බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“උමා ඔය” මායිමේ මහපොළොව කම්පාවන හැටි… කරඳගොල්ලේ විපත දකින්න වඩේ චාමරලාට වඩා වෙනස්   වෘත්තිකයින් අවශ්‍යයයි…

by editor
අප්‍රේල් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

කඳුකරයට වැස්ස නැත. ඒ කාලගුණයේ ස්වරූපය දියතලාවේ  ෆොක්ස් හිල් රෙස් එක ජීවිත 07ක් බිලි ගනිමින් කියා දුන්නේය. ඒ පොළොවේ පැයක් වතුර නොගැසූ විට දූවිලි වලා විහිදෙන්නේය.

ඒත් ඊට නුදුරින්  ඇල්ල කරඳගොල්ල දහය කනුව ප්‍රදේශයේ අසාමාන්‍ය දිය දහරා  මතුවෙමින් ඇත. වැහි පොදක් නැත. එත්  එක සීරුවට      රොන් මඩ සහිත දිය කඳක් ගලා යමින් ඇත.

මේ වනවිට පැහැදිලිව පෙනෙන ලෙස අක්කර දෙකකට ආසන්න ප්‍රදේශයක් ගිලී බැස තිබෙ. ගස් ගල් පෙරළී ගොස්    දැවැන්ත නායේ යෑමක් සලකුනු මවන්නේය.

ගස් පෙරළී ගොස් ඇති අයුරු…

මිනිස්සු කම්පනයට පත් වන්නේ මේ විපත සලකුනු වන්නේ උමා ඔයේ දැවැන්ත දිය උමග විවෘත වීමෙන් පසුව වීමය.

මේ නායේ යෑම සක්‍රීය වන්නේ පසුගිය 25 වැනිදා අලුයමය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“වැස්ස තිබුණෙ නෑ. අපේ ගෙට පහළින් තියෙන කුඹුර හේදි හේදි ගසුත් එක්ක යනවා. හැමතැනම වතු උනනවා. මොකද කියලා අපි හරියට දන්නේ නෑ. ” ගැමි ගැහැණියක් හඬාවැටෙමින් කීවාය.

“2019 දි මේ භූමිය ඉරිතලා පහත් වුනේය.  අයින් වෙන්න කිව්වට පස්සේ අපි අයින් වුනා.. මේක මේ උමා ඔයේ කේස් එකක් කිව්වට කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. ඇත්තම කියනවා නම්  ප්‍රාදේශීය ලේකම් තුමාවත්   අපෙන් අහලා නෑ මෙච්චර කාලයකට මොකද වුණේවත් කියලා. “ ගිලා බැස ඇති නිවස අසල හිඳගෙන ගැමියෙක් කියනු අසා සිටියෙමි.

ගල් මඩ සහිත පසත් සමග පෙරළී යමින්….

“ටනල් එක පුරවන්න ගත්තාට පස්සෙ තමයි මේක උනේ.  අපි ඉන්න හරිය දැන් අඟල් දෙකක් විතර ගිලා බැහැලා.    ටනල් එකෙන් ලෙකු වතුර පාරක් ප්‍රෙෂර්  වෙනවා. මේ ඉඩම්වල  අක්කර එක හමාරක් විතර දැනට  ඉරිතලලා පුපුරලා ඉවරයි.  දැන් මේක යන්න පටන් අරන් තියෙන්නේ. “ තවත් අයෙක් පැවසුවේය.

මේ වනවිට නායේ යෑම සක්‍රීය වුන ප්‍රදේශයෙන් පවුල් 08ක් ඉවත් කර ඇත. ගැටලුව ඇත්තේ මේ මහා ව්‍යසනය වුනොත් ඇල්ල වැල්ලවාය පාරට සිද්ධවන ව්‍යනසය ය. එසේ වුවහොත් විපත කොතැනින් කෙළවරනු ඇතිදැයි අපට වැටහෙන්නේ නැත.  ඇල්ල මුල් කරගෙන මේ වනවිට ගොඩනැගෙන සංචාරක ව්‍යාපාරය මුලින්ම හමාරය. ජන ජීවිතයට සිදුවනු ඇති ව්‍යසනය  මුදලින් ගණනය කළ හැකි යැයි නොසිතමු.

