එජාපය එක්ක හැංගිමුත්තන් කළ රෝසි යළි සිරිකොතේ පෙනී සිටී

දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයෙන් වසන් වී සිටි එසේම තම නගරාධිපති ධුරය අහිමි වීමේ ඉරණමට ලක්ව සිටි කොළඹ පුරපනිනි, රෝසි සේනානායක මහත්මිය අද දීර්ඝ කාලයකට පසුව එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයට පැමිණි බව වාර්තා වේ.

නාගරික මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කර තිබූ මෙම රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එයට සහභාගී වූ රෝසි සේනානායක මහත්මිය තම අදහස්ද රැස්වීමේදී ඉදිරිපත් කළ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇයගේ පුත්‍රයා මෙවර ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙසින් ඉදිරි මහමැතිවරණයට තරග කරන අතර සේනානායක මහත්මිය පසුගි කාලය තුළ සහය ලබා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතාටය.


කෙසේ වුවද පකෂයේ රැස්වීම්වලට සහභාගී නොවීම, ඇතැම් ස්ථානවල දී පක්ෂය විවේචනය කිරීම මෙන්ම අවශ්‍ය සහය ලබා නොදීම හේතුවෙන් ඇය නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායකයන් අතර පසුගිය කාලයේ කතා බහට ලක් වූ අතර ඇය ඉන් පසුව ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බවද වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඇය යළිත් එජාප මහගෙදරට පැමිණීමේ අරමුණ කුමක් විය හැකිද යන්න පිළිබඳව රැස්වීමට සහභාගී වූ මහජන නියෝජිතයන් අතර කතාබහක් ඇති වූ වව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version