බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත්වල ප්‍රතිශක්තිකරණය ගැන අපේ පර්යේෂණ වාර්තාව දෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශට නොවෙයි… ජාත්‍යාන්තර පර්යේෂණ සඟරාවලට…

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර

by editor
ජූලි 7, 2021
in පුවත්
Chandima-Jeewandara
Share on FacebookShare on Twitter

ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට ලංකාවටත් පැමිණ ඇති බවට පසුගියදිනවලදී වාර්තා වූවේය. ඩෙල්ටා ප්‍රභේදය වාර්තා විමට සමගාමීව සංචරණ සීමාවන් දැඩි කරනු වෙනුවට එතෙක් රවේ පැවති සංචරණ සීමාවන්ගේ යම් යම් ලිහිල් බවක් ඇති වුනේය. මේ ලිහිල් වීමත් සමග කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ජනජීවිතටය ඇතිකළ හැකි බලපෑම් කවරේද යන්න පිලිබඳව අප ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දරගෙන් විමසුවෙමු. මේ ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.

  • ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකෙන්ම ඩෙල්ටා ප්‍රභේදයට ලැබෙන ආරක්ෂාව සියයට 66යි…‍ සයිනොෆාම් ගැන කියන්න පුලුවන් පර්යේෂණ වාර්තා  අප සතුව නෑ…

  • හැමෝම එන්නත් හැදුවෙ වූහාන්වල හමුවුණ වෛරස් ප්‍රභේදයට… නව ප්‍රභේද සම්බන්ධව එන්නත් හැසිරෙන ආකාරය ගැන තවම ලෝකයේ පර්යේෂණ පැවැත්වෙනවා…

  • සෞඛ්‍ය අමාත්‍යාංශය මට තහංචි දැම්මෙ නෑ… පර්යේෂණ ප්‍රතිඵල මාධ්‍යයට දෙන්න කලින් වසංගත රෝග විද්‍යා අංශයට දෙන්න කියලා ඉල්ලීමක් කළා. මම ඔවුන්ගෙ ඉල්ලීම ඉටු කළා…

ප්‍රශ්නය – ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්තවන දැඩි අවදානමක්ව පවතින ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට ලංකාවෙන් ද වාර්තා වෙනවා. එවන් පසුබිමක් තුළ රටේ පැවති දැඩි සංචරණ සීමාවන් ලිහිල් කරමින් ජනතාවට යම් නිදහසක් භුක්ති විදීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම අපට වලක්වා ගත හැකිවේවිද?

පිළිතුර – ශ්‍රි ලංකාව වැනි දුප්පත් රටකට හැමදාම සංචරණ සීමාවන් පනවා රට වසා තබන්න පුලුවන්කමක් නැහැ. මිනිසුන්ට තමන්ගේ දෛනික ආදාම් මාර්ගයන් උත්පාදනය කර ගැනීමට අවස්ථාවක් ලබා දිය යුතුයි. නමුත් එහෙම වෙනවා කියන්නේ තවත් පැත්තකින් බැලුවොත් වසංගතයට පැතිරීමට ඉඩ ලබා දෙනවා කියන එකයි. ඒ නිසා මගේ අදහන් නම් දැනට වසංගතයට තියෙන හොඳම හා එකම විකල්පය එන්නත් කරණයයි. ඒ නිසා ඔබට එන්නත ලබා ගැනීමට ලැබෙන මුල්ම අවස්ථාවේදීම එන්නත ලබාගැනීමට කටයුතු කරන්න.

ප්‍රශ්නය – ඔබ කියන්නේ ඩෙල්ටා ප්‍රභේදයෙන් බේරීමට ඇති එකම විසදුම එන්නතකරණය පමණයි කියාද?

පිළිතුර –  එංගලන්තය, ඇමරිකාව, හා ඊශ්‍රායල එන්නත්කරණය සාර්ථකව පවත්වා ගත් රටවල්. නමුත් ඔවුන්ට අදටත් ඩෙල්ටා ප්‍රභේදයෙන් යම් යම් බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා එන්නත ලබා ගත්තත් නැතත් අනිවාර්යයෙන්ම ඔබ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට මතක තබා ගත යුතුයි.

ප්‍රශ්නය – මෙරට භාවිත කරන එන්නත් වලින් ඩෙල්ටා ප්‍රභේදයටලැබෙන රැකවරණය කොපමණද?

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

පිළිතුර – මෙරට භාවිත කරන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාවෙන් ඩෙල්ටා ප්‍රභේදය මර්දනය සඳහා ලැබෙන රැකවරණය සියය 33ක් පමණයි. මෙහි දෙවන මාත්‍රාවත් ගත්තොත් 66ක පමණ ආරක්ෂා වෙනවා.

ප්‍රශ්නය- මේ වන විට විශාල ප්‍රමාණයන්ගෙන් මෙරටට ගෙන්වන සයිනොෆාම් එන්නතින් ඩෙල්ටා ප්‍රභේදයට ලැබෙන ආරක්ෂාව කෙබදුද?‍

පිළිතුර – සයිනොෆාම් එන්නත පිලිබඳව පරික්ෂණ වාර්තාවන් අප සතුව නැහැ. නමුත් ලෝකයේ බොහෝ රටවල දත්ත වාර්තාවන්ට අනුව නම් සයිනොෆාම් එන්නතත් ඩෙල්ටා ප්‍රභේදයට සතුටුදායක රැකවරණයක් ලබා දෙන බවට තොරතුරු ලැබී තිබෙනවා

ප්‍රශ්නය – මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුණ පුද්ගලයින් කොයි කොයි ප්‍රදේශයන්ගෙන් වාර්තා වී තිබෙනවද?

