බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්පීඑල් සූදුව හොයන්න ක්‍රීඩා වැරදි ඒකකය හුදකලා සටනක… ටමීම් රහ්මාන්ගේ තවත් කෙළි හෙළි වෙයි!

Owner of Dambulla Thunders, Tamim Rahman Arrested for further inquiry

by editor
මැයි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසිගත වූ ආකාරය සහ කණ්ඩායම් හිමිකරුවන් එක් එක් මිල ගණන් යටතේ අත්කර ගනු ලැබූ ක්‍රීඩකයන් පිළිබඳ ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ දැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

පසුගියදා පැවති එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් හිමිකරුවන් ඇතැම් ක්‍රීඩකයන් ඉහළ මිලකට මිල දී ගැනීම යම්කිසි කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක කොටසක්දැයි විශේෂ විමර්ශන ඒකකයට සැක පහළ වී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රේම් ටකර් විසින් හිමිකාරිත්වය දරනු ලබන Galle Marvels  විසින් මෙරට විශ්‍රාම ගිය ක්‍රීඩකයකුවන ඉසුරු උදාන අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලකට මිල දී ගැනීම හේතුවෙන් එම මූලික  සැකය මතු වී ඇත.

මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේදී මෙරටට ගලා එන විදේශ විනිමය නැවත වංචා මාර්ගික ක්‍රමවේදයක් යටතේ විදෙස් රටවල ගිණුම්වලට බැර වන්නේදැයි ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය දැඩි සෝදිසියෙන් පසුවන බව ද ආරංචිමාර්ග පැවැසීය.

එමෙන්ම ඇතැම් ක්‍රීඩකයන් වෙන්දේසියේදී මිල දී ගැනීම පසුපස කොමිස් මුදල් අත්කර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විශේෂ විමර්ශන ඒකකය නිරීක්ෂණය කරමින් සිටින බව ද වාර්තා වේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

අවශ්‍යතාව මත ඉදිරියේදී තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රශ්න කිරීමට ද විශේෂ විමර්ශන ඒකකය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

එල්පීඑල් තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ  බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත බංග්ලාදේශ ජාතික ටමීම් රහ්මාන්   පෙරේදා අත්අඩංගුවට ගත් විශේෂ විමර්ශන ඒකකය ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්පීඑල් තරගාවලියට අදාළව සිය බුද්ධි ජාලයට ලැබෙන තොරතුරු මත පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූ පුද්ගලයා දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස ක්‍රීඩක වෙන්දේසියට එක්වී අමෙරිකානු ඩොලර් ලක්ෂ හතරහමාරකට දෙස් විදෙස් ක්‍රීඩකයන් 24 දෙනකු මිල දී ගනු ලැබුවද, එල්පීඑල් හිමිකරුවන්ගේ නම් ලැයිස්තුව යටතේ දඹුල්ල කණ්ඩායමේ හිමිකරු ලෙස ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෘප් නමැති බ්‍රිතාන්‍ය සමාගමක නම සඳහන් වීම ද ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ දැඩි නිරීක්ෂණයට ලක්වී ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ සමාගම් පිළිබඳ තොරතුරු ඇතුළත් endole වෙබ් අඩවියට අනුව ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෲප් නමැති සමාගම ලියාපදිංචි කර ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදි  ය.  එහි හිමිකරුවන් ලෙස නම් කර ඇති පුද්ගලයන් දෙදෙනා අතර ටමීම් රහ්මාන්ගේ නම සඳහන් නොවන බවද වාර්තා වේ. එම සමාගමේ ලියාපදිංචියට අනුව එම සමාගමේ සිටින්නේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරුන් දෙදෙනකු පමණක් බවද වාර්තා වේ. ඩැනියෙල් ජෝසෙෆ් විලියම්ස් (අධ්‍යක්ෂ සහ පරිපාලක) සහ ඩ්‍රිව් කැමරොන් ෂර්මන් (අධ්‍යක්ෂ ක්‍රීඩා පුහුණුකරු) යන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා පමණක් සමාගමේ හිමිකරුවන් ලෙස එහි සඳහන් කර ඇතැයි වාර්තා වේ.

එම ලියාපදිංචියට අනුව අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමාගමේ හිමිකරු ලෙස පෙනී සිටීම ද වි‍ශේෂ විමර්ශන ඒකකයේ දැඩි සැකයට ලක්වී ඇතැයි වාර්තා වේ.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අතිශය වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මඟින් පමණක් සිදුවී ඇති අතර, ඒ සඳහා කිසිදු පාර්ශ්වයක සහයෝගය ලැබී නැතැයි ද වාර්තා වේ. –  (ෆව්ස් මෙහොමඩ් දිනමිණ පුවත් පතට සැපයූ කථාවක් ඇසුරිනි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියේ සූදු කෙළිය ක්‍රීඩක ඒජනත්වරුන් ඇතුළු පිරිසක් ගැන දැඩි පොලිස් විමර්ශන…

Next Post

ක්‍රිකට් ලෝකයේ උද්දච්ච මෝඩයන් ඇමරිකාවෙන් නැව් ගුටි කෑ හැටි… බංගලියන් ඇමරිකාවට තරගාවලිය පරදී!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.