එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ත්‍රස්ත් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධ අංශ කරුණු විමසූ බවත් එම තොරතුරු සාමන්‍ය තොරතුරක් බවට ඔවුන් දැණුම්දී ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරටට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබෙන සියලු තොරතුරු පිළිබඳ නිසි ඇගයීම් සිදු කර අදාල ආරක්කෂ අංශ දැණුම්වත් කිරීමින් සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ආරක්ෂක අමාත්‍යංශ්‍ය සඳහන් කරයි.
ඉන්දියාවේ ද හින්දු පුවත්පත විසින් පෙරේදා (13) පළකළ පුවතක සඳහන්වූයේ එළැඹෙන 18 වැනිදා එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම්කර ඇති බවයි.
අදාල පුවත්පත් වාර්තාවේ සඳහන් වුයේ එම ප්‍රහාරයට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ද සම්බන්ද වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.
මෙයත් කියවන්න…
හින්දු පුවත්පත කරන තිගස්වන හෙළිදරව්ව… මරණ මංචකයට වැටුණු රටට එල්ටීටීඊ් ප්‍රහාරයක්?…
ආරක්ෂක අමාත්‍යාංශය සිද්ධිය සම්බන්ධව නිකුත් කර ඇති නිවේදය….
Discussion about this post