එක්ප්‍රස් පර්ල් නැවේ බලපෑම හේතුවෙන් යැයි සැක කෙරෙන කැස්බෑ මරණ 28ක් ගතවූ සති දෙකක කාලය තුළ පමණක් වාර්තා වී ඇති බව වාර්තා වේ.
මෙසේ මියගිය කැස්බෑවන් 28 අතර බටු කැස්බෑවන් 07 ක්, පොතු කැස්බෑවන් 04 ක් සහ ගල් කැස්බෑවන් 04 ක් ද වන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කරයි. ආසාදිත තත්ත්වයෙන් පසුවන කැස්බෑවන් දෙදෙනෙකු මේ වනවිට පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඇත.
මෙසේ සැක සහිත ලෙස මිය ගිය මුහුදු ජීවීන් අතර ඩොල්ෆින් මත්ස්‍යයන් 05ක්, පරා, ගල් මාළු, මුහුදු ආඳන් හා වෙරළ ආසන්න පක්ෂීන් වර්ග රැසක්ද සිටින බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කරයි.
මිය ගිය කැස්බෑවන් සහ ඩොල්ෆින් මත්ස්‍යයින් වැල්ලවත්ත, දෙහිවල, මොරටුව, එගොඩඋයන, පානදුර, කොස්ගොඩ, ඉදුරුව, ගාල්ල, උණවටුන, කුඩාවැල්ල, මාරවිල සහ තුඩුවාව යන වෙරළ තීරයන්වලට ගොඩගසා තිබේ. මන්නාරම වෙරළ තීරයටත් එක් කැස්බෑ සිරුරක් ගොඩ ගසා ඇත.