ගලා එන දිය කඳ..

නායෙ යන කොටස පිහිටලා තියෙන්නෙ උමා ඔය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ඩයරබා ජලාශයට කිලෝ මීටර 2.5ක් පමණ පහලිනි.

ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ  උදය කුමාර දැනට කියන්නේ  මේ නායේ යෑම සක්‍රීය වීමට හේතුව සෑහෙන කලක් තිස්සේ සිදුවන අයහපත් භූමි පරිහරණය බවය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ භූගත ජල පද්ධති සක්‍රීය වීමය. ඔහුට අනුව මේ නායේ  යෑම් සක්‍රීය වීම උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවන බව කීමට විද්‍යාත්මක සාක්ෂි නැත. මේ නායේ යෑම සක්‍රීය වුවහොත් ඇල්ල වැල්ලවාය මාර්ගයට සිදුවිය හැකි අනතුරට කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසදුම් සඳහා කටයුතු සිදුකෙරමින් තිබෙන බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අපට සහතික වන්නේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අනුව  පසුගිය වසරේ ඇති වූ වර්ෂාව හේතුවෙන් මේ ප්‍රදේශයේ අක්කර 15ක පමණ කන්ද බිඳවැටිමක් හෙවත් පහළට තල්ලුවීමක් සිදුවී ඇත.ෙ ඔවුන්ට අනුව ද  යළි නායෙ යෑම් අවදානම මතු වී ඇත්තේ මෙම ස්ථානයේ අවිධිමත් භූමි පරිහරණ ස්වභාවය සහ එම ප්‍රදේශයේ මතුපිට සහ අභ්‍යන්තර ජලවහන පද්ධතිය මත  පදනම් වූ සාධක මතය.

බදුල්ල දිසාපති පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මාධ්‍යයට කීවේ මේ වනතුරු කිසිම ජල විද්‍යාත්මක පර්යේෂණයක් සිදුවී නැති නමුත්  ලබන බදාදා  සියලුම ක්ෂේත්‍ර ආවරණය කරන අධ්‍යයනයක් කර සිද්ධිය පිළිබඳ විද්‍යාත්මක  වාර්තාවක් ලබා ගැනීමට    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක්  එම ස්ථානය වෙත පිටත් වී යෑමට නියමිත බවය.

එම ස්ථානයේ දැනට සිදුකර ඇති පරික්ෂණ ඇසුරින් විද්‍යාත්මක වාර්තාවක් ලබන සතිය තුළ ලබා දිය හැකි බව එම සංවිධානයේ භූ විද්‍යා සහ  නායෙ යෑම් අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස සඳහන්  කළේය.

ඇදහැලෙන රොන් මඩ ප්‍රවාහය…

මේ රටේ භූ විද්‍යාව පිළිබඳ ප්‍රමාණිකයන් අතර සිටින ප්‍රධානම විද්වතෙක් ලෙස සැලකෙන මහාචාර්ය අතුල සේනාරත්න මේ තත්ත්වය පිළිබඳ කියන්නේ අපූරු කතාවකි. ඔහුට අනුව මහලොකුවට ගණන් ගැනීමට සිද්ධියක් වී නැත. ජල නල පද්ධතියක වතුර එනවිටත් ලීක් වෙන්නේය. ඒ නිසා උමා ඔයේ ටනල් එකේ ලීක් එකක් සිදුවී ඇතැයි සිතන්නේ නම් එය ගණන් ගත යුතු තරමේ සිද්ධියක් නොවේ. ලෝකයේ හැම තැනම  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත්වන විට මෙවැනි දේ  සිද්ධ වන්නේය. ඒ ලීක් ඇත්නම් ඒවා ගොඩදමා ගැනීම පහසුය. ඒ සඳහා තාක්ෂණය ද ඇත.

