බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත ආශ්චර්යයක් නොවේ … පැණිය සේම එන්නත ගැනත් මහා බලාපොරොත්තු නොතබන්න..

ක්ෂුද්‍ර ජීවවේදය සහ ආසාදන පාලනය පිළිබඳ විශේෂඥවෛද්‍ය මහේන් කොතලාවල කියන කතාව

by editor
ජනවාරි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ක්ෂුද්‍ර ජීවවේදය සහ ආසාදන පාලනය පිළිබඳ විශේෂඥවෛද්‍ය
මහේන් කොතලාවල –

කෝවිඩ් 19  රෝගී තත්ත්වය දරුණු ලෙස පැතිරයාම සමඟම එයට එලි දකින බෙහෙත් හේත් ද වැඩි වන බව පෙනෙයි.   මෙහිදී වඩා බලාපොරොත්තු සහගත ලෙස කෝවිඩ් 19 වැළැක්විමේ පියවරයන් ලෙස මහජනතාව බලාපොරොත්තු දල්වා සිටින අංග දෙකක් ඇත. ඉන් එකක් නම් ගුප්ත විද්‍යාත්මකව සොයා ගත්  පැණි භාවිතයයි.

අනෙක් ලොකයේ දැනට ආරම්භ වී ඇති එන්නත්කරණයයි.

හුදී ජනතාව සිතන්නේ පැණිය මඟින් වෛරසයට ප්‍රතිකාර  කිරීමට හැකි බවය.  විද්‍යාත්මකව සිතන පතන ජනතාව  එන්නත මඟින් රෝගය  වැලැක්විමට හැකියැයි  සිතති.

එහෙත් මගේ අදහස නම් පැණිය මෙන්ම එන්නත  පිළිබඳව ද අධිකව  බලාපොරොත්තු දල්වා බලා සිටීම එතරම් ප්‍රඥා  ගෝචර නොවන බවය.  වසංගතය පැතිරී යාම වැළැක්වීමට සක්‍රීය වශයෙන් දායකත්වය දැක්වූ අයකු ලෙස මට කිව හැක්කේ දැනට නිර්මාණය කෙරී ඇති කොවිඩ්වලට එරෙහි එන්නත් ගැනද  ගැන ඉතා ඉහළින් බලාපොරොත්තු තබා ගැනීම අනතුරු දායකය බවය. ඒ එන්නත්වල ද සාර්ථකත්වය සම්බන්ධ   ප්‍රශ්න සියල්ල නිරාකරණය  වූ  අවස්ථාවක අප තවමත් නොසිටින නිසාය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

එන්නත්වල හදිසි භාවිතය…

දැනට භාවිතයේ ඇති සියලුම එන්නත් භාවිතයට නිර්දේශකොට ඇත්තේ හදිසි අවස්ථා භාවිතය පදනම් කොට යම් යම්   සීමාවන්වලට යටත්වය. එනම්, EUA (Emergency Utilization Agreement) නම් ක්‍රියාමාර්ගය  යටතේය. එහිදි, එන්නත සම්බන්ධව ඇති සියලුම සැක සංකා නිමා කර නොගත් අවස්ථාවකදී සහ ඉදිරියේදි ඇතිවන තත්ත්ව යටතේදී තවදුරටත් නිර්දේශයන් වෙනස් කිරිමේ පදනම යටතේයි.

සාමාන්‍යෙයන් සාර්ථකව ඖෂධයක් හෝ එන්නතක් ජනතාවට සුරක්ෂිතව සහ විශ්වසනීය මට්ටමට භාවිතයට ගැනීමට අවශ්‍ය පර්යේෂණාත්මක දත්ත සහ තොරතුරු ලබා ගැනීමට මීට වඩා දිගු කාලයක් ගත වෙයි. එහෙත් අපට පවතින ගෝලීය වසංගතය පාලනය කිරීමට මේ සියලු පිරිවිතර සපුරන තෙක් බලා සිටිය නොහැකි තත්ත්වයක් ඇත. මේ එන්නත් හදිසි භාවිතයට එන්නේ මේ නිසාය.

