බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ අපරාධය වුනේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ… මේ සාමාන්‍ය දෙයක්ලු… සහකාර විදුහල්පති කියයි!

by editor
ජූනි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජේ.ටී. ද සිල්වා –

මහ වැසි මැද පන්ති කාමරයක් තුළ කුඩ ඉහලාගෙන විභාගයක් සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ගේ පාසල ඇත්තේ රත්නපුරයේ නොව,  එය ගම්පහ  නගර මධ්‍යයේ ඇති  මහා විද්‍යාලය බවට අනාවරණය  වී තිබේ.

මේ මහා  ඛේදවාචකයට මුහුණ දී සිටි දරුවන් සම්බන්ධව     විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන   ද තහවුරු කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහා ම විමර්ශනයක් කර වාර්තාවක් ලබා දෙන ලස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත   අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට සහ තමන් වෙත ඊයේ (මැයි 31) උපදෙස් ලබා දුන් බව ය.

‍මේ පිළිබඳව  mawbima.lk වෙබ් අඩවිය   තක්ෂිලා මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති H.B.M. රාජපක්ෂ ගෙන් විමසා තිබිණි.  විදුහල්පතිවරයා පවසා තිබුණේ මේ විදුහලේ සාමාන්‍ය තත්ත්වයක් බවය. දැන් මේ ගැන කතා කර පලක් නැති බවය. සහකාර විදුහල්පතිවරයා සමග කළ සංවාදය   ඔවුන් මෙසේ පල කර තිබුණහ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ප්‍රශ්නය: ඔබතුමාලගේ පාසලේ විභාග ශාලාවක ළමයි තෙමෙන සිද්ධියක් ගැන අපට දැනගන්න ලැබුණා?

පිළිතුර: ඒවා අනේ වැඩක් නැහැ නිකම් මේ බහුබූත කතන්දර.

ප්‍රශ්නය: නෑ. නෑ. අපිට දැනගන්න ඕනේ ඒ වහල ප්‍රතිසංස්කරණය කළා ද කියලා?

පිළිතුර: වහල ප්‍රතිසංස්කරණය කරන… වහල… ඒ කියන්නේ… පෙරේදා පළමු දා රාත්‍රියේ ගම්පහට හුළං ගහලා හොඳට ම වහිනවා. ලංකාවේ දෙවැනියට වැඩි ම වර්ෂාපතනය පෙරේදා ගම්පහ නේ. එතකොට සාමාන්‍යයෙන් හෝල්වල අපේ තියෙන්නේ කොට බිත්ති නේ ඉස්කෝලවල. හෝල් තියෙනවා දැල් ගහලා තියෙනවා.

එතකොට ඒකට හිරිකඩ ඇවිල්ලා දෙපැත්තෙන් වතුර ගහල තියෙනවා. ඕක සාමාන්‍යයෙන් උගන්නන දවස්වලත් වෙනවා.

ප්‍රශ්නය: නැතුව වහලේ මුකුත් ගැටලුවක් නෙමෙයි නේද?

පිළිතුර: නෑ… නෑ… වහලේ ආබාධයක් නෙමෙයි. වහලෙත් අපි ලියලා තියෙනවා… ඒ කියන්නේ වහල දිරල තියෙනවා. ඒ කියන්නේ තෙමෙනවා නෙමෙයි. ලී දිරලා රිපෙයාර් කරන්න ඕනේ. ඒක අපි දෙපාර්තමේන්තුවට ලියලා සල්ලිත් පාස් වෙලා තිබිලා මේ ඊයේ පෙරේදා ඒවා ආපහු නැවැත්තුව සල්ලි නැහැ කියලා. නැතුව වහලේ සම්පූර්ණයෙන් තෙමෙන එහෙම මොකක්වත් නෙමෙයි. නිවාඩු දෙන්න කලිනුත් ඕ ලෙවල් පන්ති පවත්වන ශාලාව ඔය.

ප්‍රශ්නය: එතකොට මේකට මොනවා හරි වැඩපිළිවෙළක් යොදලා තියෙනවා ද?

පිළිතුර: දැන් ඒ හෝල් එක විතරක් නෙමෙයි. මේ පාසලේ තියෙනවා හෝල් පහ හයක්. තට්ටු තුනේ ඒවා. එතකොට ඒ වගේ වැස්සක් හුළඟක් අවොත් හෙටත් තෙමෙන්න පුළුවන් සමහරවිට. ඒ කියන්නේ දෙපැත්තෙන් හුළඟ අවොත් තෙමෙනවා. එහෙම නැතුව උඩින් තෙමෙනවා නෙමෙයි. වහලෙන් තෙමෙනවා නෙමෙයි.

මෙම ගොඩනැගිල්ලෙන් වැසි ජලය කාන්දු වීම හරහා විභාග අපේක්ෂකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂවරයෙකු අපට ප්‍රකාශ කළේ, මෙම පාසල සම්බන්ධයෙන් සොයා බලා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පියවර ගන්නා බව ය.

මව්බිම

Share69Tweet43
Previous Post

මහ ජාතියෙ නායක ඇත්න්ගෙ බාලතැනේ වැඩ ලෝකෙට කන්න දුන්න අපේ රට හිඟමනට දැම්මා – වන්නිලා ඇත්තෝ වේදනාවෙන්!

Next Post

දුමින්ද සිල්වා ජ‘පුර රෝහලේ දී අත්අඩංගුවට!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.