අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඩොලර් බිලියන 07ක වන්දිය පළාතකවත් නෑ !  පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

by editor
නොවැම්බර් 30, 2022
in පුවත්
x-press-perl
Share on FacebookShare on Twitter
  • ඩොලර් බිලියන 07ක වන්දිය බිලියන 03ට බැහැලා… ඒ අතරෙ නීතිපති දෙපාර්තමේන්තුව වන්දි මුදල රුපියල්වලින් ගන්න එකඟ වෙලා… පරිසර අපරධයට තවම නඩු පවරා නෑ… ඇමති අරුන්දික කියයි.

ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් විශාල වන්දි මුදලක් අපට ලබා ගැනීමට තිබුණත් එම මුදල කීයක්ද සහ ලැබෙන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව කිව නොහැකි බවත් මීට අදාළ නඩු පැවරීම් තවමත් සිදුව නැති බවත් වරාය සහ ගුවන් තොටුපළ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම නැවෙන් සිදුවූ පාරිසරික හානිය පිළිබඳව තවමත් නිසි තක්සේරුවක් සිදු ව නැති අතර සමස්ත හානිය වෙනුවෙන් ලබා ගන්නට ගිය ඩොලර් බිලියන 7ක මුදල දැන් ඇමෙරිකානු ඩොර් බිලියන 3කට අඩුව ඇති බවත් මෙම නඩු පැවරීම් ක්‍රියාවලිය සිදු කළ යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව මඟින් බවත් අනාවරණය කළේය.

අද පෙරවරුවේ ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට දීර්ඝ ලෙස පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මෙම නැවෙන් සිදුවූ හානි සඳහා වන්දි ලෙස මෙතෙක් ලැබී ඇත්තේ ධීවරයින්ට එම පරිසර හානිය හේතුවෙන් ධීවර කටයුතු නතර කිරීමට සිදුවූ දිනවලට අදාල ව තක්සේරු කල වන්දි මුදල පමණක් බවයි.

අදාල නැව රකෂණය කර ඇති රක්ෂණ  සමාගම විසින් මෙම මුදල ගෙවන ලද අතර ඒ අනුව ගම්පහ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ධීවරයන් 4888ක් සඳහා ගම්පහට රුපියල් මිලියන 348, කොළඹ ට මිලියන  335 මෙන්ම ගම්පහට 781 වශයෙන් වන්දි ගෙවා  ඇතත් පූර්ණ වන්දි ලබා ගැනීමේ කටයුතු තවමත් සිදුව නැතැයි පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ කීවේය.

“ එක්ස්ප්‍රස් පර්ල් ගිනිබත් වීමෙන් මීගමුවේ සිට කළුතර පානදුර දක්වා වූ කිලෝමීටර් 65ක් පමණ සීමාවේ ධීවරයින්ට තහනමක් පැනවූ නිසා අසරණ වූ ධීවර පවුල් සංඛ්‍යාව සඳහා වන්දි මුදල ගණනය කරලා තියෙනවා. හානි තක්සේරුව එක් එක් ප්‍රදේශවලට වෙන් වෙන්ව තියෙනවා. ඔවුන්ට ගෙවා ඇත්තේ  ඇස්තමේන්තු කළ වන්දි මුදලෙන් කොටසක් පමණයි.     නැව් සමාගමට අයිති අයත් එක්කත්, නීතිපති දෙපාර්තමේන්තුව එක්කත් අපි සාකච්ඡා කළා.“

“අනෙක මෙම වදි මුදල ලබා ගැනීමේදී මගේ  ස්ථාවරය වුණේ වන්දි මුදල ඩොලර්වලින් ගෙවන්න ඕනේ කියලා. නමුත් නීතිපති දෙපාර්තමෙන්තුව මේ සාකච්ඡාවලදී එම වන්දිය  රුපියල්වලින් ගන්න එකඟ වෙලා.“

“අපට වන්දි වශයෙන් විශාල මුදලක් ලබා දෙන්න තියෙනවා. වන්දි ඉල්ලීම සම්බන්ධයෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමට දැනුම් දී තිබුණ ද මෙතෙක් ඔවුන් ධීවර ප්‍රජාවට ලබා දිය යුතු සමස්ත වන්දි මුදල සම්බන්ධයෙන්වත්  දැනුම් දී නෑ. “

“මේ සම්බන්ධයෙන් නැව් සමාගම, රක්ෂණ ආයතනය හා නැව් සමාගමේ නීති උපදේශන ආයතනය සමඟ කටයුතු කරමින් සිටින නිසා වන්දි මුදල් ගෙවා අවසන් වෙන ස්ථිර දිනයක් දැනුම් දිය නොහැකියි. “

