පසුගිය 02 එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යූ 288 දරන ගුවන් යානය මුල් කරගෙන එරෝෆ්ලොට් සමාගමට පමණක් වාරණ නියෝගයක් ලබාදී තිබියදී පිස්කල් නිලධාරියෙක් හා නීතීඥවරයෙක් ගුවන් පාලක මැදිරියට ගොස් එහි ප්‍රධාන නිලධාරියාට තර්ජනයක් සිදු කර ඇති බවට කරුණු අනාවරණයවී ඇති බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
එලෙස හැසිරුණු පිස්කල් නිලධාරියාට සහ නීතීඥවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙම සිදුවීම හරහා රුසියාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධව ශ්‍රී ලංකාව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර ඇත.
එමෙන්ම රුසියානු තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම හරහා දෙරට අතර මිත්‍රත්වයට හානි නොවන ආකාරයෙන් කටයුතු කිරීමට එකඟතාවට පැමිණි බවය.