පොදුවේ නිරීක්ෂණයවන කාරණාවක් ඇත. මේ සෑම විවරණයක් පසුපසම ගිල ගැනීමට හදන මොකක්දෝ එකක් තිබෙන බවය. සමහර විද්වතුන්ගේ විද්වත් භාවය යටගොස් සැඟවුන දේශපාලන වෛරයක් ඉස්මතු වනබවය. ස්ඵර්ශ කළ හැකි ඇත්තට ආමන්ත්‍රණය කිරීමට නොහැකි භීතියක් ඇති බවය. මේ තත්ත්වය තුළ විද්‍යාත්මක අධ්‍යයනයක් වුවද සබෑ මානයන් ස්ඵර්ශ නොකර සංකෝචනය වන්නට ඇති ඉඩ පිළිබඳව ඉවක් දැනෙමින් ඇත.

මේ වග අවධාරණය කළ යුත්තේ එබැවිනි.  බදාදා කරඳගොල්ලට පැමිණෙන විද්වතුන්ගේ විද්වත් භාවය සහ වෘත්තිකබව පිළිබඳ පෞරුෂය හෙට දවසේ ජාතියේ ඉරණම තීරණය කරනු ඇත. මක් නිසාද යත්  ව්‍යසනයට හේතුවූ මූලයන් පිළිබඳවත්  ඊට ගතහැකි ප්‍රතිකර්ම  පිළිබඳවත් සිදුකරන විද්‍යාත්මක තහවුරුව  දැන් රටට වැදගත් බැවිනි.

දැඩි නියං සමයක දිය උල්පත් සක්‍රීය වී නායේ යෑමේ මූලික සංවේදන නිකුත් කරමින් ඇත. ඒ දිය උල්පත් සක්‍රීය වීම සහ උමා ඔය උමගට ජලය පිරවීම අතර අවස්ථා සම්බන්ධයක් ප්‍රදේශයේ ගැමියෝ දකිති. ඒ බව ඔවුහු සහේතුකව කියති. මේ පිළිබඳව සාධාරණ විද්‍යාත්මක විවරණයක් අවශ්‍ය ය. ඇස් මානයේ පෙනෙන්නේ  මේ  උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට අවතැන් වී ඇති  පවුල් දහස් ගණනක් ජීවිත ඛේදවාචකයේ තවත් දිගුවක් නම් එය සංකීර්ණ ව්‍යසනයකින් කෙළවර විය යුතු නැත.

ව්‍යසනයට ලක්වීමට නියමිත ඇල්ල වැල්ලවාය මාර්ගය…

අප පැහැදිලි කරගත යුතුය.  උමාඔය ව්‍යාපෘතිය දැන් සක්‍රීය ය. එය අත්හිටුවිය නොහැකි යථාර්ථයකි. නමුත් එය උපදවන ප්‍රතිලාභ සඳහා සොබාදහමින්  මිලක් ඉල්ලනවා නම් එය රට ඉදිරියේ පිළිගෙන ඊට ප්‍රතිකර්ම කළ යුතුව තිබේ.      .

එසේ නැතිව මහපොළොවේ ඇත්ත මගහැර  ඉලෙක්ෂන් කටේ  විකල් වී සිටිනා දේශපාලකයින් සම්බාහනයට   බදාදා කරඳගොල්ලට එන විද්වත් වෘත්තිකයින් යතන දරන්නේ නම් ඔවුන් සහ බදුල්ලේ වඩේ චාමර අතර වෙනසක් රටට නොපෙනෙනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අඩු ආදායම් ලාභීන්ට දුන් ජරා හාල් ගැන හෙළිකළ වින්දිත පුද්ගලයා පොලිසියට කැඳවයි…

Next Post

රජයෙන් අඩු ආදායම්ලාභීන්ට බෙදන හාල් කුණු වී ඇති බවට   උතුරෙනුත් පැමිණිලි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.