fbpx
බ්‍රහස්පතින්දා, මාර්තු 23, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

by editor
ජනවාරි 30, 2023
in පුවත්
562 6
Share on FacebookShare on Twitter

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

2023 ජනවාරි 23 වැනි දින සිට පෙබරවාරි 17 වැනි දින දක්වා උසස් පෙළ විභාගයට අදාළ කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කොමිසම හමුවේ ඇති කර ගත් එකඟතාවට අවනත වී නොමැති බව මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා අපහාස කිරීමේ වරදට වරදකරු බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
උසස් පෙළ සිසුන්ට විභාග කාලය තුළ අඛණ්ඩ විදුලිය ලබාදීමට ඉහත පාර්ශ්වයන් එකඟතාවකට පැමිණියද ලංකා විදුලිබල මණ්ඩලය හිතාමතා සහ ද්වේෂසහගත ලෙස එම සමථය නොතකා විදුලිය විසන්ධි කිරීම අඛණ්ඩව සිදු කළ බවට කොමිසම චෝදනා කරයි.

විභාග කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට විදුලිබල මණ්ඩලයේ ඉහත සඳහන් සමථය අමු අමුවේ නොසලකා හැරීම ළමා අධ්‍යාපන අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස කොමිසම සලකයි.

විදුලිය ලබාදීමට අර්ථවත් ක්‍රම ඇති බව කොමිසම හමුවේ පිළිගෙන එම පදනම මත පිහිටා සිටිය දි විදුලිබල මණ්ඩලය එම සහතිකය නොසලකා හැර විදුලිය විසන්ධි කිරීමට කටයුතු කළ බවට මානව හිමිකම් කොමිසම චෝදනා කරයි.
ලංවිම රාජ්‍ය නිලධාරීන්ගේ නොගැලපෙන සහ සාහසික හැසිරීම හිතාමතාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහයුක්තියට කළ අපහාසයක් ලෙස කොමිසම සලකන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකගේ නිවේදනයක දැක්වේ.

RelatedPosts

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මෙම මැදිහත්වීමේ ඒකායන අරමුණ පුරවැසියන්ගේ සහ විශේෂයෙන් උසස් පෙළ අපේක්ෂකයින්ගේ නිසි ගෞරවය සහ එහි පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්සහතික කිරීම පමණක් බව කොමිසම නැවත අවධාරණය කරන අතර, රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහය පිළිබඳව සහතික කරයි.

Tags: නවතමවිශේෂ
Share90Tweet56
Previous Post

උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Next Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Related Posts

Bandula-G
පුවත්

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

මාර්තු 22, 2023
පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
Next Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Bandula-G

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

by editor
මාර්තු 22, 2023
0

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….
  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist