මේ රටේ සිදුවූ අතිශය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වූ ගන්නෝරුව අප ජල ව්‍යාපෘතිය රාජ්‍ය උත්සව සහිතව දෙවරක් විවෘත කළ පුවතක් වාර්තා වේ.
මුලින්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සුබ මොහොතින් විවෘත කළ මෙම අප ජල ව්‍යාපෘතිය ඊට පසු දින අගමැති, ජලසම්පාදන ඇමති, රාජ්‍ය ඇමතිවරුන්වන සනත් නිශාන්ත සහ දිළුම් අමුණුගම ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් විසින් නැවත විවෘත කළ ඒ සිද්ධිය වාර්තාවන ආකාරයට මෙසේය.
ජපන් ජාත්‍යාන්තර සහයෝගීතා ආයතනයේ ණය ආධාර සහිතව ජපන් හා ශ්‍රී ලංකා ඉංජිනේරු තාක්ෂණයෙන් යුතුව රුපියල් මිලියන 22,588 ක මුදලක් වැය කරමින් ගන්නෝරුවේ අප ජල ව්‍යාපෘතියක් නිම කර තිබිණි.
මෙරට සිදු වුන දැවැන්ත පාරිසරික මෙන්ම සනීපාරක්ෂක සංවර්ධන ක්‍රියාවලියකට පසුබිම් සැපයූ මෙම ව්‍යාපෘතිය පිළිබඳ මූලික යෝජනාව වර්ෂ 2000 දී පමණ මතු වුවත් එය ගිවිසුම්ගතව ආරම්භ කරන්නේ වර්ෂ 2015 දී ය. ඉදිකර නිමා කරන්නේ වර්ෂ 2021 දී ය.
මහනුවර නාගරික ජනගහණයෙන් 55,000 ක පිරිසක් මෙන්ම 150,000 ක සංක්‍රමණික ජනගහණයක් මෙහි ප්‍රතිලාභීන් ලෙස හඳුනාගෙන තිබිණි . මහනුවර නාගරික බල ප්‍රදේශයේ හා යටිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 26ක් මේ අප ජල ව්‍යාපෘතියෙන් ආවරණය වූයේය.
මෙම ඉදිකිරීම නිමා කළ පසු ව්‍යාපෘතියේ ජල පිරිපහදු ගොඩනැගිල්ල සහ ජල පිරිපහදුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ප්‍රධානත්වයෙන් 16 දා පෙරවරුවේ සුබ මොහොතින් විවෘත විය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදෙයකී , JICA ආයතනයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහනුවර මහ නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක, නියෝජ්‍ය නගරාධිපති ටී.එම්. ඉලාභි ආබ්දීන්, විපක්ෂ නායක සේන දිසානායක, ඇතුළු මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
එම අවස්ථාවේදී, එම මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන ට්‍රක් රථ ඇතුළු වාහන සහ ක්ෂේත්‍ර නිළධාරීන් සදහා අවශ්‍ය කෙරෙන යතුරු පැදි බෙදා දීමක් ද සිදු විය.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
අනතුරුව මේ විවෘත කළ ව්‍යාපෘතිය ඊට පසු දා, එනම් ඊයේ (17) යළිත් වරක් අගමැති මහින්ද රාජපක්ෂ, ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර, සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ග්‍රාමීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැති ඇමැතිවරුන්ගේත්, ජලසම්පාදන සහ ජලාපවහාන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජලසම්පාදන අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දුවික්‍රමගේත් සහභාගීත්වයෙන් යළිත් රාජ්‍ය උත්සවයක් ලෙසින් විවෘත වූයේය.