එය කෝවිඩ්19 වැනි ගෝලිය ව්‍යාධියකින් ලොව බේරා ගැනීමට  උදක්ම ඇති අවශ්‍යතාව නිසා සාමාන්‍ය පටිපාටියට පරිබාහිරව භාවිතයට නිර්දේශ වු ප්‍රතිකර්මයකි.  එහෙයින්,  අප දන්නා වසූරිය, පිටගැස්ම, ගලපටලය ආදි  රෝග වැළැක්විමට  එන්නත්වලින් ලැබුණු දායකත්වය ඒ ආකාරයෙන්ම කෝවිඩ්19 වැලැක්විමට ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. එවන් පසුබිමක, අප  බලාපොරොත්තු වන සෑම ආකාරයකම විශ්මිත ප්‍රතඵපල ඇතැම්විට මෙම එන්නතින්  නොලැබිමටද ඉඩ ඇති වට පිටාවක්ද ඇති බව අප සිතාගත යුතුය.

එමෙන්ම එන්නත ලබාදිමේදි සිදුවිය හැකි යම් තාක්ෂණික දෝෂයන්ටද යම් අවධානයක් යොමුකිරීම වැදගත්වේ.

ගතවන කාලය

එන්නත සම්බන්ධ ව මා දකින ප්‍රධානම සීමාව වනුයේ ලෝක ජනගහණයෙන්   සෑම අයෙකුම ආවරණය කිරීම සඳහා අපහට සෑහෙන කාලයක් බලා සිටීමට සිදුවීමය. සමහර  ගණනයන්ට අනුව අවම වශයෙන් ඒ සඳහා අප හට ඇතැම් විට වසර 2025 පමණ වනතෙක් බලා සිටිමට සිදුවනු ඇත.

ඇතැම් විට, ඒ කාලය වනවිට වසංගත තත්ත්වය ස්වභාවිකවම මියැදීමටද  ඉඩ ඇත.

වෛරසවල ස්වභාවය ඉතා ඉක්මනින් තම ස්වරූපය වෙනස් කර ගැනීමය. ඒ ආකාරයට අනාගතයේ ඇතිවිය හැකි  වෛරසයේ වෙනස්කම් අනුවද එන්නතෙහි ක්‍රියාකාරිත්වයට යම් බලපෑමක් ඇතිවිය හැකිය. ඒ ගැනද අවධානයෙන් සිටීම වැදගත්ය.

කොවිඩ් මෙල්ල කරන්නේ කෙසේ ද?

මෙවැනි තත්ත්වයක් හමුවේ අපි කොවිඩ් මෙල්ල කරන්නේ කෙසේද?. එය අප සියලු දෙනාට ප්‍රශ්නයක් විය හැකිය. එහිදී අප කළ යුත්තේ එන්නත් පැමිණි පසු සියල්ල අහවර යයි බලාපොරොත්තු නොදල්වා අදටත් අප අනුගමනය කරගෙන යන  සෞඛ්‍යාරක්ෂිතව සිටීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව කරගෙන යාමය.

එහෙත් දැනට අප රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගන්නේ යම් අසංවිධිත ස්වභාවයකිනි. එය අර්ථාන්විත, සංවිධානාත්මක  සහ බුද්ධිමත් ආකාරයෙන් සිදු කිරීමේ අවශ්‍යතාවක් ඇත.  ඒ අනුව එන්නත ගැනම බලාපොරොත්තු දල්වා නොඉඳ අප රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රියාවලිය යාවත්කාලීන කළ යුතුය.  එම රෝග කළමනාකරණ ක්‍රියාවලිය  වඩාත් දැඩිව සහ විද්‍යාත්මකව කළ යුතුය. මෙහිදී රෝග කළමනාකරණය කිරිම සඳහා එන්නතකට වඩා වැදගත් වනුයේ මෙම  ක්‍රියාකාරිත්වය බව සැවොම පසක් කරගත යුතුය.

අසාර්ථක දේශපාලන උපදේශකයන් ගැන තීරණයක් ගන්න

ඇත්තටම කොවිඩ් මෙල්ල කිරීම පිලිබඳව ගත් කල කවර  සමාජයක් තුළ වුවද එන්නත්කරණය යනු ද්වීතියික ක්‍රියාවලියකි. ප්‍රාථමික පියවර වන්නේ රෝගයෙන් වැළැක්වීමය.  එමෙන්ම දැනට අසාර්ථක බව දිගින් දිගටම භාවිතයෙන්ම පෙන්වා දි ඇති දේශපාලනකරණය වූ උපදේශකයන් ගැනද තීරණයක් ගත යුතුය.