“මෙහි කිසිදු බේරුම්කරණ ක්‍රියාවලියක් නෑ.  වන්දි වශයෙන්  මුලදී ඩොලර් බිලියන  7ක් විතර කතා කරලා දැන් එය බිලියන 3ට බැහැලා. මේකට නඩුව දාන්න ඕනේ. මේක අපරාධයක්.“

“මේ සම්බන්ධයෙන් අපිට දැනුම නෑ කියලා විපක්ෂ නායකවරයා කිව්වා. ඒක පිළිගන්නවා. ඒ නිසයි ඕස්ට්‍රේලියානු සමාගමකින් අදාල උපදෙස් ගන්නේ. ඒකටත් මිලියන ගාණක් ගෙවනවා. “

“එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවුනු පරිසර හානිය තක්සේරු කරන්න අවශ්‍ය විශේෂඥ දැනුම අපිට නැති වුණත් අපි මේ සම්බන්ධයෙක් කමිටු කීපයක් පත් කරලා ඕස්ට්‍රේලියානු  සමාගමක් එක්ක එකතු වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළා. “

“විශේෂයෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නිසා සිද්ද වෙච්ච පරිසර හානිය තක්සේරු කිරීමට හා මොරටු විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යන පීඨයේ පීඨාධිපති මහාචාර්ය අජිත් ද අල්විස්  හා මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ පාරිසරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සම සභාපතිත්වයෙන් 40 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් එකතු වෙලා පාරිසරික බලපෑම් තක්සේරුකරණය කරමින් පවතිනවා. “

“තවමත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ සම්පූර්ණ හානිය තක්සේරු කර නෑ. අදාළ නෞකාව ගිලී පවතින නිසාත් තවමත් හානි සිදුවෙන නිසාත් අබලි නෞකාව ගොඩට ගන්නා තුරු සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීමට අපහසුයි. “

“අන්තර් පරිසර වාර්තාව නීති කෘත්‍ය කිරීමට ඉදිරිපත් කිරිමෙන් පසුව එම වාර්තා සභාවට ඉදිරිපත් කරනවා. “

“නෞකාව ගිනිබත් වීමෙන් පසු කෙටි කාලීන හා දිගු කාලීන හානිය වළක්වා ගැනීම සඳහා අපි මේ වන විට පියවර අරගෙන තියෙනවා.“

“ගිනිබත් වූ වහාම හදිසි තෙල් විසිරීමකදී ක්‍රියාත්මක කරන ජාතික සැලැස්ම ක්‍රියාත්මක කරන ලදී තෙල් තට්ටුව ගමන් කරන ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා මොඩ්ලින්ග් යෙදීම සංවේදී පරිසර කලාප ආරක්ෂා කිරීම සඳහා බාධක හෙවත් බූම් යෙදීම කළා.  විසිරුණු ප්ලාස්ටික කොටස් වලින් සිද්ද වෙන කෙටි කාලීන හා දිගුකාලීන හානිය අවම කිරීමට විධිමත්ව හා  කඩිනම්ව වෙරළ තීරයන් පිරිසිදු කළා. අපවිත්‍ර වූ වෙරළ තීරයන් දෛනිකව හඳුනාගෙන  මිනිස් දින 98971 යොදවමින් දින 441 පුරා සිදු කරන ලද අපද්‍රව්‍ය මෙට්‍රිික් ටොන්  1725ක් ගබඩා කර තිබෙනවා.  නෞකාවෙන් වෙන් වූ කන්ටේනර් කොටස් ඉවත් කිරීම නෞකාවේ අයිතිකාර සමාගම විසින් යෙදවූ රිසෝල්ට් මැරීන් හරහා සිදු කරනු ලැබුවා.   එය විශේෂ විධානයන් ලබා දෙමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ සිදු කළා.“

“අබලි නෞකාව ගොඩගැනීම අයිතිකාර සමාගම විසින් යෙදවූ ෂැංහයි සැල්වෙජ් කම්පැනි හරහා සිදුවෙනවා. දිනෙන් දින පරිසර හානි වෙනවා. අධීක්ෂණ සිදු කිරීම සඳහා පහසුකම් සලසන්න යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී නැහැ.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනුවන්ගෙන් නැව් ගුටි…. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 314ක ජයග්‍රාහී ඉලක්කයක්!

Next Post

ජනවාරියේ සිට විදුලි බිල යළි වැඩිවෙයි… පවතින බිලට වඩා සියයට 70ක වැඩිවීමක් ලංවිම ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.