ශ්‍රියානි විජේසිංහ
අයහපත් කාලගුණය හේතුවෙන් ලබන සදුදා දක්වා කල් දමා තිබු අපොස උසස්පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමා දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කරයි.
උසස්පෙළ විභාගයන් පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දීමට නියමිත බවද ඇය අවදාරනය කරයි.
අයහපත් කාලගුණික තත්තවය හේතුවෙන් විභාග මධ්‍යස්ථානයන් ජලයෙන් යටවී ඇති බවත් මාර්ගයන් බොහෝමයක් න්‍යායාම හේතුවෙන් ගමනා ගමන කටයුතු අවහිර වී ඇති බැවින් මෙම තතත්වයන් යහපත් වූ පසුව දිනවකවානු ප්‍රකාශයට පත් කල හැකි බවද ඇය සඳහන් කරයි.
මීට අමතර දිස්ත්‍රික් 14ක මධ්‍යස්ථාන 15ක සිදුකරමින් තිබු විභාග ඇගයීම් කටයුතුද නතර කර දැමූ බවත් නැවත ආරම්බ කරන දිනයන් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවද විභාග කොමසාරිස්වරිය පැවසුවාය.
මීට අමරතම දෙසැම්බර් 5 වන දින පැවැත්විමට නියමිතව තිබු 12වන වසරේ තොරතුරු තාක්ෂණ විභාගයද දින නියමියක් නොමැතිව කල් දමා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්විමට නියමිතව තිබු තරඟ විභාගයන්ද නොපවැත්වෙන බවත් එය පවත්වන දිනයන් ඉරියේදී ප්‍රකාශයට පත්කරන බවත් ඇය පැවසුවාය.
දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දරුවන් ඉතාමත් පරිස්සම් සහගත සිටින ලෙසත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ද තම ආරක්ෂාව ගැන වඩාත් සිතමින් කටයුතු කරන ලෙසත් ඇය විශේෂ ඉල්ලිමක්ද කළාය.