අද රටට උපදෙස් දෙන්නේ විද්‍යාත්මක සහ යථාර්ථවාදී ක්‍රියාමාර්ගවලට එහා දේශපාලනිකව සිතන අවිද්‍යාත්මක උපදේශකයන්ය. ඔවුන් අසාර්ථක බව මේ වනවිට තහවුරු වී ඇත. මේ අයුරින් දිගටම පැවතුණහොත් රෝගය කළමනාකරණයට  තවදුරටත් මහජනතාව ගුප්ත විද්‍යාත්මක ක්‍රමවේද වෙත යොමුවිම වැළැක්විය නොහැකිය.

ඒ නිසා, එන්නත සම්බන්ධව ඇතිව තිබෙන ප්‍රධාන සීමාවන් කිහිපයක් ඔබ සැමගේ දැන ගැනීමටද සහ විද්‍යාර්ථීන් අතර යම් සාකච්ඡාවක් ඇති කිරිම සඳහා මෙසේ ඉදිරිපත් කරමි.

එන්නත ඵලදායී වීමට නම්….

 

එන්නතක් ක්‍රියාකාරි විම පිණිස ජනතාවගෙන් වැඩි කොටසකට එය ලබා දිය යුතුවෙයි. ඒ සඳහා සැලකිය යුතු කාල සිමාවක් ගතවනු ඇත. එම තත්ත්වයට ළංවන තෙක් එන්නත ක්‍රියාකාරී  වන බවක් නොපෙනේ.

එහිදි, සමූහ ප්‍රතිරෝධයක් ඇතිව රෝග පැතිරීම මත යම් බලපෑමක් ඇතිකිරිම  පිණිස ජනතාවගෙන් අවම වශයෙන් 65%ක් වත් එන්නත මඟින් ප්‍රතිරෝධී බවට පත්කළ යුතුය. එම තත්ත්වය ඇති කිරීම සඳහා ජනතාවගෙන් 70% ක් හෝ 75% ක කොටසකට එන්නත ලබා දිය යුතුය. මෙම ප්‍රමාණයට ළඟාවීමට එන්නත ඉලක්කගත ජනතාවගෙන් 95% කට පමණ දිය යුතුය.

දැනට කොවිඩ් වෙනුවෙන් නිර්මාණය වූ සෑම එන්නතක් අතරින් එකක් පමණක් හැර අනෙක් සෑම එකක්ම පාහේ නිර්දේශ කොට ඇත්තේ වයස 16 ට වැඩි අයටය. සාමාන්‍යයෙන් වයස 16ට අඩු අය රටේ සමස්ත ජනගහණයෙන්  25% ක් යැයි උපකල්පනය කළහොත්, ඉතිරි සියයට 75 අතරින්  සියයට 65% කට කොවිඩ්වලට එරෙහි ප්‍රතිශක්තියක් ඇති කිරීමට අඩුම වශයෙන් එන්නත් කිරිමෙහි ප්‍රතිශතය 90% ක් හෝ 95% විය යුතුය.

විශේෂයෙන් එන්නත් වැඩසටහන්වල ඉන්නා නිලධාරින් මෙවැනි එන්නත්කරණයක් කොපමණ අපහසු දැයි තේරුම් ගනු ඇත. එය  කුඩා දරුවන් එන්නත් කිරීම තරම් ලේසි පහසු නැත. එහෙත් වැඩිහිටියන් අතර කෙරෙන එවැනි වැඩසටහනක් සාර්ථක කරගැනීම ඉතා අපහසු කාර්යයක් වනු ඇත.

එමෙන්ම, එන්නත් කිරිමේ වැඩසටහනට, විවිධ දේශපාලන, ආගමික සහ   වෘත්තිය මතවාද වලටද මුහුණදීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි.  ගුප්ත විද්‍යා හෝ මිත්‍යා මතවලින් සිදුවන බලපෑම්වලට මුහුණ දීමටද  සිදුවෙනු ඇත.

