ලලිත් චාමින්ද
ගාල්ල කළේගාන එස්. ඕ.එස් ළමා ගම්මානයෙන් පැන යමින් සිටි 16 හැවිරිදි දැරියක් රත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එස්.ඕ.එස්. ළමා නිවාසයට භාරදුන් බව රත්ගම පොලිසිය පවසයි.
මෙකි දැරිය පදිංචිව සිටි නිවාසයේ රැකබලා ගැනිමට සිටි තැනැත්තිය විසින් බැන වැදීම නිසා ඇය ළමා ගම්මානයෙන් පැනගොස් තිබූ බව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදි අනාවරණය වි ඇත. රත්ගම පොලිසිය ආසන්නයේ දි මෙකි දැරිය පාගමනින් යමින් සිටියදි රත්ගම පොලිස් ස්ථානාධිපති යු.එල්.ඩි ප්රියන්ත මෙකි දැරිය දැක ඇත. ඒ වන විට වෙලාව රාත්රි 7.45 පමණ වී තිබූ අතර පොලිස් ස්ථානාධිපතිවරයාට ඇතිවූ සැකය මත මෙකි දැරිය පරික්ෂාකරණ ලෙස ළමා කාන්තා කාර්යංශයේ නිලධාරිනියන්ට දැනුම් දි ඇත.
ඇයගෙන් කරණු ලැබු ප්රශ්න කිරිමේ දී ළමා ගම්මානයෙන් පැන යන බව ප්රකාශ කොට ඇති අතර මෙකි දැරියගේ සහෝදර සහෝදරියන් තිදෙනෙකුද ළමා ගම්මානයේ සිටින බව ඇය සඳහන් කොට ඇත. පසුව පොලිසිය විසින් මේ පිළිබද ළමා ගම්මානයේ පාලනාධිකාරිය දැනුවත්කොට දැරිය ළමා නිවාසයට භාර දී ඇත.