකයෙකුට දඬුවම් කළ යුත්තේ තාත්ත කෙනෙක් විදිහට!

Next Post

IMF කළමණාකාර අධ්‍යක්ෂ, ඉන්දීය ජනාධිපති හමුවේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.