පිළිතුර – මුලින්ම දෙමටගොඩ ප්‍රදේශයන් පුද්ගලයින් 5 දෙනෙකු හමුවුණා. ඊට පසුව කොළඹ 2,5, 9, 10, 14, සහ අංගොඩ මානසික රෝහලෙන් සහ මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මේ වයිරසය ආසාදනය වුණු පුද්ගලයින් 14 හදුනා ගත්තා.

ප්‍රශ්නය – ඩෙල්ටා ප්‍ර‌භේදය කොපමණ වේගයකින් පැතිරෙනවාද?

පිළිතුර – ඇල්ෆා ප්‍රභේදයට වඩා සියයට 60ක වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමේ හැකියාව පවතින බවට දැනට වාර්තා වී තිබෙනවා. අනික් කොවිඩ් ප්‍රභේදයන්ට වඩා වේගයන් පැතිරෙන ප්‍රභේදය මෙය බව හඳුනාගෙන තිබෙනවා.

ප්‍රශ්නය – ඩෙල්ටා වයිරසය ආසාදිත වූවෙකුගෙන් නිරෝගි පුද්ගලයින් කී දෙනෙකුට එම වයිරසය ආසාදනය වීමේ හැකියාව පවතිනවාද?

පිළිතුර – එක් පුද්ගලයෙකුගෙන් අටදෙනෙකුට පමණ මෙම වයිරසය ආසාදනය කිරීමේ හැකියාව පවතින බවට සොයාගෙන තිබෙනවා.

ප්‍රශ්නය – ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථකව මුහුණ දීමට නම් තුන්වන එන්නත් මාත්‍රාවක් කරා යා යුතු බවට සඳහන් වෙනවා. ඒ අනුව අපටත් තුන්වන එන්නතක් කරා යාමට සිදුවෙයිද?

පිළිතුර – තුන්වන එන්නතක් ගැන සිතීමට පෙර දෙවන එන්නත් මාත්‍රාව ජනතාවට ලබා දිය යුතුයි‍. අනික තුන්වන එන්නත් මාත්‍රාවක් ගැන දැන්ම නිවැරදිව කියන්න පුලුවන්කමක් නැහැ. මොකද දැනට අපි භාවිත කරන සියලුම එන්නත් නිෂ්පාදනය කර තිබෙන්නේ චීනයේ වූහාන් නගරයේ ඇති වුණ කොවිඩ් වයිසරය පාදක කරගෙන. නමුත් ඩෙල්ටා, ඇල්ෆා වැනි ප්‍රභේදයන් මතුවුණේ ඉන් පසුවයි. ඒ නිසා දැනට දෙන එන්නත්වලින් මෙම ප්‍රභේදයන් කොපමණ දුරකට සාර්ථක වෙයිද දන්නේ නැහැ. ඒ පිලිබඳව මුළු ලෝකයම දැඩි විමසිල්ලෙන් හා පරික්ෂණවල නිරත වෙමින් සිටින්නේ.

ප්‍රශ්නය – ඩෙල්ටා සමග ඩෙල්ටා ප්ලස් ගැනත් කථා වෙනවා. අපිටත් ඩෙල්ටා ප්ලස් තර්ජනයක් වේවිද?

පිළිතුර – ඩෙල්ටා ප්ලස් ගැන කථා කරනවා වෙනුවට කොවිඩ් මර්දන එන්නත් වැඩපිළිවෙළ රට පුරා සාර්ථකව කරගෙන යාම සහ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. අපි මේ කරුණු දෙකට අනුගතව වැඩ කළොත් කිසිවෙකුට බිය විය යුතු වන්නේ නැහැ.

ප්‍රශ්නය – ජයවර්ධනපුර් විශ්ව විද්‍යාලය මගින් පසුගිය දිනවල කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයන්ගේ වාර්තාවන් මාධ්‍යයට ප්‍රසිද්ධ කලා. නමුත් දින කීපයක් සිට සෞඛ්‍ය ලේකම්වරයා ඔබට තහංචියක් පනවා තිබෙනවා. මේ තහන්චියට අනුව කිසිම පර්යේෂණ වාර්තාවක් මාධ්‍යයට නිකුත් කිරිමට ඔබට අවසර නැහැ. ඇයි මෙහෙම තහංචියක් පැනවුවේ.

පිළිතුර – මට සෞඛ්‍ය ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහන්චියක් පැනවුවේ නැහැ. මට කිව්වේ පර්යේෂණ වාර්තාවන් මාධ්‍යයට දැනුම් දීමට පෙර එය වසංගත රෝග විද්‍යා අංශය මගින් දීර්ඝව අධීක්ෂණය කළ යුතු බැවින් වාර්තාව නිකුත් වූ වහාම සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දෙන්න කියලා. ඔවුන්ගේ ඉල්ලීම මා ඉටුකලා.

ප්‍රශ්නය – කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණයන් සිදුකරනවා . මේ පර්යේෂණ වාර්තාත් සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍යයට නිකුත් කිරිමට වලකාලයිද?

පිළිතුර – කොවිඩ් එන්නත්වලින් ප්‍රතිශක්තිය කොපමණ ප්‍රමාණයන්ගෙන් නිපදවෙනවාද කියලා අපි පර්යේෂණයන් සිදුකරනවා. මේ වන විට ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, හා සයිනෝෆාම් එන්නත් පර්යේෂණය කරමින් සිටිනවා. නමුත් මෙම පර්යේෂණයන්ගේ ප්‍රතිපල අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දීමේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. මොකද අපි මෙය කළේ අපේ පර්යේෂණයක් විදිහටයි. අපි එම වාර්තාවන් ජාත්‍යන්තර පර්යේෂණ සඟරා වෙත නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් වැළඳුණු දෙහිවල සිංහයා තෝර්ට නිවුමෝනියාව…

Next Post

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ නැංවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.