විකුම් වික්‍රමසිංහ
තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස පත්කර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන උපාලි ජයසිංහ, ජේ.එස්.වීරසේකර, ඩබ්ලිව්.එස්. නිශ්සංක, එස්.ඩී.එස්.පී.සන්දනායක, ජී.කේ.ජී.අපෝන්සු, එස්.පී. රණසිංහ, යූ.කේ. මාරඹගේ, ලාල් සෙනෙවිරත්න සහ අනිල් ප්‍රියන්ත මෙසේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත්කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව නව පත් කිරීම් සිදු කොට ඇත්තේ සේවා අවශ්‍යතා මත ය.