විශේෂයෙන් එන්නත් වැඩසටහන ආරම්භ කොට සැලකිය යුතු කාලයක් ගතවෙනතෙක් එහි බලපෑම දක්නට නොලැබෙද්දී  සමාජ මාධ්‍යය සහ, දේශපාලන වශයෙන් විවේචන එල්ල විය හැකිය. ඒ නිසා,  එවැනි වැඩසටහනක් ගෙනයාමට සුදුසු දැනුමක් සහ පිළිගැනීමක් ඇති දැනුමැතියන් පත් කළ යුතුය. කෝවිඩ් පරිපාලනයට ගත් අය මෙන් නොවිය යුතු බව අවධාරණය කරමි. මේ සඳහා ජනමාධ්‍ය වැදගත් වැඩ කොටසක් කළ යුතුව ඇත. ඒ සඳහා තරඟයකින් තොරව ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැදගත්ය.

එන්නත් ලබා දීමේ අරමුණ…

අප සැවොම වටහා ගත යුතු තවත් වැදගත් කරුණක් ඇත.

ඒ ලොව පුරාම මෙම එන්නත ලබාදෙනුයේ රෝගය පැතිර යාම වැලැක්වීමට නොව ඉන් ඇතිවන සංකුලතා වැලැක්වීමට යන්නය. වෛද්‍ය විද්‍යාත්මකව මෙය Infection and Disease Prevention වශයෙන් හඳුන්වනු ලැබේ. මෙය බොහෝ දෙනකුට එක සමාන සේ අරුත් ගැනුණද, එහි සූක්ෂම වු වෙනසක් ඇත. මෙහි Infection එනම් ආසාදනය වීම වැළැක්වීම සඳහා එන්නතින් නිසි  ක්‍රියාවලියක් සිදුනොවේ. නමුත් එමඟින් Disease එනම් රෝග තත්ත්වයට අදාළ සංකුලතා පමණක් අඩු වේ. එනම් දැඩි සත්කාර අංශවලට රෝගීන් යොමු කිරීම සහ මරණ ගණන අඩුවිම පමණක් සිදුවේ. මේ නිසා   රෝගයට බඳුන් වන ගණන පළමුව අඩු නොවන බවක් පෙනේ.

පසුව සමූහ ප්‍රතිශක්ති  (herd Immunity)  තත්ත්වයට ළඟා වීමෙන් පමණක් රෝගී වන අය ගණන අඩුවීම සිදු වේ. මේ සඳහා අපහට සෑහෙන කලක් බලා සිටීමට සිදුවෙයි. දැනට ඇති තත්ත්වය අනුවද, කෝවිඩ් මරණ ගණන ලංකාව තුළ සාපේක්ෂව අඩු ඇති අතර, එන්නත මඟින් යම්කිසි සාධනීය වෙනසක් වීමට සෑහෙන කලක් ගතවනු ඇත.

මේ අනුව බලන කල, එන්නත මඟින්ද අප බලාපොරොත්තු වන විප්ලවීය වෙනස කෙටි කාලීනව සිදුනොවනු ඇත. එහෙත්, එන්නත ලබා ගැනීමේ කටයුතු කරන ගමන්ම, අනෙකුත් රෝග කළමනාකරණ කටයුතු කාර්යක්ෂව පවත්වා ගතයුතු බව අවධාරණය කළ යුතුය.

එමෙන්ම, තවදුරටත් මෙම ප්‍රශ්නය දේශපාලනික හෝ වෙනත් දෘෂ්ටි කෝණයකින්  නොබලා රට වෙනුවෙන් හැකි සෑම අයගෙන් උපකාර ලබාගෙන, අසාදන පාලන කටයුතු කෙරෙහි ප්‍රමුඛතාවය  ලබාදි, තම තමන්ට හැකි පමණින් මෙම කටයුත්තට සහයෝගය දිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය සරසවි කිලිනොච්චි මණ්ඩපයේ බුදු මැදුරට මැර ප්‍රහාරයක්…

Next Post

පාදෙනියට කොවිඩ් නෑ… හරිත අලුත්ගේ කියයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.