අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට අවස්ථාව නොලැබෙන සිසුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල මඟින් මෙරටදී උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා පොලී රහිතව ලක්ෂ 11ක බැංකු ණය පහසුකම් සැලසීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත සියඹලාපිටිය මහතා පවසයි.
ඉහළ ඉසෙඩ් අගයක් සහිත සිසුන්ට මෙම අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මින් පෙර ද උපාධි පාඨමාලා හැදෑරීම පොලී රහිතව රු. ලක්ෂ ක ණය මුදලක් ලංකා බැංකුව මඟින් සිසුන්ට පිරිනැමූ අතර නව වැඩපිළිවෙල යටතේ උපාධි පාඨමාලා හැදෑරීම රු. ලක්ෂ අටකුත් එදිනෙදා වියදම් සඳහා රු. ලක්ෂ 3කුත් ලෙසින් රු. ලක්ෂ 11ක් ලබා දීමට පියවර ගන්න බව ද සියඹලාපිටිය මහතා පැවසීය.
මේ ණය මුදල මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින්ද සිසුන්ට දීමට හැකි ලෙස එය පුළුල් කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සිසුන් 5000කට මේ ණය පහසුකම සැලසීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.
විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව වසරක කාලයක් ගත වීමෙන් පසු රැකියාවක යෙදෙමින් ණය ආපසු ගෙවීමට හැකි ලෙස වැඩසටහන් සකස් කර තිබේ.