බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එයා මාව දාලා යයි කියලා දැනුන නිසා මරලා දැම්මා… සරසවි සිසුවියගේ සැකකාර ඝාතකයා පොලිසියට කියයි!

by editor
ජනවාරි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කුරුදුවත්ත තුරඟ තරඟ ක්‍රීඩාංගනය පිටුපස පා පන්දු සම්මේලන ගොඩනැගිල්ල අසල දී ඊයේ (17) ඝාතනය කළ සරසවි සිසුවිය ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කර ඇත්තේ සැලසුම් කර බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඝාතනය කළ තරුණිය – චතුරී හංසිකා…

මෙම ඝාතනයට හේතුව ඇය තමන් අත්හැර දමා වෙනත් පුද්ගලයෙක් හා සම්බන්ධතාවයක් ගොඩ නගා ගනු ඇතැයි යන අනියත බිය ඝාතකයා තුළ ඇතිවීම නිසා බවත් විමර්ශනවල දී හෙළි වී ඇත. තරුණිය ඝාතනය කළ පසු සැකකාර ඝාතකයා මුලින්ම ගොස් ඇත්තේ සරසවියට ය.

ඝාතනයට ලක් වූයේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි නැමැති කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීීඨයේ තුන්වන වසරේ සරසවි සිසුවියකි. ඇය නුගේගොඩ උසස් බාලිකා විද්‍යාලයකින් සරසවි ප්‍රවේශය ඉහළින්ම සමත්වූ තරුණියෙකි. අධ්‍යාපනයට අදාල ඇයගේම යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගෙන ගිය අයෙකි. පවුලේ වැඩිමහල් දියණිය ඇයය. පියා සහ මව යුද හමුදාවෙන් සේවය කර විශ්‍රාම ගොස් තිබිණි.

ඇයව ඝාතනය කළ සැකකාර ඝාතකයා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේම සිසුවෙක් වූ වැල්ලම්පිටිය.කොටුවිල, උස්වත්ත පාර, 245/A/3 ලිපිනයේ පදිංචි වික්‍රමගේ පසිදු චතුරංග ද සිල්වා නැමැත්තෙකි.

තරුණිය ඝාතනය කර තිබූ අයුරු..

පොලිස් අත්අංගුවට පත් මෙම සැකකාර ඝාතක තරුණයා වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කිරිබත්ගොඩ ප්‍රදේශවල 9,10,11 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වමින් සිය ආර්ථිකය කළමනාකරණය කරගෙන අධ්‍යාපනය ලබමින් සිටි අයෙක් බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඔහු ඇයව මරා දැමීමට හේතුව ලෙස පොලිස් විමර්ශකයින්ට පවසා ඇත්තේ ඇය තමන්ව අත්හැර වෙනත් සම්බන්ධයකට යෑමට කළ උත්සාහයක් නිසා බව ය.

“ මට එයාව ඕන, එයා නැතිව බැහැ. මම එයාට අවංකව හදවතින්ම ආදරය කළේ. එයා වෙන කෙනෙක් ගාවට යන්න හැදුවා. එයා මම කියප් දේ ඇහුවෙ නෑ… ඒ නිසා මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ…“ පොලිස් ප්‍රශ්නකිරීම් වලදී ඔහු පවසා ඇත.

සිසුවිය වෙනත් තරුණයෙක් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගනු ඇතැයි දැඩි සැකයෙන් යුතුව ඔහු ඇයට දැඩි තහංචි දමා තිබී ඇති බව ද වෙනත් පිරිමියෙක් සමග කතා කිරීමට ද ඉඩක් ලබා දී නැති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

විමර්ශකයින් පවසන්නේ සිසුවිය ඝාතනය කිරීමට සැකකරු යොදා ගත් පිහිය ඊට දින කීපයකට පෙර ඒ සඳහා වෙළෙඳ සලකින් මිලදී ගෙන ඇති බවත් මෙම ඝාතනය කල් ඇතිව සැලසුම් කළ එකක් බවත්ය.

ඔහු එම පිහිය සිය බෑගයේ දමාගෙන ඊයේ දහවල් 12.30ට පමණ ඇය සමග තුරඟ තරග පිටිය අසලට පැමිණ ඇත.

එහිදී සිසුවිය සමග කතා බස් කරමින් ඇය වෙත තමන් විෂයෙහි හැසිරිය යුතු ආකාරය සම්බන්ධව පවසද්දී තවදුරටත් මේ ආකාරයෙන් ඔහු සමග ඇසුරු කළ නොහැකි බව තරුණිය පවසා තිබේ.

ඒ සමගම කෝපයට පත් වූ තරුණයා මෙම ඝාතනය සිදුකර ඇති බව ඔහු විමර්ශකයින්ට පවසා ඇත. සවස 1ට පමණ මෙම ඝාතනය සිදුවී තිබේ.

සිය පෙම්වතිය ඝාතනය කළ තරුණයා අතේ තැවරුණ ලේ බෑගයේ පිස දමමින් පිහිය බෑගය තුළට දමාගෙන සරසවිය දෙසට දිවගොස් තිබේ. ඔහු එසේ දිව යන ආකාරය ආරක්ෂක කැමරා කීපයක සටහන්ව ඇත.

සරසවියට ගිය ඔහු අනතුරුව වැල්ලම්පිටියේ පිහිටි සිය නිවසට පැමිණ ජංගම දුරකථනය හා හැඳුනුම්පත නිවසේ තබා පිටව ගොස් තිබේ. එසේ ඔහු පිටවී ගියේ කැලණි ගඟට පැන සිය දිවි නසා ගැනීමට දැයි පොලිස් විමර්ශකයින්ට මුලින් සැකයක් අති වි තිබිණි.

නමුත් ඔහු යළි නිවස වෙත පැමිණ සිටිය දී පොලිස් කණ්ඩායමක් ගොස් ඔහුව අත්අඩංගුවට  ගත්තේය.
තරුණිය ඝාතනය කිරීමට යොදා ගත් ලේ තැවරුන පිහිය ඔහුගේ ගමන් මල්ලේ තිබී සොයාගෙන ඇත.

කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලේත් මිදි ගල්වෙන ලෝකයේ ශිතලම නගරයේ බිහිසුණුම ශිත සමයක් ගෙවන මිනිස්සු…

Next Post

අපි තවමත් අනතුරින් මිදී නෑ… රට ලොකු ආර්ථික අර්බුදයක… මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ.

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.